IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පැන්ෂන් ගිය ලොක්කෙකුගේ රජ සැපට කෝටියක් පුදලා


(සුජිත් හේවාජුලිගේ)

විශ්‍රාම ලැබූ උසස් නිලධාරියෙකු පාර්ලිමේන්තුවේ එක්තරා සභාවක ලේකම් ධූරයකට  පත්  කර වැටුප් හා වෙනත් පහසුකම් වසර දෙකකට ආසන්න  කාලයක් තිස්සේ  ලබාදීමෙන් රජය මේ දක්වා  රුපියල්  කෝටියකට  වැඩි  අමතර වැය බරක් දරා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම නිලධාරියා වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂ හයකට ආසන්න දීමනාවක් මෙන්ම වෙනත් පහසුකම්  දෙන  බව පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.

මෙම සභාවේ ලේකම් ධූරය දැනට පාර්ලිමේන්තුවේ මහලේකම් වරියටම  කරගෙන යෑමට හැකියාව තිබියදී විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීම විහිළු සහගත කාරණයක් බව එම නිලධාරීහු සඳහන් කරති.

මෙම නිලධාරියා වසර විසි නවයක සේවයෙන් පසුව පසුගිය වසරේ මැයි මාසයේදී  විශ්‍රාම ලැබුවේය.

විශ්‍රාම ගොස් දින කිහිපයකින් පසු මෙම සභාවේ ලේකම් ධූරයට ඔහු පත් කෙරුණේ පසුගිය රජයේ ප්‍රධානියකුගේ ආශිර්වාදයෙන් බව දැනගන්නට ඇත. දූෂණය නාස්තිය පිටුදැකීමට කටයුතු කරන්නේ නම් මේ කාරණය පිළිබඳව රජයේ අවධානය යොමු විය යුතු බව පාර්ලිමේන්තු සේවකයෝ ප්‍රකාශ කරති.



 

 



අදහස් (1)

පැන්ෂන් ගිය ලොක්කෙකුගේ රජ සැපට කෝටියක් පුදලා

Bunny Preena Thursday, 02 January 2025 09:44 AM

විශ්‍රාම ගැනිල්ල ආපු එක කිසිම ලැජ්ජාවක් බයක් සහ ආත්ම ගෞරවයක් තියෙන කෙනෙක් නෙමෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 322 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site