ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ගෙවීම් ඉහළ දමයි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගාස්තු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ බවත් ක්‍රීඩකයන් 41 දෙනෙක් වාර්ෂික කොන්ත්‍රාත්තුවට ඇතුළත් කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 10 May 2024
කට්ටි පැන්න කොන්ත්‍රාත්කාරයන්ට කෝටි හතක් පුදලා සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත. 10 May 2024
සභාපතිකම ඉල්ලා මෛත්‍රි උසවි යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ අතුරු නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා අභියාචන පෙත්සමක් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිවිල් අභියාචන මහාධිකරණය හමුවේ අද (10) ගොනු කළේය. 10 May 2024
වලස්මුල්ල රෝහලට අකුණු සැරෙන් හානි වලස්මුල්ල මූලික රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට අකුණු සැර වැදීමෙන් එම ඒකකයට දැඩි හානි සිදුව ඇති බව වලස්මුල්ල පොලීසිය පවසයි. 10 May 2024
බෙහෙත් බඩු කඩෙන් කප්පම් ගත් පොලිසියේ තුනක් මාට්ටු මෝදක ගුලි අලෙවි කළේ යැයි කියන සිංහල බෙහෙත් බඩු වෙළඳසල් හිමියා අත් අඩංගුවට නොගෙන මුදා හැරීමට රුපියල් ලක්ෂ එක හමාරක් ගත් බව කියන පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 10 May 2024
ඩයනාගේ පෙත්සමට දින දෙයි පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට සමගි ජන බලවේගය ගත් තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කර තිබූ පෙත්සම මේ මස 28 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළේය. 10 May 2024
බස් - ත්‍රිරෝද අනතුරින් අයෙක් මරුට:හතරක් රෝහලට බදුල්ල - මහියංගණ - මාර්ගයේ පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේ දී - ශ්‍රී ලංගම බස් රථයක් හා ත්‍රීරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයකු මියගොස් සිව්දෙනකු බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි . 10 May 2024
සිවිල් භටයන්ට පඩිය ආපහු? යුද්ධයේදී මියගිය හා පූර්ණ ආබාධිත තත්වයට පත් වූ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්ට වයස 55 සම්පූර්ණවීමෙන් පසු අහිමි වූ වැටුප නැවත ලබාදීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ විශේෂ අවධානය යොමුවී ඇත. 10 May 2024
තුර්කියට ගොඩබාද්දී යානයේ ටයරයක් පුපුරලා තුර්කියේ මධ්‍යධරණී මුහුද අසල පිහිටි අලන්යා නගරයේ ගසිපාසා ගුවන්තොටුපොළට ගොඩබෑම යද්දී තුර්කි මගී ගුවන් යානයක් අනතුරට පත්විය. 10 May 2024
පිස්තෝලයක් පෙන්වා රන්භාණ්ඩ අලෙවිසැල කොල්ලකාලා හෝමාගම නගරයේ පිහිටි රන් භාණ්ඩ ආයතනයකට පිස්තෝලයක් අතැතිව යතුරු පැදි දෙකකින් අද (10) දහවල් පැමිණි නාදුනන පුද්ගලයින් සිවුදෙනෙකු එම ආයතනයේ තිබු මුදල් රුපියල් ලක්ෂ 03 ක් සහ රන් භාණ්ඩ තොගයක් කොල්ල කා පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි 10 May 2024
නීති විරෝධි දැව ගබඩාවක් පුත්තලමේදී වටලයි වසර ගණනාවක් නීති විරෝධි ලෙස කිසිදු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය දැව ගබඩාවක් වටලා රුපියල් ලක්ෂ 100 කට ආසන්න දැව තොගයක් අත් අඩංගුවට ගැනිමට පුත්තලම වන සංරක්ෂණ නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් අද(10 ) සමත්ව තිබුණි. 10 May 2024
ජෝ බයිඩන් පළමුවරට ඊශ්‍රායලයට අනතුරු අඟවයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට අනතුරු අඟවයි. ඊශ්‍රායල හමාස් යුද්ධයේදී, කොන්දේසි විරහිතව, ඊශ්‍රායලයට සහාය පළ කිරීමට ඉදිරිපත් වී සිටින බයිඩන්, ඊශ්‍රායලයට සෘජුව අනතුරු ඇඟවීමක් කළ පළමු අවස්ථාව මෙයයි. 10 May 2024
පළඟැටියන්, බත්කුරන් ඇල්ලු ඉතාලි පිය-පුතු රිමාන්ඩ් දුර්ලභ සතුන්ගේ ජාන ලබාගැණිම සදහා පළඟැටියන්, බත්කුරන්, ඇතුළු කුඩා කෘමි සතුන් සියයකට අධික ප්‍රමාණයක් ළඟ තබා ගෙන සිටියදි යාල කටගමුව වනජිවි නිළධාරින් විසින් අත් අඩංගුවට ගත් ඉතාලි ජාතික වෛද්‍යවරයකු සහ ඔහුගේ පුත්‍රයා වන ඉංජිනේරු සිසුවා ළබන 15 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස තිස්සමහරාම මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු තරිඳු සමිර සිල්වා මහතා නියෝග කළේය. 10 May 2024
මව්පියන් අහිමි දරු දෙදෙනකුට විශාඛා දියණියගෙන් ශිෂ්‍යත්වයක් කොළඹ විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන නුලාරා නෙලින්දී ඒකනායක රචනා කළ ‘පාස්කු දා තනිවූ සඳුනි’ පොත අළෙවියෙන් ලැබූ ආදායමෙන් ‘පාස්කු ඉරුදින’ ප්‍රහාරයේ වින්දිතයන් වූ දරුවන් දෙදෙනෙක්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්රදානය කළේය. 10 May 2024
මැණික් සොයා මහඑළිය රක්ෂිතය වනසලා කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයට විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් හත්දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිස් කොට්ඨාස භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා පැවසිය. 10 May 2024
පබ්පතාරාම ඉපැරැණි විහාරස්ථාන සංකීර්ණයක්-චෛත්‍ය නටඹුන් නාඋලින් හමුවෙයි වසර 1900 ක ඉතිහාසයකට නෑකම් කියන පබ්බතාරාම සංකල්පයට අනුව සැකසු පැරණි විහාර සංකීර්ණයක් හා වර්ග අඩි 400 – 500 පමණ විශාලත්වයකින් යුතු චෛත්‍යයක නටඹුන් නාඋල - බඹරගහවත්තෙන් හමුව තිබේ. 10 May 2024
පොහොට්ටුවේ මැතිවරණ කාර්යාලය විවෘත කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි මැතිවරණ ප්‍රචාරණ කටයුතු මෙහෙයවීම සඳහා නවීණ තාක්‍ක්‍ෂණයෙන් යුත් මැතිවරණ කාර්යාලයක් බත්තරමුල්ල, නෙළුම් මාවත, ජයන්තිපුර පෙදෙසේදී අද (10) පෙරවරුවේ විවෘත කළේය. 10 May 2024
තනි අලියා කසමඩුව ගම වනසලා මිහින්තලේ කසමඩුව ගම්මානයට කඩා වැදුණු තනි අලියකු, නිවාස දෙකක් සහ වී මෝලක්, වී ගබඩාවක් කඩා විනාශ කර දමා ඇති බව කසමඩුව ගම්වාසීහු පැවසූහ. 10 May 2024
හිටපු ජනාධිපති මෛත්‍රි ප්‍රකාශය සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශ සම්බන්ධ මූලික විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් ජූලි 26 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළේය. 10 May 2024
ජලය මත පාවෙන සූරිය පැනල විදුලි ව්‍යාපෘති දෙකක් සූදානම් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සහ දකුණු කොරියානු රජය එක්ව ක්‍රියාත්මක කරන ජලය මත පාවෙන සූරිය පැනල විදුලි ව්‍යාපෘති දෙකක ඉදිරිකිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 10 May 2024
