
( රොමේෂ් මධුෂංක)
යාපනය නෙඩුන්තීවු දූපතේ සිටි මුහුදු මර්ගයෙන් මගීන් ඇතුලු 60 දෙනෙකු පටවා ගත් යත්‍රාවකට හදීසියේම මුහුද මැදදී ඇති වූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් එම යාත්‍රාවේ සිටි මගීන් ධීවර යාත්‍රා මගින් බේරා ගොඩට ගෙන ඒමට ප්‍රදේශවාසී ධීවරයින් විසින් පියවර ගෙන ඇත.
ඊයේ (01) සවස නෙඩුන්තීව් දූපතේ සිට කූරිකඩ්ඩුවාන් ජැටිය දක්වා මෙලෙස මගීන් ඇතුලු යාත්‍රාවේ සේවකයින් 60 දෙනෙකු පමණ අදාල යාත්‍රාවේ ගමන් කරමින් සිටින අතරවාරයේදී මුහුදේ අතරමැද යාත්‍රාවේ එන්ජිමේ ඇති වූ දෝෂයක් හේතුවෙන් නැවතී තිබිණි.
පසුව මුහුදේ තිබූ රලු ස්වභාවය හේතුවෙන් යාත්‍රාවේ ගමන්ගත් මගීන් අතර නොසන්සුන්තාවයක් ඇතිව උදව් ඉල්ලා ඇති අතර ඒ පිළිබඳව අසල මසුන් අල්ලමින් සිටි ධීවර යාත්‍රාවකට නිරීක්ෂණය වී තිබේ.
අනතුරුව අදල ධීවර යාත්‍රාව මගින් තවත් ධීවර යාත්‍රා කිහිපයකට මේ පිළිබඳ දැනුම් ධී නැවතී තිබූ මගී යාත්‍රාවේ සිටි මගීන් සියලු දෙනා ආරක්ෂිතව ගොඩට ගෙන ඒමට කටයුතු කොට ඇති අතර මගී යාත්‍රාවද ගොටඩ ඇදගෙන ඒමට ධීවර යාත්‍රා සහය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුෂ්‍යත්වයේ ක්‍රියා. පැසසිය යුතුයි.
අනවසර සංක්‍රමණිකයන් විය හැක, ඔවුන් ආපසු හරවා යැවිය යුතුය, එසේ නොවුවහොත් එය අපේ මාතෘ භූමියට විශාල ප්‍රශ්නයක් වනු ඇත.
මනුෂ්‍යත්වය හොදයි එත් අවශ්‍ය දේවල් දීලා මේ අය වහාම නැවත යන්න ක්‍රියාත්මක කරන්න නැත ගියාද කියලා හොයලා බලන්න මේ දවස් වල හරියට ලංකාවේ කිට්ටු මුහුදු තීර වලට බෝට්ටුවල මිනිස්සු පිරිලා එනවා
අනිවාර්යෙන් මේ අය ආපසු යවන්න වැඩ පිළිවෙළක් හදන්න ගියාද කියලා හොයලා බලන්න
කෝ නාවික හමුදාව නිදිද? නැත්නම් අයින් කරලාද? මේ අය කවුද කියලා හොයලා බලන්න මේවා නැත්නම් ලොකු කරදර