
(යොහාන් භාසුර)
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අප්‍රේල් මාසය වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද (31) පැවසීය.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද (31) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක වෙමින් තිබියදීම අදියර කීපයක් යටතේ ඇගැයීම් කළ බවත් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට මාස හතරක පමණ කාලයක් ගතවනු ඇති බවත් ඒ මහතා කීය.
ඒ අනුව උසස් පෙළ විභාගය ප්‍රතිඵලය ලබන අප්‍රේල් මස වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විභාග ප්‍රතිඵල මාස දෙකක් ඇතුළත ලබාදෙන ක්‍රමවලදී සහ විශ්ව විද්‍යාල වලට ඇතුළත්වීම මාස හතරක් තුළ අවසන් කිරීමට පියවර ගතහොත් තරුණ ශ්‍රමය ජවය සහ පිටරට ඇදීයන බුද්ධිය මෙරට සේවයට ලබාගැනීම වේගවත් වෙනවා. අනික උසස් පෙළ ඉස්සර විදියට දොලොස් වැනි වසරේ සහ සාමාන්‍ය පෙළ දහය වසර අවසානයේ පැවැත්වීමට පියවර ගැනීමට බැරිද? දියුණු රටවල පළමු උපාධිය වයස 22 -23 අතර අවසාන වනවා පමණක් නොව තරුණ ප්‍රජාව ආතතිය නැතිව ශ්‍රම බලකාය ශක්තිමත් කරනවා...