කෝටි 10ක අම්බර් කන්දකුලියෙන් අල්ලයි කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයේ නිවසක පිටුපස වලදමා තිබු රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් බව කියන අම්බර් (තල්මස් වමනය) කිලෝ 35 කට ආසන්න ප්‍රමානයක් සමග සැකකරුවන් 5 දෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 12 May 2024
සපුගස්කන්දේ ගෑස් නළයකට අකුණුු සැර වදී සපුගස්කන්ද පිහිටි තෙල් පිරිපහදුවේ පහනට ( කුළුණට) ගෑස් සපයන නලයකට අද සවස අකුණු සැර වැදීම නිසා ගින්නක් හටගත් බව සපුගස්කන්ද තෙල් පිරිපහදු ආරංචි මාර්ග කියයි. 12 May 2024
පාදුක්කේදී මහා කොල්ලයක් පාදුක්ක මාවතගම ප්‍රදේශයේ අබලි යකඩ ද්‍රව්‍ය එකතු කිරීමේ වෙළදසැලකට කඩු සහ මන්න අතැතිව පුද්ගලයන් තිදෙනකු එහි සිටි හිමිකරුගේ බිරිඳට සහ සේවකයකුට කැපුම් තුවාල සිදු කර මුදල් සහ රන් ආභරණ කොල්ල කා පළා ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. 12 May 2024
අධික රස්නයෙන් යාපනයේ අයෙක් මරුට යාපනය ප්‍රදේශයේ තවත් අයකු අධික රස්නය හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව වෛද්‍යවරු පවසති. 12 May 2024
වැස්සෙන් තැන තැන කඳු කඩා වැටේ අද දවසපුර පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවූ අතර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර උඩ විහාරගල ප්‍රදේශයේදී ගල් පර්වත කීපයක් සමග පස් කන්දක් පෙරළී එක් මං තීරුවකට වැඩි කොටසක් අවහිර වී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. 12 May 2024
අයිතිකරුවෙක් නැති යතුරු පැදියක් ඉත්තපානෙන් හමුවේ ඉත්තපාන මීගම ගඟේ පාලම අසල අයිතිකරුවකු නැති යතුරු පැදියක් දමා ගොස් තිබියදී ඉත්තපාන පොලිසිය සොයාගෙන ඇත. 12 May 2024
කැරට් කෑල්ලේන් ආ මරුවා සිඟිත්තා ඩැහැගනී කැරට් අල කැබැල්ලක් උගුරේ සිරවීමෙන් මාස 19ක බිළිදකු මියගොස් ඇතැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදු කළ හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණ වූ බව සාලියවැව පොලීසිය පැවසීය. 12 May 2024
පුරාවස්තු සමග අයෙක් සැකපිට කල්පිටිය, ආලන්කුඩා ප්‍රදේශයේ නිවසක නීති විරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි රත්‍රං බවට සැකකෙරෙන පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 12 May 2024
රජයේ සම්පත් විකිණීම ගැන මහින්දගෙන් නිවේදනයක් වර්තමාන ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලීන වැඩපිළිවෙළක් බවත් එවන් අවස්ථාවක රාජ්‍ය දේපොළ කඩිමුඩිය විකුණා දැමීමෙන් රටට වැඩදායී ප්‍රතිඵලයක් ලබාගැනීමට නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 12 May 2024
මාළු කඩයක් අරින්න ගිහින් කටුගස්තොට යුද පිටියක් වේ සන්නද්ධ මැරවරයන් පිරිසක් මාළු කපන පිහි රැගෙන කටුගස්තොට නගරයේ විවෘත කිරීමට සූදානම්ව තිබූ මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථානයකට මහදවල් කඩා වැදී එහි දේපළවලට සහ වාහනවලට අලාභාහානි කරද්දී කටුගස්තොට නගරයම භීතියෙන් ඇළලී ගිය බවද වාර්තාවේ . 12 May 2024
සාපෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේත් දැවැන්ත ගැටලුවක් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය ප්‍රතිපාදන සැලැස්මට පරිබාහිරව සකස් කර ඇති බවට මේ වන විට චෝදනා එල්ල වී ඇති බවත් විභාගය අවසන් වීමෙන් පසුව ඒ පිළිබඳව සමාලෝචනය කර නිර්දේශ සහ උපදේශ නිකුත් කරන බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි. 12 May 2024
සාපෙළ විභාගය නිරීක්ෂණයට අතිරේක නිලධාරීන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විභාග ශාලා සුපරීක්ෂණයට අතිරේක නිලධාරීන් යෙදවීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 12 May 2024
කොළොන්න මහවැලියට රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 29 සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරි වසම් 18 ක් නව මහවැලි කොට්ඨාසයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව වාරිමාර්ග වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය. 12 May 2024
විජයදාස නිතරඟයෙන් සභාපති පුටුවට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිතරගයෙන් මීට සුළු මොහොතකට පෙර තේරී පත්විය. 12 May 2024
