
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවක කප්පදුවක් සිදුකිරීමට රජයට කිසිදු බලාපොරොත්තුවක් නැති බව සෞඛ්‍යා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රාජ්‍ය සේවයේ සිටින පිරිස ඵලදායි ලෙස හා කාර්යක්ෂමව සේවයේ යෙදවීම රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා කීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පහළ ශ්‍රේණිවල බොහෝමයක් බඳවා ගැනීම් සිදුකර ඇත්තේ සේවා අවශ්‍යතාවයට වඩා දේශපාලන උවමනාවට බවද අමාත්‍යවරයා කීය.
"රැකියා කප්පාදුවකට යන්න බලාපොරොත්තුවක් නෑ. මොන විදියට බඳවා ගැනීම් කළත් ඒ අය රජයේ සේවයට ඇතුළත් වෙලා තියෙනවා. ඒ මත තමන්ගේ ජීවිතය සැලසුම් කරගෙන තියෙනවා. සමහරු බැංකු ණය අරන් ඇති.
නමුත් රජයෙන් ඔවුන් වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරනවා. මහජනතාවට උපරිම සේවයක් ලබාදීමට රාජ්‍ය සේවය කළමනාකරණය කරනවා. රාජ්‍ය සේවය බර වැඩියි කියන්නේ රාජ්‍ය සේවකයන් ඉවත් කරනවා කියන එක නෙමෙයි" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුනාට ලාල්කාන්ත ඇමැතිතුමා කිව්වා රාජ්‍ය සේවකයන්ට සුනාමියක් එනවා කියල, අර මොකෝ එහෙම කිව්වේ?
රජයේ වියදම් දිනකට රුපියල් බිලියන 6 කි ආදායම බිලියන 5 කි . රජයට වැඩිපුරම වියදම් වෙන්නේ සේවකයන්ට වැටුප් සහ දීමන ගෙවන්න රජයේ සේවකයෝ කොපමණ සිටියත් රජයේ කාර්යාල වල වැඩක් කෙරෙන්නේ නැහැ , වැඩිපුර සිටින සේවකයෝ ඉවත් නොකලොත් තව අවරුදු 3-4 කින් ආර්ථිකය වැටෙනවා
ඇත්ත ටිකක් කිව්වා. ඉතිරියත් කියන්න. අඩුම තරමේ රාජ්‍ය සේවයට අලුතින් බඳවාගැනීම අත්‍යාවශ්‍ය ස්ථාන වලට සීමා කරනවා කියලාවත්. රටේ බදු ආදායම කොල්ලකෑමට නිකම්ම ඉන්න අතිරික්ත සේවක ප්‍රජාවට ඉඩ දීම කොතරම් සාධාරණද? උදාහරණ ලෙස අපේ ගමේ ග්‍රාම නිලධාරී කාර්යාලයේ උපාධිධාරී සංවර්ධන නිලධාරීන් දෙන්නෙක් මොබයිල් එකට කොට කොට ඉන්නවා. ග්‍රාම නිලධාරිවරිය එක දිගට වැඩ කරනවා. මේක සාධාරණීකරණය කළ හැකිද? හරිම ජුගුප්සාජනක ක්‍රියාවක්...
කැමැති අයට ඉවත් වෙන්න අවස්ථාව දෙන්න...