(අංජුල මහික වීරරත්න)
සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පැවසීය.
දේශපාලනික බලපෑම් නොමැති, දූෂණයෙන් හා වංචාවෙන් තොර කණ්ඩායම් සමුපකාර අධ්‍යක්ෂ මණ්ඩල වලට පත් කෙරෙනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
වවුනියාව දිස්ත්‍රික් සමුපකාර නිලධාරීන් දැනුවත් කිරීම සඳහා එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මහජනයාට සමීපතම සේවා හා පොදු පහසුකම් සැපයීමට රාජ්‍ය යාන්ත්‍රණය තුළ පැවති දියුණුම සේවාව වුයේ සමුපකාර නමුත් විවෘත ආර්ථිකයෙන් පසු මෙරට පාලකයන් එය අතහැර දැමු බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd