
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයකු වන රනිල් මැල්කම් ජයවර්ධන මහතාට තෙවැනි චාල්ස් රජු විසින් නයිට් පදවියක් පිරිනමා ඇත.
රනිල් මැල්කම් ජයවර්ධන මහතා රාජ්‍ය සේවයට සහ දේශපාලනයට කළ සේවාව වෙනුවෙන් එම නයිට් පදවිය ඔහුට පිරිනැමිණි. 38 හැවිරිදි ශ්‍රීමත් රනිල් මැල්කම් ජයවර්ධන මහතා හිටපු කොන්සර්වටිව් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද වේ. ඔහු 2015 සිට 2024 වසර දක්වා ඊසානදිග හැම්ප්ෂයර් ප්‍රාන්තය නියෝජනය කළේය.
රාජ්‍ය සේවය සෑම විටම තමාට සහ තම පවුලට වැදගත් වූ බවත් එය තමාගේ ඇදහිල්ලක් බවත් ජයවර්ධන මහතා පැවැසුවේය. එය ප්‍රජාවට සහ රටට ආපසු ලබා දීමට අවස්ථාවක් බවද ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ආඩම්බරයක්...!
කවුද මේ? ප්‍රජාවට සහ රටට ආපසු ලබාදෙනවා කියන්නේ එංගලන්තයට මිසක් ලංකාවට නෙවෙයි නේද? මෙය ලංකාව වෙනුවෙන් මොනවත් දෙයක් කරලා තියනවා නම් අපටත් කියන්න සතුටු වෙන්න.
ඒ ඉතින් එංගලන්තයේ... ඒකට අපේ රනිල්ට... පරද්දලා ගෙදර යවලා ඒකේ දුක්ඛිත ප්‍රතිඵල විඳින මෝඩ මිනිස්සු වෙසෙන රටක්.. අපිට ඉන්න රනිල්ගෙන් ප්‍රයෝජනයක් ගන්න දන්නේ නෑ.
එංගලන්තයේ එහෙම වුණත් අපේ රටේ එහෙම වෙන්නේ නැහැ, අපේ රනිල්ට නයිට් නම්බු නැහැ.
අපේ උන් කරන්නේ ඒ මිනිහාටත් බැන බැන ඉන්න එක