මියගිය කත ජීවත් වන බවට ලිපියක් දුන් ග්‍රාම නිලධාරිට වැඩ වරදී මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටී බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙකු කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 15 May 2024
ලක්ෂ 90ක මත් තැපෑලෙන් අල්ලයි රුපියල් ලක්ෂ 90 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගත් බව අතිරේක රේගු අධ්යක්ෂ ජෙනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සිවලී අරුක්ගොඩ මහතා පැවසීය. 15 May 2024
’’තව 40000ක් ඊශ්‍රායල් රැකියාවලට යවනවා’’ ශ්‍රි ලංකාව නොබැඳි ජාතීන්ට අයත් රටක් වන බැවින් වෙනත් රටවල දේශපාලන කටයුතු වලට බලපෑම් කළ නොහැකි බවත්, පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණ කිරීමෙන් ඊශ්‍රායල් යුද්ධය නතර කිරීමට නොහැකි බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. 15 May 2024
කටුමැටි පැලේ අලිගැවසෙන වනය මැද නිවුන් පුතුන් තිදෙනකු බිහි කෙරුව සඳ හබරණ පුවක්පිටිය මහා වන මැද පුංචි කටු මැටි ගැසූ පැලක ජිවත් වූ තරුණ මවක පසුගිය අම්මා වරුන්ගේ දිනයට පැය කිහිපයක් තිබියදී දඹුල්ල රෝහලේදී තුන් නිවුන් පිරිමි දරු උපතක් සිදුකළාය. 15 May 2024
සා.පෙළ විද්‍යා පේපරේට නිදහස් ලකුණු 2ක් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් පිරිනැමීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අනිත් ජයසුන්දර මහතා පැවසීය. 15 May 2024
ලංකා පසට අලුත් පොහොරක් නිර්දේශ කරයි ආනයනික ත්‍රිත්ව සුපිරි පොහොර (TSP- Triple Super Phosphate) වෙනුවට ආදේශකයක් ලෙස සිංගල් සුපර් පොස්පේට් (SSP- Single Super Phosphate) පොහොර මෙරට පසට ඉතාමත් යෝග්‍ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ. 15 May 2024
අසිත ප්‍රනාන්දුට වීසා දෙයි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ඇමෙරිකානු වීසා ප්‍රතික්ෂේප වූ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට වීසා අද (15) ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 15 May 2024
යුගයක නිමාව සහ නව යුගයක ඇරැඹුම සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූනග් අද (15) සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවත් නව අග්‍රාමාත්‍යවරයා ලෙස 51 හැවිරිදි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් තේරී පත්වනු ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය. 15 May 2024
හමුදාපතිට අපහස කළැයි පුද්ගලයකුට තහනම් ආඥාවක් යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් අසත්‍ය ,ද්වේශ සහගත හා අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝ හා ප්‍රකාශ නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම,බෙදා හැරීම වළක්වමින් සමාජ ජාලා මාධ්‍ය ක්‍රියාකාරිකයකුට හා එම යු ටියුබ් නාලිකාවට එරෙහිව කොන්දේසි සහිත තහනම් ආඥාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(15) නිකුත් කළේය. 15 May 2024
විදුලි ඉංජිනේරුවරු 130 ක් සේවය හැර ගිහින් ආර්ථික ගැටලු ඇතුළු විවිධ කරුණු හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් 130 දෙනකු මෑත කාලයේදී සේවය හැර ගොස් ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. 15 May 2024
මිනිස් ජාවාරමුන්ට දැඩි දඬුවම් මිනිස් ජාවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය මඟින් උපරිම දඩුවම් පමුණු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය . 15 May 2024
ක්‍රිකට් සභාපති ශම්මිට වාරණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ වැඩබල ලේකම්වරයාට එරෙහිව වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (15)නිකුත් කළේය. 15 May 2024
’’හොරු අල්ලන නීති රැසක් ගෙනාවා’’ හොරු ආරක්ෂා කරන බවට චෝදනාවට ලක්වූ ආණ්ඩුව විසින් හොරු අල්ලන නීති රැසක් පසුගිය දෙවසර ඇතුළත ගෙන ආ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 15 May 2024
ජනපති කාර්යාලය ඉදිරිපිට උණුසුම් වෙයි අල්ලස් දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය අද (15) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවේදී උණුසුම් තත්ත්වයක් ඇති විය. 15 May 2024
ශ්‍රීලනිප වැඩ බලන සභාපති එරෙහි වාරණය දිර්ඝ කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස තේරී පත් වූ අධිකරණ ඇමති අමාත්‍ය විජයදාස රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරථි දුෂ්මන්ත මහත්වරුන්ට එම ධූරවල කටයුතු කිරීම සහ එම තෝරා පත් කරගැනීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝග ලබන 27 දින දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද(15) නියෝග කළේය. 15 May 2024
