මෝදි නාම යෝජනා භාර දෙයි ඉන්දීය මහ මැතිවරණයට අදාලව, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නාම යෝජනා භාර දුන්නේය. ඒ, වරණාසි ආසනය වෙනුවෙනි. 14 May 2024
අකුණු සැර වැදිමෙන් ගවයින් මැරිලා නාවලපිටිය ප්‍රදේශයට ගිගුරුම් සහිත වැසි පතිත විමත් සමඟ අකුණු සැර වැදිමෙන් තෘණ බිමක ගැට ගසා සිටි එළගවයින් තිදෙනෙකු සහ එක් ගවයෙකු මියගොස් ඇතැයි නාවලපිටිය පොලිසිය පැවසිය. 14 May 2024
සා.පෙළ ඉවර වූ සැණින් උසස් පෙළට පන්ති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නිමවූ වහාම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 14 May 2024
ඉතිරි කිරීමේ බැංකුවේ කැමති අයට විශ්‍රාම යන්න වරම් ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයන් සඳහා ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 14 May 2024
පුජා භූමි 20ක් මේ වසරේ ගැසට් කරයි මෙම වසරේදී පුජා භූමි 20ක් ගැසට් මගින් ප්‍රකාශය කිරීමට අපේක්ෂා කරන බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පවසයි. 14 May 2024
ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තුවට ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 14 May 2024
T20 ලෝක කුසලාන තරඟයට එක්වන කණ්ඩායම ඇමෙරිකාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන ශූරතා තරගාවලිය සදහා අද (14 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියහ . 14 May 2024
ජේලර්වරියගෙන් නියාමකවරිය මරන්න කොන්ත්‍රාත්තුවක් ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක් එම බන්ධනාගාරයේම බන්ධනාගාර නියාමකවරියක් ඝාතනය කිරිම සදහා කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකොට ඇති බව ගාල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශය පවසයි. 14 May 2024
බහින්බස්වීම දුරදිග ගොස් පිහියෙන් ඇනලා අම්පාර මහඔය සමගිපුර ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් සදහා යමින් සිටි පිරිසක් අතර ඇතිවු බහින්බස් වීමක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් පහරදී එක් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා මහඔය මූලික රෝහලට ඇතුළත්කර කර ඇතැයි පොලීසිය කියයි. 14 May 2024
බෝට්ටුව පෙරැළි ධීවරයා මරුට මන්නාරම පල්ලිමුනේ වෙරළින් ධිවර කටයුතු සදහා මුහුදු ගිය ධීවරයෙකු බෝට්ටුව පෙරැළී සිදුවූ අනතුරකින් මුහුදට ඇද වැටී ජිවිතක්ෂයට පත්ව ඇති බව මන්නාරම රෝහල් පොලිසිය සදහන් කරයි. 14 May 2024
රජයෙන් දුන් හාල් කෑ කුකුලන් මැරී වැටිලා රජය මගින් අඩු ආදායම් ලාභීන්ට ලබාදුන් සහල්වලින් පොඩ්ඩක් කුකුලන්ට ලබාදීමෙන් එය ආහාරයට ගත් කුකුකන් හත්දෙනකු මිය යෑම සම්බන්දයෙන් රසපරීක්ෂක වාර්තාවක් කැඳවන්නැයි රම්බඩගල්ල අධිකරණය නියෝග කර ඇත. 14 May 2024
අල්ලස් ගත් පොලිස් නිලධාරීන් ගෙදර යුක්තිය මෙහෙයුමට අදාළව විශේෂ රාජකාරී සඳහා යොදවා සිටියදී ලැගුම්හලක සිටි යුවළකගෙන් අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ රාජකාරි වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය කියයි. 14 May 2024
අහසේ කැලඹිලි ස්වභාවය තවදුරටත්:වැස්ස වැඩිවේ ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ වර්ධනය වී පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් පවතින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 May 2024
ට්‍රැක්ටරයක් දුම්රියේ ගැටේ අයෙක්මරුට: අයෙක් රෝහලට බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ කොස්ගොඩ , දූවෙමෝදර දුම්රිය හරස් පාරේදී අත් ට්‍රැක්ටරයක් ගැටී එහි ගමන් ගත් එක් අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි කොස්ගොඩ පොලිසිය කියයි. 13 May 2024
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ වෙඩික්කරු ඉන්දියාවේ දී මාට්ටු? අපේ ජන බල පක්ෂයේ ලේකම් සමන් ප්‍රසන්න පෙරේරා මහතා ඇතුළු පස් දෙනකු බෙලිඅත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන එක් වෙඩික්කරුවකු බව කියන ඩබල් කැප් චූටි යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයා ඉන්දියාවට පලා ගොස් සිටියදී ඔහු ගේ ගෝලයින් යැයි කියන දෙදෙනකු සමග එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින බව ඉන්දියාවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. 13 May 2024
නකල්ස් මහ කැලයේ මුහුණු පොත සාදයක් වටලයි නකල්ස් රක්ෂිතයේ අනවසරයෙන් ගිනිමැල පත්තුකරමින් කූඩාරම් ගසාගෙන සිටි තරුණියන් 5 දෙනකු සහ තරුණයන් 17 දෙනකු පෙරේදා (12) අත්අඩංගුවට ගත් බව හුන්නස්ගිරිය අඩවි වන නිලධාරී කාර්යාලය පවසයි. 13 May 2024
