
(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත තව දෙසතියකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
එම පනත් කෙටුම්පත ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට යොමු කළ බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පසුගිය 2023 වසරේ කැඳවුණු නාම යෝජනාවලංගුකර නැවත කැඳවීම සඳහා මෙම සංශෝධන මගින් ප්‍රතිපාදන සැලසේ.
නවක ඡන්දදායකයන්ට ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාවක් ලබා දීමේ ප්‍රධාන අරමුණ ඇතිව මෙම සංශෝධන කර ඇත.
පක්ෂ නායකයන්ගේ එකඟතාව මත මෙම සංශෝධන ගැනීමට කැබිනට් මණ්ඩලයේ පසුගියදා තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd