(යොහාන් භාසුර)
අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් රුපියල් බිලියන 22ක් හෙවත් රුපියල් කෝටි 2200 ක චීන මුල්‍යාධාර යටතේ ශ්‍රී ලංකාවට පිරිනමන නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර ඉදිකිරීම් මොරටුව, බැටරිවත්ත ප්‍රදේශයේදී අද (27) ආරම්භ කළේය.
චීන මුල්‍යාධාර යටතේ නිවාස 1996ක් ඉදිකිරීමට යෝජිත අතර මොරටුව, බැටරිවත්ත ප්‍රදේශයේ ඉදිවන ව්‍යාපෘතිය මගින් අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස 575ක් සහ කොට්ටාව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නිවාස ව්‍යාපෘතිය මගින් නිවාස 108ක් ප්‍රවීණ කලාකරුවන් වෙනුවෙන් ද ඉදිකිරීමට නියමිතය.
කිසිදු භේදයකින් තොරව ප්‍රීතිමත්, ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට සුදුසු වටපිටාවක් සියලු දෙනාටම දීම රජයේ අරමුණ බව එම උත්සවයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
චීන රජයට මෙම නිවාස ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳව ස්තුතිය පළ කරන බවත් නිවසක් යනු පවුලකට, පුද්ගලයෙක්ට රැකවරණය දෙන තැනක් වගේම පුරවැසියන් හැටියට ලැබිය යුතු හොඳ ජීවිතයකට, ගුණාත්මක ජීවිතයකට, ආරක්ෂාව වෙනුවෙන් තිබිය යුතු තැනක් බවත් ඇය පැවසුවාය. නිවසක් විතරක් නෙවෙ ශක්තිමත් පවුලක්, ප්‍රජාවක් ගොඩනැගීමටත් රජයට අවශ්‍ය, විශේෂයෙන්ම කාන්තාවන් හා දරුවන්ගේ ආරක්ෂාව, ඔවුන්ගේ අවශ්‍යතාවයට ලැබෙන අවකාශය ඉතා වැදගත් බව කී අග්‍රාමාත්‍යවරිය නගරාසන්නව ඉන්න අඩු ආදායම්ලාභීන් ඉතාමත්ම දුෂ්කර ජීවිතයක් ගත කරමින් ඒ වගේම සමහරු නිවසක් නැති නිසා ඉතාමත්ම අනාරක්ෂිත ජීවිත ගත කරන බව ද සඳහන් කළාය.
ජාති, ආගම්, ස්ත්‍රී, පුරුෂ සමාජභාවය ආදියේ කිසිම වෙනසක් නැතුව ප්‍රීතිමත්, ගුණාත්මක ජීවිතයක් ගත කරන්න පුළුවන් වටපිටාවක් ලබා දෙන එක රජයේ අරමුණක් බවත් ඒ සඳහා චීන ආණ්ඩුවෙන් ලැබෙන මුල්‍ය ආධාරය වගේම ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය පිළිබදව සිය ස්තුතිය පිරිණමන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා, චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ උපදේශක ටැන්ග් යාන් ඩි, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම්තුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, චීන රජයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.
ගල්කිස්ස හුළුදාගොඩ පාළු ඉඩමකදි තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 4ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබේ.
දකුණු පළාතේ රාත්‍රී සාද සඳහා මත්ද්‍රව්‍ය සැපයීමේ යෙදුණු ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙක් රුපියල් ලක්ෂ 2 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩං
ජාතික ජන බලවේගයෙ මැයි දින රැළියට පැමිණ නැවත යන ගමනේදී දක්ෂිණ අධිවේගී මාර්ගය අයිනේ බස් රථ නවතාගෙන සිටි රියැදුරන්ටත් ඊට සයෝගය දුන් කණ්ඩායම් වලටත් ඒ සිදු
ජපාන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් නකටානි මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අරලියගහ මන්දිරයේදී අද (4) හමුවිය.
රට පුරා කෙරුණු වැඩවර්ජන වලින් පසුගිය වසර දහයක කාලයේදී රුපියල් කෝටි 300කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි අලුත්ම සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන බව පේරාදෙණිය විශ්වව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
චීනය දෙන නිවාසවල ඉදිකිරීම් අරඹයි
Kumar Friday, 27 December 2024 10:12 PM
ණයක් නොවේ නේද? මේ දිනවල චීනයේ සිරගෙවල් පිරිලා ඇති. එම ගෙවල් හදන්න ලංකාවේ කම්කරුවෝ ගන්නේ නැහැ. චීන සිරකරුවෝ ගේනවා.
Shelton Saturday, 28 December 2024 06:50 AM
උඩින් මිතුරු යටින් කතුරු. චීනාගේ උදව් අපිට උර් චක්‍රයක් වෙනවා දවසක. ඒක අප්‍රිකාවෙන් ඉගෙන ගන්න...