කාන්තා භට නිවාසයට බඩ ගෑ පී.සී අත්අඩංගුවට කොළඹ වෙරළබඩ පොලිසියේ කාන්තා භට නිවාසයට අද (10) අලුයම හොර රහසේ ඇතුළු වී නිදාසිටි පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමට උත්සාහ දැරූ පොලිස් කොස්තාපල්වරයෙකු එම නිලධාරිනිය සෙසු නිලධාරිනියන් සමග එක්ව පොරබදා අල්ලාගෙන තිබූ බව වෙරළබඩ පොලිසිය කියයි 10 May 2024
ව්‍යාජ ලිපිලේඛන සමඟ ව්‍යාපාරිකයා ගුවන්තොටේදී මාට්ටු ඉතාලි සහ ජර්මන් ගුවන් ගමන් බලපත්‍ර කූඨ ලෙස සකස් කිරීමට යොදා ගන්නා ලිපි ලේඛන තොගයක් සමග ව්‍යාපාරිකයෙකු අද(10) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 10 May 2024
රත්තරන් මිල අදත් ඉහළට දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (10) තව දුරටත් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 10 May 2024
සැරබීම හරිත මාවතෙන් පන්නද්දී මාට්ටු කටුනායක ගුවන් තොටුපොළෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත’’ ( Green Channel ) ඔස්සේ පිටකරගෙන යමින් තිබූ විදේශීය නිෂ්පාදිත සැරබීම බෝතල සහ දුම්වැටි තොගයක් සමග, ඒවා රැගෙන ආ ව්‍යාපාරිකයන් තිදෙනකු ද කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 10 May 2024
මූජිබර් දිවුරුම් දෙයි ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ සමග ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මූජිමර් රහුමන් මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ මීට ස්වල්ප වේලාවකට පෙර දිවුරුම් දුන්නේය. 10 May 2024
අහුන්ගල්ලේ ඝාතකයන් පැමිණි යතුරු පැදිය සොයා ගනී විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන අහුන්ගල්ලේ පදිංචිකරුවෙකු වූ ආබ්‍රෙව් හෙවත් බබා ගේ පියා වන 54 හැවිරිදි කලුහත් කීර්තිසේන ආබ්‍රෙව් නැමැත්තාට වෙඩි තබා ඝාතනය කළ ඝාතකයන් දෙදෙනා පැමිණි බවට සැක කෙරෙන යතුරු පැදිය බාන්වැල්දූව ප්‍රදේශයේ කුරුඳු ඉඩමක ගිනි තබා තිබියදි සොයාගත් බව කොස්ගොඩ පොලීසිය කියයි. 10 May 2024
වසර හතරකට පසු ඝාතන සුලමුල හෙළිවෙයි මිට වසර හතරකට පමණ ඉහතදි පහරදි ඝාතනය කොට වැසිකිළි වලකට දැමූ හිනිදුම,කපල්ල බටහිර ප්‍ර දේශයේ දෙදරු මවකගේ ඝාතනයේ සුලමුල අනාවරණය කරගැනිමට හැකිවු බව ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි. 10 May 2024
වසර 28කට පසු විදුලි සංදේශ පනත සංශෝධනය වෙයි වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. 10 May 2024
පළාත් කිපයකට අදත් තද වැසි දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 May 2024
බාල බෙහෙත් සිද්ධියට බෙහෙත් සපයන්නෙකුත් ගන්න යයි ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවීමට පෙර ඇඩ්ලිටෙක් හිමිකරු වන ලිනන් සත්‍යරාජ් ජොශූවා නමැත්තකු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කාර්යාලයේ පැවැත්වු සාකච්ඡාවලටත් සහභාගි වී ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට දැනුම් දුන්නාය. 10 May 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025