
(යොහාන් භාසුර)
මාතර බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටීමෙන් රැඳවියෙක් මරණයට පත්ව තවත් රැඳවියන් නවයක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව මාතර මහ රෝහලේ ප්‍රකාශයෙක් පැ වසීය.
අදාල රැඳවියා රෝහල්ගත කරන විටත් මරණයට පත්ව සිටි බව කී රෝහල් ප්‍රකාශකයා නේවාසිකව ප්‍රතිකාර ලබන රැඳවියන් අතරින් කීපදෙනකුගේ තත්වය බරපතල බව ද සඳහන් කළේය.
පිරිමි රැඳවියෙක් මරණයට පත්ව ඇති බව කී රෝහල් ප්‍රකාශකයා රෝහලේ ප්‍රතිකාර ලබන සියලු දෙනා ද පිරිමි රැඳවියන් බව ද සඳහන් කළේය.
මාතර බන්ධනාගාරයේ වාට්වුවක් පිහිටි ගොඩනැගිල්ලකට ඊයේ (01) රාත්‍රී 10.00 ට පමණ විශාල ගසක් කඩාවැටී ඇති බවත් එහිදී තුවාල ලැබූ පුද්ගලයන් දහයකට ආසන්න පිරිසක් රෝහල්ගත කළ බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක පාඩමකට ගෙන පාරවල් අයිනේ තියෙන දැවැන්ත බෝගස් සහ අලුතින් පාර බාධාවන ලෙස වවන බෝපැල ඇතුලු විශාල ලෙස වැඩෙන ගස් ඉවත්කර දාන්න. 2023දී ලිබර්ටි ප්ලාසා ලඟ බස් එක උඩට කඩා වැටුන ගහ මතක නේද? පාර දෙපස කුඩාවට වැඩෙන ගස් මිස ලොකු ගස් වැවීම තහනම් කරන්න.