
(අංජුල මහික වීරරත්න)
වී මිලදී ගැනීම සඳහා මීට පෙර ක්‍රියාත්මක කරන ලද ඔඩපණ ණය යෝජනා ක්‍රමය 2024/25 මහ කන්නයේ සිට වාර්ෂික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වී අස්වනු සඳහා සාධාරණ මිලක් සහතික කිරීමේ හා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ශක්තිමත් කිරීමේ අරමුණින් සහනදායී පොලී අනුපාතයක් යටතේ රාජ්‍ය බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම සඳහා 2023-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.
පසුගිය කන්න වලදී මෙම වැඩසටහන ඉහළ ප්‍රගතියක් අත් කර ගෙන ඇති බව නිරීක්ෂණය වී ඇති බැවින්, 2024/25 මහ කන්නයේ සිට සෑම කන්නයකදීම එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බව හඳුනා ගනු ලැබ තිබේ.
ඒ අනුව, නිශ්චිත නිර්ණායක කිහිපයකට යටත්ව, උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙට්‍රික්ටොන් 25ක් දක්වා වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් (වී මෝල් පවත්වාගෙන යනු ලබන සමූපකාර සමිති ද ඇතුළුව) වෙත රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා සහනදායි පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 50ක උපරිමයක් දක්වා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුලු හා මධ්‍ය පරිමාණ මෝල් බලෙන් ක්‍රියාත්මක කරවන්න පුළුවන්ද? ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රමිතිය පිළිබඳව සොයා බලන්න. මරඳගහමුල වී මෝල් කඩාවැටීමට මූලික හේතුව ප්‍රමිතිය අඩු සහල් නිෂ්පාදනය. මහාපරිමාණ මෝල් වල හාල් ප්‍රමිතිය සමඟ තරඟ කරන්න බැරිකම. ඒ තත්ත්වය හදාගන්නා තෙක් මෝල් පවත්වාගෙන යාම අසීරුයි.