ගංගාරාම පොඩි හාමුදුරුවෝ අපවත් වෙති කොළඹ 2 හුණුපිටියේ ගංගාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝ නායක ගල්බොඩ ඥානිස්සර නාහිමියෝ අද (2) දහවල් අපවත් වී වදාළ බව ලංකාදීප එසැණ මහත් සංවේගයෙන් යුතුව දන්වා සිටි. 02 August 2024
සුදුමැස්සා මට්ටු කරන්න විලෝපිකයන් බෙදයි පොල් හා තැඹිලි වගාවේ ව්‍යාප්ත වන සුදුමැස්සා මර්දනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති එන්කාර්සියා ගවුඩලෝපි (Encarcis Guadeloupae) නැමැති විලෝපිකයා අඩංගු පැකට් ලක්ෂ 3ක් මෙම වසර තුළ බෙදා හැරීමට පියවර ගෙන ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි. 02 August 2024
මඟ මරුවා දැරියට තුවාල කර පියා බිලි ගනී සිය හත්හැවිරිදි දියණිය අනතුරට පත් කර පළා ගිය ලොරි රථය පිටුපස හබා ගිය පියෙකු ලොරිය නවතා රියදුරු බස්සවාගැනීමට රියදුරු අසුන පැත්තේ වීදුරුවේ එල්ලීමේදී ලොරියේ රියදුරු රථය ඉදිරියට ධාවනය කර විදුලි කණුවක හප්පවා එම පියා මරණයට පත් කර ඇතැයි බලන්ගොඩ පොලීසිය කියයි. 02 August 2024
මාධ්‍යවේදී ප්‍රගීත්ට පරිසර සම්මානයක් ලෝක වනජීවි හා ස්වභාවික සම්පත් ආරක්ෂණ වෘත්තිකයන්ගේ දිනයට සමගාමීව පරිසරය ආරක්ෂා කිරීමේදී නිරන්තරයෙන් සිටින මාධ්‍යවේදීන්ට සහ පරිසර සංවිධාන සගයන්ටය. 02 August 2024
මැකෝට පැමිණිලි ගලයි මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් පැමිණිලි 125ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. 02 August 2024
හනියේ මලේ මාස දෙකකට කලින් සවි කළ බෝම්බයකින් හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ උතුරු ටෙහෙරාන්හි නිවසට පැමිණෙන තෙක් මරණය මාස 2ක කාලයක් බලා සිට ඇති බවත් ඔහු ඝාතනයට ලක්වී ඇත්තේ එම නිවසේ සඟවා තිබූ බෝම්බයක් පුපුරා යාමෙන් බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. 02 August 2024
ඔන්ලයින් පනත ගැසට්ටුවට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර ඇත. 02 August 2024
බස් අනතුරින් පහක් රෝහලේ තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ලිඳුල, පාමස්ටන් ප්‍රදේශයේදී බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ වැදී අද (02) සිදු වු අනතුරිකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා අතැයි ලිඳුල පොලීසිය පවසයි. 02 August 2024
රන් පැහැති නෙළුම් මලක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට පුරාවිද්‍යා වටිනාකමක් ඇති බව බව පවසමින් රන් පැහැති නෙළුම් මලක් ළඟ තබා ගනිමින් එය අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 02 August 2024
සැරයන්ගේ රියදුරු බලපත් පොත ඉරා දැමු ගුරුවරිය අත්අඩංගුවට පිටකොටුව පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයකුගේ තාවකාලික රියදුරු බලපත්‍ර පොත උදුරාගෙන පිටු කීපයක් ඉරා දැමූ ගුරුවරියක් අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි. 02 August 2024
අදත් තැනින් තැන වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 August 2024
ෂාරුක් පුතා ෂාරුක්ගේ ගේ මිලදී ගනී බොලිවුඩයේ රජු ලෙස සැලකෙන සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන්, සිය මව සහ පියා වරක් ජීවත්වූ දිල්ලි නගරයේ සුඛෝපභෝගී මහල් නිවාසයක මහල් දෙකක් ඉන්දීය රුපියල් කෝටි 37 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 129 ක් පමණ) වියදමින් මිලදී ගෙන ඇතැයි ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. 02 August 2024
ද්වන්ධ සටනක් ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෘ මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක්ට ද්වන්ධ සටනකට පැමිණෙන ලෙස වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ කළ ආරාධනය ලෝන් මස්ක් පිළිගෙන ඇත. වෙනිසියුලාවේ මැතිවරණ කොමිසමේ පරිගණක පද්ධතියට එල්ල වූ ප්‍රහාරය පසුපස ඊලෝන් මසක් සිටින බවට චෝදනා කරමින් මදුරෝ මෙම ආරාධනය කර තිබිණි. 02 August 2024
පොහොට්ටුවේ අපේක්ෂක ධම්මික ? ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන්ව්යවසායක ධම්මික පෙරේරා මහතා නම් කිරීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවැසේ. 02 August 2024
රිදී පදක්කම දිනූ තුර්කි ‘හිට්මෑන්’ ප්‍රංශයේ පැරිස් අගනුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ වායු පිස්තෝල වෙඩි තැබීමේ ඉසව්වට සහභාගී වී, තුර්කිය වෙනුවෙන් රිදී පදක්කම දිනූ තුර්කි වෙඩි තැබීමේ ශූරයා යූසුෆ් ඩිකේක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ලොකු කතාබහක් නිර්මාණය වී තිබේ. 02 August 2024
