
(සුජිත් හේවාජුලිගේ)
මැති ඇමතිවරුන් 1994 සිට මේ දක්වා රජයේ බැංකුවලින් ලබාගෙන ඇති ණය පිළිබඳ තොරතුරු තොරතුරු පනත යටතේ ලබා ගැනීම සදහා ප්‍රධාන පෙළේ ව්‍යවසායකයන් පිරිසක් ශ්‍රී ලංකා මහ බැංකුවට හෙට (30) යන බව සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසීය.
මැති ඇමතිවරුන් රැසක් ලක්ෂ පනහේ සිට සීය දක්වා එලෙස ණය ලබාගෙන තිබූ බව පැවසූ හෙතෙම ණය අර්බුදයේ මුල ඇත්තේ එතන බවද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ වැල්ලවත්තේදී පෙරේදා(28) පැවැති සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ සංසදයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
එම සංසදයේ සභාපති ව්‍යවසායක සිව රාජා තුමිලන් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මාධ්‍ය හමුව පැවත්විණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාවට පිටරටවල් වලින් කෝටි ගණන් සල්ලි ලැබුණු හැටිත්, ඒවාට කරපු දේවලුත් හෙලි කරන්න. හැමෝටම එකම විදියට නීතිය ක්‍රියාත්මක කරන්න. මොකද අර ප්‍රසිද්ධ ගායකයෙක් මාලිමා වේදිකාවේ කිව්වා එයාගේ විදේශගත යාළුවෙක් ඩොලර් මිලියන 10 ක් දෙන්න ලෑස්තියි කියලා.
දේශපාලුවන්ගේ ණය මයිනන්, ජොලිසීයා, හිටන් හුටන් නිකන්ම කපාහැරලා තියෙන්නේ. ඒ මුදල් නැවත ලබා ගැනීමට ක්‍රියා කළ යුතුයි.
බොහොම හොඳ දෙයක් බොල්ණය කියලා එව්වා කපා දැනට උදව් කළ බැංකු නිලධාරීන් ඉන්නවා නම් ඔවුන්ටත් නීතියෙන් දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතුයි
මේ වසර 5 කුණුගොඩවල් ඔය ඔය ඉදියි, ජනතාවට වැඩක් නොකර...
පොලු තියපු මැති ඇමැතිවරුන්ගේ නම් පමණක් නෙමෙයි එවැනි දේවල් වලට සම්පූර්ණ සහයෝගය දීපු අදාල බැංකු වල ලොකු ලොක්කන් සහ සොක්කන්ගේ නමුත් එනවා