
(නිමල කොඩිතුවක්කු)
වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන දීමනාව රුපියල් 10000 දක්වා වැඩිකරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සඳහන් කරයි.
ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ තොරතුරු අනුව දැනට වකුගඩු රෝගීන් 47,244 සිටින බවත් එම අමාත්‍යාංශය පවසයි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ඒ සම්බන්ධයෙන් තොරතුරු යාවත්කාලින කිරීමක් මේ දිනවල සිදු කෙරේ.
එම සංඛ්‍යා දත්තවල නිරවද්‍යතාව තහවුරු කර තොරතුරු යාවත්කාලීන කිරීමට නියමිත අතර මෙම යාවත්කාලීන කිරීම මගින් ජනතාවට ලැබෙන කිසිදු ප්‍රතිලාභයක් අහිමි නොවන බවත් අමාත්‍යාංහය සඳහන් කරයි.
දෙසැම්බර් මාසයෙන් පසු වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන දීමනාව කප්පාදු කරන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එම අමාත්‍යාංශය තවදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දීමනාවෙන් වකුගඩු රෝගීන්ට වැඩක් නෑ. රජයේ රෝහල්වල බෙහෙත් නෑ. ඔය දීමනාවෙන් ෆාමසියෙන් බෙහෙත් ගන්නත් බෑ. කල යුතු දේ රජයේ රෝහල්වලට අවශ්‍ය බෙහෙත් ගෙනත් දීමයි.