ඇස්ට්‍රාසෙනෙකා එන්නතින් දෝෂ ඇතැයි එම සමාගම පිළි ගනී ඇස්ට්‍රාසෙනෙකා සමාගම හඳුන්වාදුන් කොරෝනා එන්නතින් අතුරු ආබාධ ඇති වන බවට එම සමාගම බ්‍රිතන්‍ය මහාධිකරණ ඉදිරියේ පිළිගැනීමත් සමග එම එන්නත ගැන සැකයක් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 14 May 2024
ඉන්දියාව තවත් වසර පහක් කොටි තහනම් කරයි එල්ටීටීඊ කොටි සංවිධානයට එරෙහිව ඉන්දියාව පනවා ඇති තහනම තවත් වසර පහකින් දීර්ඝ කරන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය. 14 May 2024
වැටලීම් ගැන සමාජ මාධ්‍යයට දැමූ දෙකක් රිමාන්ඩ් මුර සංචාර , මත්ද්‍රව්‍ය වැටලීම් හා රථ වාහන රාඡකාරිය කරන පොලිස් නිළධාරින් පිළිබඳව මහමග රැඳී සිටිමින් වට්ස් ඇප් සමාජ ජාලය ඔස්සේ අපරාධකරුවන් දැනුවත් කළ දෙයියන්දර ප්‍රදේශයේ සැකකරුවන් දෙදෙනෙකු ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(14) නියෝග කළේය. 14 May 2024
දුම්රිය සංඥා පද්ධතිය බිඳ වැටෙයි කැලණියේ සිට ජාඇල දක්වා දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය බිඳවැටීම හේතුවෙන් දුම්රිය කීපයක් අතරමග නවත්වා ඇති බවත් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාද වන බවත් දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා මීට සුළු මොහොතකට පෙර පැවැසීය. 14 May 2024
සාම්පූර් සිද්ධියට තිදෙනෙක් රිමාන්ඩ් අධිකරණ නියෝගයක් කඩකළ බව කියන ත්‍රිකුණාමලය සාම්පූර් ප්‍රදේශයේ කාන්තාවක අත්අඩංගුවට ගැනීමට ඇයගේ නිවෙසට ගිය අවස්ථාවේදී පොලිසියට තර්ජනය කළ සැකකාරියගේ දියණිය ඇතුළු තිදෙනකු අද (14) අත්අඩංගුවට ගෙන මුතූර් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්රතාත්වරයා නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය. 14 May 2024
වෙසක් සැරැසිලිවලට ප්ලාස්ටික් තහනම් එළඹෙන වෙසක්සමයේ සිදු කරන විවිධාකාර ය සැරසිලි සඳහා ප්ලාස්ටික් භාවිතා නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටි. 14 May 2024
නිධන් ගන්න ගිය හතක් මාට්ටු දංඕවිට දඹුකන්ද ප්‍රදේශයේ කදුකර ප්‍රදේශයක නිධානයක් හාරමින් සිටි යකැදුරකු ඇතුළු පුද්ගලයන් හත් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලය කියයි . 14 May 2024
රට හදන බාධා නැති කරන්න නව නීතියක් පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 May 2024
’’දරුවන් ගැන සිතා සේවයට එන්න’’ අනධ්‍යයන සේවක වැඩවර්ජනය හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය දැවැන්ත අර්බුදයකට පත්ව ඇති බවත් දරුවන් ගැන සිතා සේවයට වාර්තා කරන ලෙස සියලුම අනධ්‍යයන සේවකයන්ගෙන් ඉල්ලීමක් කරන බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (14) පැවසීය. 14 May 2024
වෛද්‍ය කපිලගේ ඉල්ලීමට නීතිපති විරුද්ධ වෙයි මිනිස් භාවිතයට නුසුදුසු හියුමන් ඉයුනොග්ලොබින් එන්නත මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දැනට රිමාන්ඞ් භාරයට පත්කර සිටින වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ කපිල වික්‍රමනායක මහතා ඇප ඉල්ලා ගොනුකොට ඇති ප්රතිශෝධන පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට තමන්ට විරුද්ධ වන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය 14 May 2024
බටය මාරු වෙලා ඉන්ධන ලීටර් 60,000ක් අපතේ ගිහින් තෙල් සංස්ථාවේ ජෙට් කේ වන් ඉන්ධනවලට වැරදි බටයක් ගැසීම හේතුවෙන් ඉන්ධන ලීටර් 60,000ක් අපතේ ගොස් ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (14) පැවසීය. 14 May 2024
රණවිරුවන්ට ඉඩම් දෙන්න ජනාධිපති කමිටුවක් රණවිරුවන්ට ඉඩම් බෙදා දීම කඩිනම් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් අද (14)පත්කරනු ලැබීය. 14 May 2024
මොන්ටිසෝරි පාලිකාවන් 28000කටම සුදුසුකම් නෑ රට පුරා පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල පාලිකාවන් සහ සහකාර පාලිකාවන් 34000 කින් ඩිප්ලෝමා ලබාගෙන සිටින්නේ 6000 ක් පමණක් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (14) පැවසීය. 14 May 2024
සජිත් බාර් ගත්තු අයගේ ලැයිස්තුවක් ඉල්ලයි මත්පැන් බලපත්‍ර ගත්ත මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (14) රජයෙන් ඉල්ලීමක් කළේය 14 May 2024
කොට උඩ ගිය වැඩ කඩිනම් කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් අතරමග නතර වී ඇති ග්‍රාමීය සංවර්ධන කාර්යයන් කඩිනමින් අවසන් කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 14 May 2024