ඔලිම්පික් ගිනිසිළුව රැගෙන ගිය පළමු ශ්‍රී ලාංකියා ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වෙමින් ඉතිහාස පොත් අතරට එක්වීමට තර්ෂන් සෙල්වරාජා මහතා සමත් විය. 12 May 2024
සජිත් පටන් ගත් වැඩ ඉවර කරන්න ප්‍රසන්නගෙන් කැබිනට් පත්‍රිකාවක් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයා වශයෙන් සිටියදී වැඩ ආරම්භ කර අවසන් නොකළ නිවාස 44,053ක වැඩ අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 15,244.58 ක මුදල් ප්‍රතිපාදන ලබා දෙන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබේ. 12 May 2024
පොලිස් අණ නොතකා ගිය ලොරියට වෙඩි පොලිස් අණ නොතකා පලායාමට තැත් කරද්දී වෙඩි තබා නතර කරගත් ලොරි රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකු පලා ගොස් ඇතැයි පොලීසිය කියයි. 12 May 2024
එකට ඉපිද එකම දා එකටම යුග දිවියට කතරගම දෙටගමුව ප්‍රදේශයේ නිවසක මීට වසර 23 ට ඉහතදී උපත ලැබූ දැරියන් තිදෙනකු සිය නිවසේදී මහ සඟරුවනේ සෙත්පිරිත් සඡ්ජායනා සහ ආගමික අනුශාසනා මධ්‍යයේ විවාහ දිවියට ඇතුලත්වීමෙි දුලබ සිදුවීමක් දැක ගන්නට ලැබිණ. 12 May 2024
ලබන වසරේ රාජ්‍ය සේවක වැටුප් යළි ඉහලට 2025’ වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 12 May 2024
මැලේසියාවේදී බොයිලේරුවක් ඇඟට පෙරැළි මිය ගිය තරුණයාගේ සිරුර ගෙන එයි මැලේසියාවේ අවන්හලක සේවය කරමින් සිටියදී බොයිලේරුවක් ඇඟට පෙරලී මිය ගිය තරුණයාගේ සිරුර ඔහු පදිංචි ශ්‍රී ලංකාවේ මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, මොටින්හෑම් කොටසේ නිවසට රැගෙන ආ බව මස්කෙළිය පොලීසිය පවසයි. 12 May 2024
දන්සැල්වලට සතොසෙන් විශේෂ වට්ටමක් වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන දන්සැල් සඳහා ආහාර ද්‍රව්‍යවලට විශේෂ වට්ටමක් පිරිනැමීමට ලංකා සතොස තීරණය කර ඇති බව නිවේදනය කරයි. 12 May 2024
වට්ස් අප් වලින් ඉංග්‍රීසි පේපරේ යැවූ ගුරා අත්අඩංගුවට අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්අප් හරහා බෙදා හැරි බව කියන ගුරුවරයෙක් මහනුවරදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. 12 May 2024
පොලිස් සැරයන් ගංජා සමඟ මාට්ටු පොලිස් සැරයන්වරයකු කේරළ ගංජා සමඟ මන්නාරම නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශයේ නිලධාරීන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 12 May 2024
පියාගේ වෙඩි පහරින් පුතා රෝහලට පියාගේ වෙඩි පහරින් බරපතල තුවාල ලැබූ පුතෙකු රෝහල් ගතකර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි 12 May 2024
සවස් කාලයේදී පළාත් කිහිපයකට වැසි දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 12 May 2024
ළඳරු කිරි බෝතලෙන් පුපුරණ ද්‍රව්‍ය, උණ්ඩ මතුවේ ළදරු කිරිබෝතල් බහාලුමක සඟවා තිබූ අත් බෝම්බ දෙකක් සහ පතුරම් තොගයක් සමග සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ රියැදුරුකු වැලිපැන්න සිරිසඳ ,කොලැහැකඩ,නවුත්තුඩුවේ නිවෙසකින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 12 May 2024
පොලිසියේ එකක්, යුද හමුදාවේ දෙකක් කුඩු ගහද්දී මාට්ටු හෝමාගම හිරිපිටිය ප්‍රදේශයේ නිවසක් අසල අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු සහ යුධ හමුදා සෙබළුන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 12 May 2024
පලස්තීනයට සාමාජිකත්වය දෙන්න රටවල් 134ක කැමැත්ත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් පලස්තීනයට තිබෙන බව හඳුනාගන්නා ලෙස සහ පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳ ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 134 කින් සම්මත විය. 11 May 2024
බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය ගැන පර්යේෂණයක් බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 11 May 2024
අක්මීමන ඝාතකයන් දෙදෙනා රත්මලානෙන් අල්ලයි අක්මීමන ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කොට රත්මලාන ප්‍රදේශයට පැමිණ එහි ලැගුම් හලක සැගව සිටි පුද්ගලයන් දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. 11 May 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025