
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රේගුව පසුගිය වසරේ (2024) රුපියල් ට්‍රිලියන 1.5 අධික වාර්තාගත ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
මෙම ට්‍රිලියන 1.5 ශ්‍රී ලංකා රේගුව, ඉතිහාසයේ වසරක් තුල ලබාගත් ඉහලම ආදායම බවත් ඊයේ (31) පෙරවරු 11.00 වන විට රුපියල් ට්‍රිලියන 1.5 සීමාව ඉක්මවූ රේගු ආදායම, දිනය අවසානයේදී රුපියල් ට්‍රිලියන 1.515 ක් දක්වා වර්ධනය වීමට නියමිතව තිබූ බවත් අරුක්ගොඩ මහතා කීයෙ
රජය 2024 වසර සඳහා ලබාදී තිබූ රුපියල් ට්‍රිලියන 1.533 ක ආදායම් ඉලක්කය ඉතා ආසන්නයටම සපුරා ගැනීමට ශ්‍රී ලංකා රේගුවට හැකිවී ඇති බවත් රජයේ බදු ප්‍රතිපත්තිය, ආනයන ප්‍රමාණය ඉහල යාම හා විශේෂයෙන් රේගු කලමනාකාරිත්වය විසින් කරන ලද බදු එකතුකිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා ගනු ලැබූ ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීම සඳහා සමස්ත රේගු කාර්‍ය මණ්ඩලයම කැපවී කටයුතු කිරීම මේ අයුරින් වාර්තාගත ආදායමක් උපයා ගැනීමට හේතු වූ බවත් ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර පාණ්ඩු හිටියා නම් ඕක බිලියන 10-12 කියලා තමයි නිව්ස් එකේ යන්නේ...
පාර්ලිමේන්තුවට දෙවැනි නැති ලෝක හොරුන්ගේ රජ දහන...
වෙන මොනවාත් ඕනැ නෑ.. රේගු නිලධාරින්ගේ ගෙවලුයි වාහනයි දැක්කාම තේරෙනවා.. පොතේ තියන පඩිය ගන්න පුළුවන්ද බැරිද කියලා
කවුරු කවුරුත් අවංක වැඩ කලා නම් තමන්ගේ ආත්මයටත් තමන්ගේ දරු දැරියන්ටත් රටටත් හොඳයි