දුෂ්කර අවස්ථාවේ පලස්තීනයට තව උදව් කළ යුතුයි ලෝක නායකයන් හා සංවිධාන එක්ව වහාම පලස්තීන-ඊශ්‍රායල් ප්රශ්නය සඳහා කඩිනම් පියවරක් ගැනීමට රටක් ලෙස ලෝකයට බල කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 14 May 2024
කෙහෙළියගේ පෙත්සමට දින දෙයි ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම මේ මස 31 වනදා සලකා බැලීම ට අභියාචනාධිකරණය අද දින නියම කළේය. 14 May 2024
සටහන් වෙනස් කර කූට ලේඛන හැදූ සාජන්ලා අමාරුවේ මැදවච්චිය, තුලාවේලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට පහරදී තුවාල සිදුකිරීම හා තොරතුරු සටහන් පොතෙහි වෙනස්කර කූට ලේඛන සකස් කළ බව කියන කැබිතිගොල්ලෑව පොලිසියට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටි සැරයන්වරු දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය (III) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 14 May 2024
සි.අයි.ඩි ලෙස පෙනී සිටි තිදෙනා රිමාන්ඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු(සි.අයි.ඩි) නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලූපිටියේ නිවසක් පරීක්ෂා කර රුපියල් දෙකෝටි විසිලක්ෂයක මුදලක් හා ඩොලර් 3500ක් අල්ලස් වශයෙන් ගත් බව කියන දෙමටගොඩ සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය ලබන 28 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(14) නියෝග කළේය. 14 May 2024
දුමින්ද උසාවි යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ අද(14) නඩු පැවරීය. 14 May 2024
අධ්‍යාපන නිලධාරී දාහක් ශිෂ්‍ය භට තනතුරු වලට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයට අයත් නිලධාරීන් දහසක් ජාතික ශිෂ්‍ය භට බලකායේ අධිකාරිලත් තනතුරු වලට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 May 2024
රණ විරුවන්ට රජයේ ඉඩම් රණවිරුවන්ගේ පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබාදීමේ ව්‍යාපෘතිය විධිමත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 May 2024
ඒ.සී. විශ්වලිංගම් සම්මානය ඉංජිනේරු මෙහෙවර ඇගයීමක් ආචාර්ය ඒ.සී. විශ්වලිංගම් සම්මානය රටට ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ, රටට ජනතාවට සේවයක් කළ ඉංජිනේරුවන් හඳුනා ගැනීම බව ඉංජිනේරු ඒ.සී. විශ්වලිංගම් මහතා පැවැසීය. 14 May 2024
ඇමෙරිකා රජයේ ලොක්කෙක් ජා.ජ.බ සමග සාකච්ඡාවක ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර ඇමෙරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් කොළඹ ගාලුමුවදොර හෝටලයේදී පැවැත්විණි. 14 May 2024
පානගමුවේ කුකුල්ලු මැති සබයට රජය අඩු ආදායම්ලාභීන් සඳහා බෙදා දෙන ලද සහල් කෑ පානගමුවේ කුකුළන් හත් දෙනකු මිය යාමේ සිද්ධිය පිළිබඳව දැනුවත් දැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද (14) විමසීය. 14 May 2024
ඇමෙරිකාව ඉන්දියාවට අනතුරු ඇමෙරිකාව, ඉන්දියාවට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, ඉන්දියාව, ඉරානයේ චබහාර් වරාය සම්බන්ධයෙන්, ඉරානය සමඟ වසර 10 ක කොන්ත්‍රාන්තුවකට අත්සන් තැබීමත් සමඟය. 14 May 2024
දැන්වීම් පුවරුවක් කඩා වැටී 14 ක් මරුට ඉන්දියාවේ වෙළෙඳ අගනගරය ලෙස සැලකෙන මුම්බායි හි විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටී සිදුවූ අනතුරකින් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 70 ට වැඩිය. 14 May 2024
ලංකාවට එන හැම සුද්දාටම ’’තේ සිහිවටනයක්’’ ලංකාවට එන විදේශිකයන් සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තේ පිලිබඳ සිහිවටනයක් ගුවන් තොටුපෙළේ දී ලබා දීමට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා යෝජනාවක් ඉදිරිපත් කළේය. 14 May 2024
මෝදි නාම යෝජනා භාර දෙයි ඉන්දීය මහ මැතිවරණයට අදාලව, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නාම යෝජනා භාර දුන්නේය. ඒ, වරණාසි ආසනය වෙනුවෙනි. 14 May 2024
අකුණු සැර වැදිමෙන් ගවයින් මැරිලා නාවලපිටිය ප්‍රදේශයට ගිගුරුම් සහිත වැසි පතිත විමත් සමඟ අකුණු සැර වැදිමෙන් තෘණ බිමක ගැට ගසා සිටි එළගවයින් තිදෙනෙකු සහ එක් ගවයෙකු මියගොස් ඇතැයි නාවලපිටිය පොලිසිය පැවසිය. 14 May 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025