ලක්ෂ 21 ක දුම්වැටි ගුවන්තොටේ හිරවෙයි නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් ලක්ෂ විසි එකක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග ඒවා මෙරටට රැගෙන ආ පුද්ගලයා ද ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් අද(15) අත් අඩංගුවට ගෙන තිබේ . 15 May 2024
කොළඹ ගං වතුර මඩින වැඩ කඩිනම් කරයි කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සදහා ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 15 May 2024
විජේදාසට එරෙහි දුමින්දගේ නඩුව විභාගයට අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්වීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවරු නඩුව විභාගයට ගැනීමට තීරණය කළ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා නඩුවේ කරුණු අද තහවුරු කරන ලෙසට පැමිණිලි පාර්ශවයට දන්වා සිටියේය . 15 May 2024
සා.පෙළ. ට ගිය සිසුවියන් දෙදෙනා අතුරුදන්? අපොස සමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටිම විභාග මධ්‍යස්ථානයට පැමිණි පාසල් සිසුවියන් දෙදෙනෙකු ආපසු සිය නිවාස වෙත නොපැමිණි බව පවසමින් එම සිසුවියන් දෙදෙනාගේ භාරකරුවන් පැමිණිල්ලක් කර ඇතැයි ගිනිගත්හේන පොලිසිය කියයි. 15 May 2024
පිළියන්දල නිවසකින් ගිනි අවි-උණ්ඩ සොයාගනී පරිසර වේදියෙකු ලෙස ක්‍රියා කළ දැනට මියගොස් සිටින පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නිවසේ තිබී ටී 56 ගිනි අවියක්, මැගසින් 4 ක්, ජීව උණ්ඩ 116 ක්, මෝටර් උණ්ඩයක් සොයාගත් බව කැස්බෑව පොලිසිය පවසයි. 15 May 2024
‘අයිස්‘සැකසුම් මධ්‍යස්ථානයක් යාපනයෙන් වටලයි යාපනය නුනාවිල්හීදී අයිස් මත්ද්‍රව්‍ය සැකසුම් මධ්‍යස්ථානයක් වැටලු බව යාපනය පොලිසිය සදහන් කරයි. 15 May 2024
වැස්ස අඩු නොවන හැඩ ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ වර්ධනය වී පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 15 May 2024
ඉන්දීය ‘‘කැන්ඩි සෑමි කණ්ඩායමේ‘‘ මූල්‍ය විධායකට අධි චෝදනා පල්ලෙකැලේ පැවැති ’’ලෙජන්ට් ට්‍රොපි 2024’’ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දියාවේ කැන්ඩි සෑම් ආමි කණ්ඩායමේ ප්‍රධාන මූල්‍ය විධායක යෝගි පටෙල් ක්‍රිකට් කළමනාකාර වරයාට අධි චෝදනා බාර දුන් මාතලේ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා නඩුව විභාග කර තීන්දුවක් ලබා දෙන තෙක් විත්තිකරුට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කළේය. 15 May 2024
විජයදාසට එරෙහිව දුමින්දගේ නඩුවේ ප්‍රකාශය අද අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්වීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවරු නඩුවේ නියෝගය අද ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා දන්වා සිටියේය. 15 May 2024
මන්ත්‍රීවරුන් ඉල්ලූ රක්ෂණය දෙන්න කතානායක බෑ කියයි මන්ත්‍රීවරුන් තම පවුල්වල සාමාජිකයන්ටත් රක්ෂණ ආවරණය ලබාදෙන ලෙස පසුගිය (10) වැනිදා සිකුරාදා පැවැති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී දැඩිව ඉල්ලීම් කර ඇත. 15 May 2024
තරුණියකට අරක්කු පොවා අමුතු මෝස්තරයක් කියා දුන් මෝස්තර ශිල්පියාට මාංචු මාවතගම නගරයේ ගොඩනැගිල්ලක කාමරයක් තුළදී අවුරුදු 19ක් වයස තරුණියක අරක්කු පොවා වෙරි වූ පසු දූෂණය කළේ යැයි කියන විලාසිතා නිර්මාණ ශිල්පියකු මාවතගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත. 15 May 2024
ඩයනා වාහන බාරදෙයි සංචාරක හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සිය නිල වාහන තුනක් පසුගිය 10 වැනිදා සිකුරාදා නිලධාරීන්ට බාර දුන්නාය. 15 May 2024
ඇස්ට්‍රාසෙනිකා ගත්තු අය බයවෙන්න එපා ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය. 14 May 2024
නිලධාරීන් පැමිණ නෑ: වීසා අවුලේ මුදල් කමිටු සාකච්ඡාව නවතී කටුනායක ගුවන්තොටුපොළේ වීසා ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අද (14) කැඳවා තිබුණද එකම නිලධාරියකු හෝ පැමිණ නොසිටීම විශේෂ සිද්ධියක් විය. 14 May 2024
දිසා හතරකට නාය අනතුරු අඟවයි දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 17 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද 14 සවස නිකුත් කර තිබේ. 14 May 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025