ඇමරිකා රජයේ ලොක්කෙක් ජනපති හමුවෙයි මෙරට සංචාරයක නිරත දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. 13 May 2024
ක්‍රිකට් කණ්ඩායම ජනපති හමුවෙයි ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී ජුනි 01 වනදා සිට ජූනි 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. 13 May 2024
හාම්පුතුන්ට මුහුණ දෙන්න සූදානම් වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියා මාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පැවසීය. 13 May 2024
ෆෝන් චාජරයෙන් විදුලි සැර වැදී පස් හැවිරිදි දැරියක් මරුට ජංගම දුරකථනය ආරෝපණය කිරීමටයාමේදී විදුලි සැරවැදී පස් හැවිරිදි දැරියක මියගොස් ඇති බව පොලිසිය පවසයි. 13 May 2024
දුම්රිය සේවකයා දුම්රියේ නම තියයි කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර දුම්රියේ වැටී තිබූ නවසීලන්ත ජාතකයකුට අයත් රුපියල් ලක්ෂයකට අධික මුදල්, බැංකු කාඩ් පත් රියදුරු බලපත් ඇතුළු අත්‍යවශ්‍ය ලියකියවිලි තිබූ මුදල් පසුම්බියක් අහුලාගත් දුම්රිය සේවකයෙකු නැවත එම විදේශිකයාට භාරදීමේ සිද්ධියක් මහනුවර දුම්රිය ස්ථානයේදී වාර්තා විය . 13 May 2024
කාන්තා කාමරයට බඩ ගෑ එස්.ටී.එෆ් කොස්තාපල් ගෙදර කොළඹ වෙරළබඩ පොලිසියේ කාන්තා නිලධාරිනියන්ගේ භට නිවාසයට ඇතුළුවී ලිංගික අතවර කිරීමට තැත්කළ බව කියන එස්.ටී.එෆ්.කොස්තාපල්වරයාගේ වැඩතහනම් කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතා උපදෙස් ලබාදී තිබේ. 13 May 2024
බෝම්බ බියකින් ජායිපූර් පාසල් 35ක් වැසෙයි මීට වසර 16කට පෙර ජායිපූර් නගරය කම්පාවට පත් කළ බෝම්බ ප්‍රහාරමාලාවේ සංවත්සරය යෙදී තිබූ අද (13) දින විද්‍යුත් තැපෑල මගින් නගරයේ පාසල් 35 කට බෝම්බ අනතුරු ඇඟවීමක් ලැබීම හේතුවෙන් නගරයේ ආරක්ෂාව තර කිරීමට ජායිපූර් පොලිසිය කටයුතු කර ඇත. 13 May 2024
අයි.එම්.එෆ් ගිවිසුම වෙනස් කරන බව කීම ගොනාට ඇන්දීමක් ජනවරමක් ලබාගැනීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් වෙනස් කරන බවට පොරොන්දු ලබා දෙමින් ඇතැම් පක්ෂ නායකයින් ජනතාව ඇන්දවීම පදනම් විරහිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 13 May 2024
කෝටි ගණන් බදු පොලු තැබූ තෝරු මෝරු 4479ක් විවිධසමාගම් සහ ආයතන ඇතුළු පුද්ගලයන් 4479ක් රුපියල් කෝටියක් හෝ ඊට වැඩි ගණනින් බදු මුදල් රජයට පැහැර හැර ඇති බවට තොරතුරු අධ්‍යයනවලදී පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය. 13 May 2024
විජයදාසට බාධා නොකරන්නැයි නියෝගයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිනව සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (12) දින පත් කර ගැනීමට සහ විධායක සභාව විසින් ගත් තීරණවලට බාධා කිරීම සියලු පාර්ශවයන්ට වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි වික්‍රමසූරිය මහත්මිය විසින් අද (13) දින නියෝග කලාය. 13 May 2024
අධිකරණය ජෙරොම් ගැන වාර්තාවක් නීතිපතිගෙන් ඉල්ලයි බුදු දහම ඇතුළු ආගම් වලට අපහාසවන අන්දමින් ප්‍රකාශ සිදු කරන ලදැයි චෝදනා ලැබ සිටින දේව ගැති ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් මෙතෙක් සිදු කරන ලද විමර්ශන ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කරමින් අද (13) දන්වා සිටියේය. 13 May 2024
විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ අවුල ලිහයි අපොස සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයට විෂය නිර්දේශයෙන් ඉවත් කෙරුණු කොටස් ඇතුළත් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය. 13 May 2024
අලුත් පනතකින් මැතිසබයත් පුපුරණ හැඩ ස්ත්‍රී පුරුෂ ආනන්‍යතාවයෙන් බැහැර පුද්ගලයන්ට කිසියම් නිත්‍යානුකූල පිළිගැනීමක් ලැබෙන බව පැවසෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මැතිසබයේ ප්‍රබල හඬක් නැගීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සූදානම් වෙති. 13 May 2024
උතුරු කොරියාවේ රතු ලිප්ස්ටික් තහනම් තම රට වැසියන්ට අමුතු අසාමා්‍ය විදියේ නීති පැනැවීම සම්බන්ධයෙන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රසිද්ධියක් උසුළයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට, උතුරු කොරියාවේ රතු තොල් සායම් තහනම් කිරීම ද නායක කිම් ජොන් උන් පියවර ගෙන ඇත. 13 May 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025