
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ පළමු ද්විවාර්ෂික විනිවිදභාවය පිළිබඳ වාර්තාව දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
1993 වර්ෂයේ සිට එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ සහ 2013 වර්ෂයේ සිට පැරිස් ගිවිසුමේ පාර්ශ්වකරුවකු වශයෙන් ශ්‍රී ලංකාව කටයුතු කරනු ලබයි.
ඒ අනුව, එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය සහ පැරිස් ගිවිසුම මඟින් ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී.
පැරිස් ගිවිසුමේ 13 වන වගන්තිය යටතේ සෑම පාර්ශ්වකරුවෙකු විසින්ම 2024-12-31දිනට පෙර එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියට අදාලව පළමු ද්වි වාර්ෂික විනිවිදභාවය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කළ යුතු බව රජය කියයි. එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ, දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ සහ පැරිස් ගිවිසුමේ මග පෙන්වීම් වලට අනුකූලව ශ්‍රී ලංකාවේ පළමු ද්විවාර්ෂික විනිවිදභාව පිළිබඳ වාර්තාව සකස් කර තිබේ.
ඒ අනුව, එකී වාර්තාව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියට ඉදිරිපත් කිරීම පිණිස පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd