
(එම්.කේ.නන්දසේන)
කතරගම නගරයේ වන්දනා බැතිමතුන්ට හිරිහැර පීඩා ගෙන දෙන ආකාරයෙන් හැසිරුණු පුද්ගලයින් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කතරගම පොලිසිය කියයි.
මෙම පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකුද සිටින බව කියයි.
නගරයේ බීමත්ව අසභ්‍ය වචන කියමින් වන්දනා බැතිමතුන්ට හිරිහැර වන අයුරින් ගැවසිම, වන්දනා බැතිමතුන්ට අසභ්‍ය වචනයෙන් බැන තර්ජනය කිරීම, පූජාවට්ටි බලහත්කාරයෙන් විකිණීම, පූජා වට්ටි නොගන්නේ නම් බැතිමතුන්ගේ වාහන නතර කිරීමට ඉඩ නොදීම, මාර්ගය මැදට පැන රථ වාහන බලහත්කාරයෙන් නතර කොට පූජාවට්ටි ගැනීමට බලකිරීම, ගංජා සුරුට්ටු සන්තකයේ තබාගෙන සිටීම ඇතුළු චෝදනා මෙම පිරිසට ගොනුකර තිස්සමහාරාම අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු කරන බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොඳ දෙයක්... කතරගම මිනිස්සු ජීවත්වෙන්නේ බැතිමතුන් කතරගමට එන නිසා. එහේ මිනිස්සුන්ගේ සම්පූර්ණ ජීවිකාව පවතින්නේ බැතිමතුන් නිසා... ඒත් ලංකාවේ සූරාකෑම වැඩිම නගරය කතරගම. කන්න කඩේකට ගියොත් වතුර දෙන්නේ නෑ සල්ලී දීලා ගන්න ඕනෑ. සියලුම අතින් ගසා කනවා. පැලට් පලතුරු කඩ අපිරිසුදු පලතුරු වට්ටි විකුණන්න ගිනි ගානට... ඒ කඩ ඉස්සරහින් යද්දි බලපෑම්, බලහත්කාරකම් කෙලවරක් නෑ. වාහන පාක් ත්‍රී වීල් ඒ වගේමයි. බස් නැවතුම්පලේ වැසිකිළි අපායක්. ඒකටත් රු.50ක් ගන්නවා. කිරිවෙහෙර ළඟ මල් කඩකාරයෝ මල පෙරේත හැත්තක්... නෙලුම් මල් 4ක්, හඳුන්කූරු පෙට්ටියක් දීලා රු.600ක් ගත්තා. හඳුන්කූරු පෙට්ටියේ කූරු 8ක් තිබ්බේ. ඒක මිල මකලා ඉතුරු හඳුන්කූරු හොරෙන් අරගෙන. මේවා බලන්න කිරිවෙහෙර පන්සලට, බස්නායක නිලමෙට බැරි ඇයි?
කතරගම විතරක් නෙමෙයි. රටේ හැම ප්‍රධාන නගරයකම වගේ තත්වය ඔය වගේ. අදාල ආයතන වලින් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ...!
ඉතාමත්ම හොඳ වැඩක්. පූජා වට්ටි කියලා තනිකරම ගසාකනවා. 1000ක පූජා වට්ටියක 200ක ඒවා නැහැ. හරිම කරදරකාරී පිරිසක්...
ඔය අනවශ්‍ය දේවල් කරන්න ගියාමනේ ඔහොම කරදර වෙන්නේ ඔය බැතිමතුන් චුට්ටක් ඉවසාගෙන මේක හිතාබලන්නකෝ... ඇත්තටම කතරගම දෙවිඳුන්ට පළතුරු වට්ටි මොකටද? උන්වහන්සේ ඒවා වළඳන්නේ නැහැනේ එ නිසා කැමැතිනම් බැතිමතුන් තම තමන් අදහන ආගම දහම හරියාකාරව අදහාගෙන සමාජයට අනර්ථකාරී නොවී පිංදහම් කර මෛත්‍රී භාවනාව කර කතරගම දෙවියන්ට පිං අනුමෝදන් කරන්න. එවිට බැතිමතුන්ගේ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම ඉටුවේවි සිත් නරක්වෙන්නේත් නැහැ. නිරෝගී සුවයත් ලැබේවි... තෙරුවන් සරණයි..!