IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


යල කන්නයේ වගා හානි වන්දි ජනවාරි 5ට පෙර ගෙවයි

(අංජුල මහික වීරරත්න)

ගංවතුර, නියඟ සහ වල් අලි උවදුරු නිසා 2024 යල කන්නයේ සිදු වූ වගා හානි සඳහා සියලු වන්දි ජනවාරි 5 වැනිදාට පෙර ගෙවා අවසන් කරන බව කෘෂිකර්ම සහ ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.

2024 මාර්තු මස සිට ඔක්තෝම්බර් දක්වා විවිධ හේතූන් මත, වී වගාව ඇතුළු අනෙකුත් වගාවන් විනාශ වීමට ලක් වූ අතර  නියඟ, ගංවතුර  සහ වල් අලි හානි ඊට මූලික වී ඇතැයි හඳුනා ගෙන ඇත.

මේ වන විට ගොවීන් 80% කට ආසන්නප්‍රමාණයකට රුපියල් මිලියන 80 කට ආසන්න වගා හානි වන්දි මුදලක් ගෙවීමට හැකියාව ලැබී ඇතැයි ද ඉතිරි ගොවීන් සියලු දෙනාටම ජනවාරි 5 දින වන විටදී අදාල වන්දි මුදලින් ගෙවීමට කටයුතු කර ඇතැයිද කෘෂිකර්ම සහ ගොවි ජන රක්ෂණ මණ්ඩලය කියයි.

එම වන්දි මුදල සෘජුවම ගොවියාගේ බැංකු ගිණුමට බැර කිරීමට කටයුතු යොදා ඇතැයිද 2024/ 2025 මහ කන්නයට අදාල වන්දි මුදල් පෙබරවාරි මාසයේ මුල වන විට ගෙවීමට කටයුතු යොදා තිබෙන්නේ යැයිද ගොවි ජන රක්ෂණ මණ්ඩලය කියයි.



අදහස් (0)

යල කන්නයේ වගා හානි වන්දි ජනවාරි 5ට පෙර ගෙවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site