
(ගයාන් සූරිය ආරච්චි)
බස් රථයක් විකිණීම සඳහා අන්තර්ජාලයේ දැන්වීම් පලකර පුද්ගලයෙකුගෙන් රුපියල් 50,000 ක මුදලක් ලබාගෙන බස් රථය ලබා නොදුන් ගුවන් හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගත් බව මැල්සිරිපුර පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කරනු ලබන හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචි (29) ගුවන් හමුදා සෙබළෙකි.
සැකකරු විසින් අන්තර්ජාලයේ පළ කර තිබූ දැන්වීමකට අනුව මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි හෝටල් හිමියකු සමග දුරකථනයෙන් ගනුදෙනු කතාබහ කර අත්තිකාරම් වශයෙන් රුපියල් 50,000ක මුදලක් සැකකරුගේ ගිණුමට ගෙන්වාගෙන ඇත.
පසුව බස් රථය ලබා නොදී විශ්වාසය කඩ කර ඇති බව පොලිසිය කියයි.
ඒ අනුව කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
මැල්සිරිපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd