IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇමැති හඳුන්නෙත්තිගේ නම විකිණූ වංචාකරුවන් වහා අල්ලනු

(රෝෂන් තුෂාර)

කර්මාන්ත ව්‍යසායකත්ව සහ සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා නමින් පෙනී සිටිමින් සමාජ මාධ්‍ය හරහා දෙස් විදෙස් ජනතාවගෙන් මුදල් රැස් කළේ යැයි කියන සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා රහස් පොලිසියට අද (30) නියෝග කළේය.

සුනිල් හඳුන්නෙත්ති මහතාගේ නම සහ රුව භාවිතා කරමින් වට්ස් ඇප් සමාජ මාධ්‍ය හරහා මුදල් රැස්කළ සැකකරුවන් පිළිබඳව විමර්ශනය කිරීමට අවසර ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝග නිකුත් කළේය.

සැකකරුවන්ගෙන් ගිණුම් පරීක්ෂා කර වාර්තාවක් කැඳවන ලෙසද මහේත්‍රාත්වරයා නියෝග කර ඇත.

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කරන ලද පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය ඉදිරිපත් කළ බී වාර්තාවක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේය.

 

 



අදහස් (0)

ඇමැති හඳුන්නෙත්තිගේ නම විකිණූ වංචාකරුවන් වහා අල්ලනු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site