
(සුජිත් හේවාජුලිගේ)
බරපතළ මූල්‍ය වංචා මිනීමැරුම් ඇතුළු විවිධ චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යවරුන් පස් දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.
මෙම පස් දෙනා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සහ තොරතුරු වාර්තා පදනම් කරගෙන විමර්ශන කටයුතු මෙසේ ආරම්භ කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර අල්ලස් කොමිෂන් සභාව විසින් ඉල්ලා අස්කර ගැනුණු සහ අධිකරණයේදී තාක්ෂණික කරුණු හේතුවෙන් ප්‍රතික්ෂේප වුණු හිටපු අමාත්‍යවරුන් හා සම්බන්ධ නඩු කිහිපයක් යළි පැවරීම කෙරෙහිද අදාල නීති අංශ කටයුතු කරමින් සිටින බව එම ආරංචි මාර්ග පැවසීය.
එම නඩු ප්‍රතික්ෂේපවීමට බලපෑ කරුණු පිළිබඳවද මේ දිනවල විශ්ලේෂණය කෙරෙන බව දැනගන්නට ඇත. මේ අතර මූල්‍ය චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යවරුන් පිරිසක් සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් මාර්ගයෙන් තොරතුරු සොයා බලාගෙන යන බවද වාර්තාවේ. තවද පසුගිය වකවානුවේදී සිදුවී ඇති සහ කාලයේ වැලිතලාවෙන් වැසී ගිය විවිධ මිනීමැරුම් සම්බන්ධයෙන් යළි විමර්ශන කිරීමටද රජයේ අවධානය යොමුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අපරාධ සහ දූෂණ අල්ලනවා කියමින්, ෆයිල් සහ සාක්කි අතේ කියාගෙන චන්දේ දිනපු එන් පී පී එකම මේවා පරක්කු කරන බැවින් දිනෙන් දිනම ජනතා අප්‍රසාදයට යමින් පවතී. තවම අල්ලන්න පුළුවන් වුනේ සුළු වාහන අවභාවිතා දෙකක් පමණි. පුළුවන් නම් අල්ලන්න යැයි මැදමුලන චන්ඩි ප්‍රසිද්ධියේ කෑගසයි.
හොරු අල්ලනවා කියලා ආව අයට වුනේ හොරු ටික එකතු වෙලා ඒගොල්ලන්ගේ උපාධි හොරාව අල්ලලා දුන්න එක විතරයි…
පිටිගල නම් හොරු අල්ලනවට විරුද්ධයි වගේ...!
යහපාලන ආණ්ඩුවත් තමන්ගේ නොහැකියාව වහගන්න ඔය වගේ සංදර්ශන කළා. හිස් ෆයිල් තියාගෙන ඔය නටන නාඩගම ප්‍රතික්ෂේප වුණාම නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙයි..!
හොරා හොරකම් කරන්නේ අහුවෙන්න බලාගෙන නෙවෙයි. ඒ නිසා හරියටම විමර්ශනය කරලා නඩු පවරන්න ඕනෑ. ඒකට කාලය අවශ්‍යයි. තවම ඇවිත් මාස දෙකක්වත් නෑනේ. පොඩ්ඩක් ඉවසලා ඉන්න. වැඩේ හරියටම වෙයි...
මොවුන් කවුද කියලා කෙළින්ම කියන්න බැරිනම් ඉඟියකින් හරි කියන්න.
මොන ජරා වැඩක් හරි කරලා සල්ලි හම්බ කළ අයට දැන් එවැනි කටයුතු වලට තියෙන ඉඩ ඇහිරෙන නිසා බොහොම දුකයි. සාධාරණ විදිහට හම්බ කරන්න පුළුවන් වෙන්න...