
(විමුක්ති එස් රුද්‍රිගු)
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් දෝෂාභියෝගයෙන් පාරජයට පත්කර ධුරයෙන් නෙරපිමෙන් අනතුරුව වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්කළ අග්‍රාමාත්‍ය හන් ඩක් සෝ වද එරට පාර්ලිමේන්තුව අද (27) දෝෂාභියෝගයකින් පරාජයට පත්කර ධුරයෙන් නෙරපා හැර ඇත.
"අග්‍රාමාත්‍ය හන් ඩක් සෝට එරෙහිව ගෙන ආ දෝෂාභියෝග යෝජනාව සම්මත වුණා. ඡන්දය ප්‍රකාශ කළ නීති සම්පාදකයින් 192 ගෙන් 192 දෙදෙනාම එයට පක්ෂව ඡන්දය පාවිච්චි කරලා තියෙනවා." දෝෂාභියෝග යෝජනාව පිළිබඳ පැවැති ඡන්ද විමසීමේ ප්‍රතිඵල නීති සම්පාදකයින් වෙත දැනුම් දෙමින් එරට පාර්ලිමේන්තුවේ කතානායක වෝ වොන් ෂික් පැවැසුවේය.
දකුණු කොරියානු හිටපු ජනාධිපති යුන් සුක් යෝල් යුද නීතිය ප්‍රකාශයට පත් කරමින් දියත් කළ කැරැල්ලට සහයෝගය ලබාදෙන බව පවසමින් හන් ඩක් සෝට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට එරට විපක්ෂය කටයුතු කළේය. දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහි දෝෂාභියෝගය සම්පූර්ණ කිරීමට හන් ඩක් සෝ මැලිකමක් දක්වන බව විපක්ෂයේ චෝදනාව විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කට්ටිය ගෝඨා ගෝ ගමට වඩා රාජ්‍ය තාන්ත්‍රික භාවය ඉහළයි නේද?අනාගත පරපුරට උදාහරණ ගන්න හොඳයි.