ශානිගේ පෙත්සමට කමල්,දේශබන්දු අධිකරණයට රහස් පොලිසියේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා රිය අනතුරක් කර මරා දැමීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු පැහැදිලි කරන ලෙස ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න, ජාතික පොලිස් කොමිසම සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ට නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කළේය. 02 August 2024
පෝලිම් නැති කළාට මෝදි ජනපති කරන්න ඉතාම පහළ රැකියාව කරන පුරවැසියාගේ සිට ඉහළ යැයි පිළිගන්නා රැකියාව කරන පුරවැසියා දක්වා නීතිය සමව ක්‍රියාත්මක වන රටක් කළාකරුවන් බලාපොරොත්තු වන බවත් කළා නිර්මාණයකට වටිනාමක් දෙන යුගයක් බිහිකිරීමේ හැකියාව සජිත් ප්‍රේමදාස මහතාට ඇති බවත් සමඟි ජන බලවේග කලා සංගමයේ සාමාජිකා ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය අද (1) පැවසුවාය. 01 August 2024
මාස 6 න් රට දූෂණයෙන් මුදවනවා සියලු දෙනා ප්‍රාර්ථානා කරන දූෂණයෙන් තොර ශ්‍රී ලංකාව බිහිකරගැනීමට අවශ්‍ය බවත් සිය පාලනයක් යටතේ මාස හයක උපරිමයකට යටත්ව මෙරට දූෂණය මුළුමනින්ම මුදාගැනීමට ප්‍රතිඥා දෙන බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අද (1) පැවසීය. 01 August 2024
ඇමැති පෞද්ගලික ලේකම් - දේශපාලන ක්‍රියකාරියක අල්ලස් දැලේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් බලපත්‍රයක් ලබාදීමට රුපියල් ලක්ෂ පහළොවක අල්ලස් ගත් බව කියන රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික ලේකම් සහ තවත් දේශපාලන ක්‍රියාකාරිකයෙක් අල්ලස්සො දූසන චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 01 August 2024
පරිගණක මූල්‍ය වංචා සම්බන්ධයෙන් අටක් සැකපිට පරිගණක මූල්‍ය වංචා සිදු කිරිම සම්බන්ධයෙන් විදේශිකයන් අට දෙනෙක් අද සවස අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 01 August 2024
පොල් ගෙඩිය හිසට වැටී දැරියක් මරුට මාවනැල්ල නඟරයේ පෙරපාසලක කුඩා දැරියකගේ හිසට පොල්ගෙඩියක් වැටි තුවාල ලැබූ දැරියක මියගොස් ඇතැයි පොලිසිය කියයි. 01 August 2024
රොෂාන්ගේ ඝාතකයා දින90ක් රැඳවුම් බාරයේ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂන් කුමාර මහතා ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් රන්ජන් ධර්මප්‍රිය හෙට්ටිආරච්චි දින 90ක කාලයක් රඳවා ගනිමින් ප්‍රශ්න කිරීම සඳහා ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රැඳවුම් නියෝග ගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියට අද දැනුම් දුන්නේය. 01 August 2024
දිනේෂ්ගේ මහජන පෙරමුණත් රනිල්ට ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මහජන එක්සත් පෙරමුණ තීරණය කර ඇත. 01 August 2024
සජිත් ප්‍රේමදාස තවමත් ඉදිරියෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (අයි.එච්.පී.) ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට ලැබෙන සහය (අභිප්‍රාය) පිළිබඳව කළ සමීක්ෂණයේදී සමඟි ජනබලවේගයේ අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බවත් ප්‍රේමදාස මහතාට සියයට 43 ක සහයක් ඇති බවත් එම ආයතනය අද (1) නිවේදනය කළේය. 01 August 2024
පොහොට්ටුවේ මාතර කට්ටියත් රනිල්ට මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමටත් සාගර කාරියවසම් මහ ලේකම්වරයා ඉවත් කොට එම ධුරයට රමේෂ් පතිරණ මහතා පත් කළ යුතු බවටත් වු යෝජනා දෙකක් ඒකමතිකව සම්මත කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේ දී අද සිදු විය. 01 August 2024
ලේකම් කචල් නම් නාම යෝජනා නෑ ලේකම්වරුන්ගේ අර්බුද පවතින දේශපාලන පක්ෂවලට ඉදිරි ජනාධිපතිවරණයේදී නාම යෝජනා ඉදිරිපත් කිරීමෙ අවස්ථාව නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. 01 August 2024
පොලිසියේ පරිපාලනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ධූරයේ වැඩ බැලීම සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත්කර ඇත. 01 August 2024
ආයතන ලොක්කන්ටත් මැකෝ එන්න කියයි ජනාධිපතිවරණයේ කටයුතු සඳහා සහයෝගය ලබා ගැනීමට සියලුම රාජ්‍ය සහ අනෙකුත් ආයතන ප්‍රධානීන් ඉදිරි සතියේදී මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය. 01 August 2024
පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ගිනිඅවි බලපත්‍ර දුන්නලු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට ගිය මන්ත්‍රීවරුට ඕනෑම ගිනිඅවියක් ගතහැකි ආකාරයට ගිනිඅවි බලපත්‍ර ද දී ඇති බවත් බාර් පර්මිට් 1200 කට වැඩි සංඛ්‍යාවක් දුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (1) පැවසීය. 01 August 2024
රිය අනතුරින් අයෙක් මරුට:අයෙක් රෝහලට පෝරුවදණ්ඩ බොරලුගොඩ ප්‍රදේශයේ අද (1) දහවල් මාර්ගය අයිනේ කතාබස් කරමින් සිටි දෙදෙනෙක් දෙසට සුඛෝභෝගී මෝටර් රථයක් කඩා වැදිමෙන් එක් අයකු මියගොස් තවත් අයෙක් බරපතල තුවාල ලැබූ බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 01 August 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026