
(ගයාන් සූරියආරච්චි)
අරගල සමයේ එක් උණ්ඩයකින් හෝ සාමාන්‍ය වැසියකුට වෙඩි තැබීමට තමා නියෝග නුදුන් බවත් නිල බලයෙන් උමතුවී ජන ඝාතකයකුවීමට තමා උත්සුකවීමට තමාට අවශ්‍ය නොවූ බවත් හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ජන ඝාතකයකුවීමට තමා උත්සුක නොවූ හෙයින් සෙසු රටවල් මෙන් මෙරට අපායක් නොවී බේරුණු බවද ඔහු සදහන් කරයි.
බල ලෝභී පාලකයන් පවසන පරිදි රාජ්‍ය පාවාදීමේ අශ්සීල දුර්ජන පරමාර්ථයක් තවාට නොවූ බවද විදෙස් රටක බළල් අතක් වීමට හෝ විදෙස් තානාපති කාර්යාලයක සුරතලකුවීමට ආශාවක් තමාට නොතිබුණු බවද ඔහු සදහන් කරයි.
41 වසරක යුද දිවියෙන් විශ්‍රාම යාමේ නිමිත්තෙන් අද(31) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයකින් අනතුරුව නිකුත් කළ විශේෂ ප්‍රකාශයක මෙම කරුණු සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ගරු කරනවා එම තීරණයට...
ජය ගන්නා තුරුම යුද පිටිය මෙහෙය වූ ඔබට උත්තමාචාරය...!
තිස් වසරක කුරිරු ත්‍රස්තවාදය නිමාකළ මහින්ද, ගෝඨාභය, ෆොන්සේකා සහ ඔබ ඇතුළු රණවිරුවන්ගේ සේවය සදා අමරණීයයි...
දකුණේ එහෙම වුණාට, උතුරේ විතරක් වෙනස්...
ඔබට අපගේ ආචාරය...!
එතකොට අර වෙඩි තිබ්බේ කාගේ නියෝගයකට අනුවද එහෙනම්..?
ඒ උදාර ගුණයට සහ මානුෂික මෙහෙයුමේ දී ඔබ කළ දැවැන්ත සේවාවට හිස නමා ආචාර කරනවා.
යුද ජයග්‍රහණයට මෙතුමා දැවැන්ත සේවයක් කළා. කෝවිඩ් සමයේ හෝටල් ටිකක් සෙට් කරගෙන මල්ටි බැරල් සයිස් ගේමක් දුන්නා කියලා කව්දෝ කිව්වලු.
සිරාවටම...
ඒ කාලේ හමුදාව ආයුධ පෙන්නන්න එක්කගෙන ගිහින් මනුෂ්‍ය ඝාතන කරන කොට නිදි වැදිලාද හිටියේ...?
ජනාධිපති මැදුර අසල හමුදාවෙන් ඕනෑ තරම් වෙඩි තැබීම් සිදුවූවා අරගලය වෙලාවේ...
නමුත් තමා සේවය කළ රජයේ ජනාධිපතිවරයා හෝ අඩුම වශයෙන් ජනාධිපති වාසය කළ නිලනිවස ආක්‍රමණකාරීන්ගෙන් බේරාගැනීමටවත් කිසිවක් කළේ නෑ නේද?
රටට ණය නැති උතුම් මනුෂ්‍යයෙක්. රට අඳුරින් එළියට රැගෙන එන්නට දායක වුණා. රටේ මිනිසුන්ට අභය දානය දිමට දයක වුණා. ඔබට නීරෝගිමත් විශ්‍රාම දිවියට ආසිරි.
ඔබේ මිනිසත්කමට අපේ උත්තමාචාරය... සුවබර විශ්‍රාම දිවියක් පතනවා.
අපගේ උත්තමාචාරය...!
සරත් ෆොන්සේකාගේ රෝගය ඔබටද වැළඳී ඇත. සේනාධිනායකයාගේ වගකීම පවරා ගෙන ඇත. ජනතාවට වෙඩි නොතැබීමේ තීරණය ඔබගේ නොව ගෝඨාභයගේය. ගෝඨාභය නියෝග කළේ නම් ඔබට වෙඩි තැබීමට සිදුවනු ඇත. ගෝඨාභය වෙඩි තැබීමට අණ දී, ඔබ එය නොසලකා හැරියේ නම් ඔබගේ කතාව නිවැරදියි. ගෝඨාභයගේ අරක්ෂකයින් ජනාධිපති මන්දිරයෙන් ගෝඨාභය ඉවත් නොවන්නේ නම් ජනතාවට වෙඩි තැබීමට සිදුවන බව ඔහුට දැනුම් දුන් බවත්, ගෝඨාභය ඉවත්වීමට තීරණය කළ බවත් වාර්තා විය.
වචනයේ සැබෑ අරුතින්ම රණ සූරයකු වන චාගි ගාල්ලගේට යුද්ධයේ අවසන් සමයේ හටගත් හෘදයාබාධය නිසා ඇතිවූ හිඩැස පිරවීමට සරත් ෆොන්සේකා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභගේ බලයෙන් පැමිණි ඔබ ඉන්පසු කටයුතු කලේ යුද පෙරමුණේ නොව මාධ්‍ය පෙරමුණේ බව දන්නෝ දනිති. තුවක්කුවට වඩා කැමරාව සමග යුද පෙරමුණේ කටයුතු කළ ඔබට වඩා චාගි පමණක් නොව, ජගත් ඩයස්, කමල් ගුණරත්න ආදී අනෙක් සේනාංක මෙහෙය වූවන් යුද්ධය සම්බන්ධයෙන් දක්ෂයින් බව සැඟවීමට කාරණයක් නොවේ. අරගල සමයේ ඔබගේ සැක කටයුතු ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමල් වීරවංස සඳහන් කළ දෑ වැරැදි නම් ඔහුට එදිරිව නඩු දමා ඔබගේ නම පිරිසිදු කරගන්න අවස්ථාව තිබේ....
මෙයත් එක්ක බයියෝ තරහයි. ටෝයියෝ කැමැති නෑ. දේශපාලනය මෙවන් විරුවන්ව නැති කළා...