
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තම අනියම් බිරිඳ තවකකු හා සබඳතාවයක් පවත්වා ගෙන යන බවට සැකයෙන් ඇතිවූ බහින් බස්වීමක් දුර දිග යාමෙන් අනතුරුව බිරිඳට සහ ඇයගේ දරු දෙදෙනාට වක් පිහියකින් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් 13 හැවිරිදි බාල දියණිය රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බි'. එම්. ඔෂාදී කෞශල්‍යා දැරියයි
එම සිද්ධියෙන් අනතුරුව සැකකාර පුද්ගලයා නිවසේ කාමරයක බාල්කයක එල්ලී සීය දිවි නසා ගැනීමට උත්සාහ දරා එය නිශ්ඵල වීමෙන් අනතුරුව පොලිසියට බාර වන බවට නිවසේ හිමිකරුවන්ට පවසා නිවසින් පිටවී ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
පලා ගිය සැකකරුගේ වක් පිහි ප්‍රහාරයට ලක් වූ මියගිය දැරියගේ මවගේ වම් අතේ වැලමිට අසල , වම් උර හිස හා වම් කනට ඉහළ හිස තුවාල සිදුවී ඇති අතර වැඩිමහල් සහෝදරියගේ වම් අතේ පිටිඅල්ල කැපී තුවාල සිදුවී ඇතැයි පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමව්පියන්ගේ වැැදිවලට වන්දි ගෙවන දරුවෝ, ඔබට නිවන් සුව දුවේ...
අනියම් ඇසුරු නීතියෙන් තහනම් කෙරුවා නම් ඉවරයි. දැන් රටේ ඔය ප්‍රශ්නේ නිසා කී දෙනෙක් මැරුණාද? අපරාදේ අහිංසක ජීවිත. කොහේවත් තියෙන ප්‍රශ්න වලට කොහේවත් ඉන්න අය මැරෙන්නේ...