
(සුජිත් හේවාජුලිගේ)
පොලිසියේ යූටියුබ් නාලිකාවටත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියටත් අද (31) සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත.
මේ අනුව ඒවායේ පාලනය සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් අැති බව සඳහන්වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා ප්‍රකාශ කරන්නේ කිසියම් පුද්ගලයෙකු මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් අැතුලුවි ඇති බවයි.
එම වෙබ් අඩවිය වෙනත් බාහිර පාර්ශවයක් භාවිත කරන බවට නිරීක්ෂණය වන බවද ඔහු සඳහන් කළේය.
පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.
සයිබර් ප්‍රහාර එල්ලවූ පොලිසියේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියත් යූටියුබ් නාලිකාවත් යථා තත්වයට පත් කිරීමට කටයුතු කෙරෙමින් පැවතිණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ විලි ලැජ්ජයි
තමන්ට පස්ස පැත්ත බේරාගන්න බැරි පොලිසිය ගැන මහජන විශ්වාසය පවත්වාගෙන යන්නේ කොහොමද? බරපතල ප්‍රශ්නයක් නේද?