
(යොහාන් භාසුර)
නවදිල්ලි නුවර පිහිටි මොල්ටාවේ මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රි ලංකාව පිලිබඳ මහකොමසාරිස් රූබන් ගයුසි මහතා කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (27) හමුවිය.
2025 වසරේදී, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයේ 25 වැනි සංවත්සරය සම්පූර්ණ වන අතර මොල්ටාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරිණ.
ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා මෝල්ටාව කැපවී ක්‍රියා කරන බව මහ කොමසාරිස්වරයා අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නගාසිටුවීම පිළිබඳවත්, තොරතුරු තාක්ෂණ සහ සංචාරක ක්ෂේත්‍රවල රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ වැදගත්කම පිලිබඳවත් අවධාරණය කළාය.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත , විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා හා උතුරු අමෙරිකානු අංශයේ අධ්‍යක්ෂිකා ඉසුරිකා කරුණාරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ජනාධිපති අනුර නිසා මෝල්ටාවේ මහා කොමසාරිස් කාර්යාලයක් ලංකාවේම පිහිටුවා ගනී. අනුරගේ ප්‍රියතම රට වෙච්චි මෝල්ටාව එක්ක ගනුදෙනු කරද්දී වෙන රටක මහා කොමසාරිස් කාර්යාලයක් හරහා කරගන්නවාට වඩා මේ රටේ මහා කොමසාරිස් කාර්යාලයක් පිහිටුවලා කරගන්න එක අනුරට ලේසියි නොවැ. අනික එසේ මෙසේ මුදලක් නෙමේනේ අනුරට මෝල්ටාවේ හැන්ඩ්ල් කරන්න තියෙන්නේත්...
මොවුන් දැන් කොහොමත් මෝල් වෙලා ඉන්නේ...!