
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතාගේ දේහයට අද (27) නව දිල්ලි අගනුවරදී අවසන් ගෞරව දැක්වීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මන්මෝහන් සිං මහතාගේ බිරිය වන ගුර්ශරන් කෞර් කෝලි මහත්මියට ශෝකය පළ කළේය.
එම අවස්ථාවේ නව දිල්ලියේ මන්මෝහන් සිං මහතාගේ නිවසට පැමිණ සිටි ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි මහතා සමඟද රනිල් වික්‍රමසිංහ මහතා කෙටි සාකච්ඡාවකට එක් විය.
රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල ඉන්දීය සංචාරයක නිරතව සිටින අතර ඒ අතරතුර ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව සවිමත් රටක් බවට පත් කිරීමට අඩිතාලම දැමුවේ මන්මෝහන් සිං මහතා ය. යුද්ධයෙන් පසු ඉදිරියට යමින් සිටි රට කාබාසිනියා කර දැමීමට ජවිපෙ තරම්ම දායක වුවත් රනිල් වික්‍රමසිංහ මහතා ද කෝවිඩ් අර්බුදයෙන් පසු උදා වූ ආර්ථික අහේනියෙන් රට ගොඩ දැමීමට විශාල කාර්ය භාරයක් කළේය. ඉන්දියාවේ මෙන් නොව ලෝකෙන් උතුම් රටේ ජීවත් වන 60 ලක්ෂය ඉක්ම වූ ජහමනයා විසින් රනිල් මහතා බලයෙන් පහකර දැමුවත් එතුමා එළිපෙහෙළි කළ මාර්ගයේ කිසි හිරිකිතයක් නැතිව ගමන් කරන්නට වත්මන් ආණ්ඩුවට සිදුවීමෙන් පෙනෙන්නේ මන්මෝහන් සිං, රනිල් වික්‍රමසිංහ වැනි මහත්වරුන් සැලකිය යුතු දුරදක්නා නුවණින් යුතුව කටයුතු කළ නායකයින් බවයි.
මනමෝහන් සිං කියන්නේ රටට ආදරේ කළ නායකයෙක්... ජොලි සීයා කියන්නේ රට විනාශ කළ කෙනෙක්. රට විකුණන් කනවා.
ලොක්කට අර දේශගුණික විපර්යාස සමුළු ටික දැන් සෑහෙන්න මතක් වෙනවා ඇති..., අඩුම ගානේ මාසෙකට එක වරක් වත් තිබ්බ ඒ සමුළු ටික හින්දා ලොක්කා හේතු නැතිව ලෝකේ වටේ සවාරි ගියා හරි ජොලියෙන්... දැන් අතින් වියදම් කරන්න වෙලා තියන හින්දා යන්න පුළුවන් ඉන්දියාවට විතරයි..!
මන්මෝහන් සින්ටත් ලංකාවේ වගේම විරෝධතා ආවා. ගිය අවුරුදු 2කේ රනිල් කළේත් ඒ වගේම දෙයක් තමයි. ඒක හරි නිසා තමයි අනුරත් දැන් ඒ වැඩේම කරගෙන යන්නේ... රනිල්ට බැන බැන. කවුරු වුණත් කමක් නෑ. එක වැඩ පිළිවෙලක් යන එක. ඉන්දියාවේත් පක්ෂ 2කම එක දිශාවකට ගිය නිසා අවුරුදු 30 කින් ලෝකේ ප්‍රධාන ආර්ථික බලවතෙක් වෙලා තියෙනවා.
අපේ අයටත් උපදෙස් දෙන්නයි, අදහස් දක්වන්නයි නම් ඉතින් සෑහෙන්න පුළුවන්... හැබැයි කට විතරයි... වැඩ නෑ...
ජොලිසීයා ඉන්දියාවට වෙලා හූනියම් කරකර බලේ ගන්න හදනවා.