IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


’’රට ගිය ඇත්තෝ’’ ගැන වගතුග එළියට

(අංජුල මහික වීරරත්න)

ශ්‍රි ලාංකේය ඉතිහාසයේ වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ 2024 වර්ෂයේදී බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

මෙම වසරේ විදේශ ගතවූ ප්‍රමාණය 312836 කි.

මීට පෙර වැඩිම පිරිසක් විදේශ ගතවී ඇත්තේ 2022 වර්ෂයේ වන අතර, පසුගිය වසර 6 ඇතුලත (2019-2024)  ශ්‍රි ලාංකිකයින් ලක්ෂ 13ක් රැකියා සඳහා විදෙස් ගතවී තිබේ.

2024 වර්ෂයේ පිරිමි ශ්‍රමිකයින් 185,162ක් හා කාන්තාවන් 127,674 ක් රැකියා සඳහා විදේශ ගතවී තිබේ.

ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 77,546 කි. දෙවනුව වැඩි වශයෙන් විදේශ ගතවී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයටයි.එම ප්‍රමාණය 51,550 කි.

පෙර වර්ෂවලට සාපේක්ෂව දකුණු කොරියාව, ඊශ්‍රායලය හා ජපානය වැනි රටවල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුවීමේ වැඩි නැඹුරුවක් පෙන්නුම් කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ අනුව 2024 වර්ෂයේ දකුණු කොරියාවේ රැකියා සඳහා ලාංකිකයින් 7,098 දෙනෙකුද, ඊශ්‍රායලයේ රැකියා සඳහා 9,665 දෙනෙකු හා ජපානයේ රැකියා සඳහා ලාංකිකයින් 8,665 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.

විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයද මෙම කාලසීමාවේ සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව 2024 නොවැම්බර් මාසය අවසන් වන විට ඇමරිකා ඩොලර් මිලියන 6462 ක් මෙරටට ලැබී තිබේ.

මේ අතර, 2023 වර්ෂයේ රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ ශ්‍රි ලාංකිකයින් 297,584 ක් වන අතර, ඊට කාන්තා ශ්‍රමිකයින් 132,904 ක් හා පිරිමි ශ්‍රමිකයින් 164,680 දෙනෙකු අයත් වේ.



අදහස් (1)

’’රට ගිය ඇත්තෝ’’ ගැන වගතුග එළියට

Kumar Wednesday, 01 January 2025 01:40 AM

රුසියාවේ මැරෙන්න ගිය මෝඩයෝත් වැටෙන්නේ ඒ ගණයටද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

යුද හමුදා බාරයට ගත් LTTE යේ රත්රන් භාරදෙයි
2025 මැයි මස 02 38 0

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි


පිහි ඇනුමකින් අයෙක් මරුට
2025 මැයි මස 02 180 0

මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.


ආරක්ෂාව ඉල්ලා දේශබන්දුගෙන් පොලිස්පතිට ලිපියක්
2025 මැයි මස 02 411 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු


සබරගමු සිසුවාගේ මරණයට සිසුන් 15කගෙන් ප්‍රකාශ ගනී
2025 මැයි මස 02 692 0

සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන


ප්‍රසන්න ඉෂාරා හොයන්න වෙස් ගැන්වූ කණ්ඩායම්
2025 මැයි මස 02 2256 5

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය


’ටිකිරා’ ඝාතනයට අයෙක් මාට්ටු
2025 මැයි මස 02 584 0

ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 487 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 129 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1147 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site