IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හිටපු මැති ඇමැතිවරුන්ගේ බැංකු පොලු ගැන තොරතුරු පනතින් ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ)

මැති ඇමතිවරුන් 1994 සිට මේ දක්වා රජයේ බැංකුවලින් ලබාගෙන ඇති ණය පිළිබඳ තොරතුරු තොරතුරු පනත යටතේ ලබා ගැනීම සදහා ප්‍රධාන පෙළේ ව්‍යවසායකයන් පිරිසක් ශ්‍රී ලංකා මහ බැංකුවට හෙට (30) යන බව සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසීය.

මැති ඇමතිවරුන් රැසක් ලක්ෂ පනහේ සිට සීය දක්වා එලෙස ණය ලබාගෙන තිබූ බව පැවසූ හෙතෙම ණය අර්බුදයේ මුල ඇත්තේ එතන බවද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ වැල්ලවත්තේදී පෙරේදා(28) පැවැති සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ සංසදයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

එම සංසදයේ සභාපති ව්‍යවසායක සිව රාජා තුමිලන් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මාධ්‍ය හමුව පැවත්විණ.

 



අදහස් (6)

හිටපු මැති ඇමැතිවරුන්ගේ බැංකු පොලු ගැන තොරතුරු පනතින් ඉල්ලයි

Nishan Monday, 30 December 2024 03:51 AM

මාලිමාවට පිටරටවල් වලින් කෝටි ගණන් සල්ලි ලැබුණු හැටිත්, ඒවාට කරපු දේවලුත් හෙලි කරන්න. හැමෝටම එකම විදියට නීතිය ක්‍රියාත්මක කරන්න. මොකද අර ප්‍රසිද්ධ ගායකයෙක් මාලිමා වේදිකාවේ කිව්වා එයාගේ විදේශගත යාළුවෙක් ඩොලර් මිලියන 10 ක් දෙන්න ලෑස්තියි කියලා.

:       17       6

ලයන් Monday, 30 December 2024 01:34 PM

ඉතින් මේ හැමදෙයක්ම කියන කොට , හිටියේ රාජපක්ෂලගේ , මයිත්‍රිගේ , සීයාගේ ආණ්ඩු නේ , ඉතින් ඔය ජවිපෙ සල්ලි ගැන හොයන්න තිබුන නේ, රට කාලා පැරදිල අන්තිම සවුත්තු විදියට , මොනවද මේ කියන කතා

:       3       10

sam Monday, 30 December 2024 05:27 AM

දේශපාලුවන්ගේ ණය මයිනන්, ජොලිසීයා, හිටන් හුටන් නිකන්ම කපාහැරලා තියෙන්නේ. ඒ මුදල් නැවත ලබා ගැනීමට ක්‍රියා කළ යුතුයි.

:       2       11

Bunny Preena Monday, 30 December 2024 09:24 AM

බොහොම හොඳ දෙයක් බොල්ණය කියලා එව්වා කපා දැනට උදව් කළ බැංකු නිලධාරීන් ඉන්නවා නම් ඔවුන්ටත් නීතියෙන් දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතුයි

:       0       20

[email protected] Monday, 30 December 2024 10:07 AM

මේ වසර 5 කුණුගොඩවල් ඔය ඔය ඉදියි, ජනතාවට වැඩක් නොකර...

:       15       3

Bunny Preena Monday, 30 December 2024 11:01 AM

පොලු තියපු මැති ඇමැතිවරුන්ගේ නම් පමණක් නෙමෙයි එවැනි දේවල් වලට සම්පූර්ණ සහයෝගය දීපු අදාල බැංකු වල ලොකු ලොක්කන් සහ සොක්කන්ගේ නමුත් එනවා

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site