(කේ බුද්ධික කුමාරසිරි)
හයිලිවෙල් මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේදී යතුරු පැදියක් නවතා තිබූ බහාලුම් (කන්ටේනර්) රථයක ගැටී ඊයේ (27) රාත්‍රියේ සිදුවූ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි
මියගිය යතුරුපැදිකරු පන්නිපිටිය දෙස සිට කොට්ටාව දෙසට යතුරුපැදියෙන් වේගයෙන් ගමන් කිරීම නිසාවෙන් යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව නවතා තිබූ බහලුම් රථයෙහි පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි සිදුකළ මූලික පරීක්ෂණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි
මෙලෙස මියගොස් ඇත්තේ පන්නිපිටිය බ්‍රාහ්මණගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන හතලිස් පස් හැවිරිදි පුද්ගලයෙකි
අනතුර සිදු වූ බහාලුම් රථයේ රියැදුරු සැකපිට අත්අඩංගුවට ගත් බවත් සැකකරුවෝ අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය පවසයි
ජාතික ජනබලවේගය නුවරඑළිය මහ නගර සභාවේ සභික ධූර 25 න් 12 ක් හිමිකරගැනීමට සමත් විය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නවතා තිබූ කන්ටේනරයේ යතුරු පැදියක් වැදී අයෙක් මරුට
Bunny Preena Saturday, 28 December 2024 12:03 PM
පුදුම සැක කිරීමක්. පොලීසිවල තියෙන මෝඩ නීති වහාම සංශෝධනය විය යුතුයි.