
(අංජුල මහික වීරරත්න)
මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල රටට අතිශය ඵලදායී ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට හා සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු රජයේ රෝහලක සිදුකරන ලද පළමු නිරීක්ෂණ චාරිකාව ද මෙය විය.
මෙහිදී අමාත්‍යවරයා රෝහලේ සියලු අංශ නිරීක්ෂණයට ලක් කරමින් අදාල ඉදිරි සැලසුම් සකස් කිරීම සදහා අමාත්‍යංශයේ නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ රෝහල් කාර්ය මණ්ඩලය සමග සාකච්ඡාවක නිරත විය.
රෝහල පවත්වා ගෙන යායුතු ආකාරය සහ සංවර්ධනය කළ යුතු ආකාරය පිළිබදව නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යවරයා පත්කර තිබෙන කමිටුව විසින් ඉදිරි සංවර්ධන කටයුතු පිළිබදව ව්‍යාපෘති යෝජනාවලිය සකස්කරමින් සිටින බව මෙහිදී අනාවරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හොඳ වෙලාද ඒක. රංවල සහ ජවිපාවුන් එකතුවෙලා සයිටම් වැහුව. තිබ්බනම් රටට හොඳ ආයෝජනයක්.
මෙය හොඳ දෙයක්. මේ වාගේම කළුතර ශික්ෂණ රෝහලේ ද නිරීක්ෂණ චාරිකාවකට පැමිණිය යුතුමයි. මහාචාර්ය ඒකකයක් පිහිටවන්නට කටයුතු කිරීමට අමතර මුලිකවම අවශ්‍ය වෙන කරුනු විශාල ප්‍රමානයක් තියෙනවා අවදානය යොමු වියයුතු.
ඕකේ චාජස් නම් ගොඩක් වැඩියි . දැන් ලෙඩෙකුට නිකම් බෙහෙත් දෙන්නේ නැහැ ඔය හොස්පිටල් එකේ
මේ ප්‍රදේශය ට වටිනා සම්පතක් .....
ඉතාම හොඳයි වෛද්‍යවරයෙක් මම යෝජනා කරන්න කැමතියි විදේශ සේවයට ගිහින් සිටින දෙමව්පියන්ගේ දරුවන්ටත් අවස්ථාවක් දෙන්න කියලා ඔවුන්ගේ වෛද්‍ය උපාධිය හදාරන්න . රටට ආර්ථික වශයෙන් දායක වෙන පුරවැසියන් ලෙස ඔවුන්ට විශේෂ අවස්ථාවක් ලැබිය යුතුයි කියලා යෝජනා කරනවා
මුන් තමා මේවට කලින් ප්‍රස්න දම්ම. දන් මොන දෙයකට අවිල්ලා බලනවද දන්නේ නෑ