(නිමල කොඩිතුවක්කු)
රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතිකව සිදු කරනු ලබන සියලුම මාරු කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ.
ඒ සඳහා නාමික හෝ නිර්රාමිකව තොරතුරු ලබාදීමට ඕනෑම අයකුට අවස්ථාව සැලසෙන බවත් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතික සිදු කරනු ලබන සියලුම මාරු කිරීම් අත්හිටුවන ලෙස අපි ආණ්ඩුවට සහ පළාත් සභා බලධාරීන්ට අවධාරණය කරන බවත් නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේය.
එහි තවදුරටත් මෙසේද සඳහන් වේ.
රජයේ සහ පළාත් සභා ක්ෂේත්‍ර ගණනාවක නියුක්ත රාජ්‍ය නිලධාරීන් සඳහා පිළිගත හැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව දක්නට ලැබේ.
පළාත් පාලන සහකර කොමසාරිස්වරු, පළාත් පාලන ආයතන ලේකම්වරුන් මෙන් ම සමූපකාර සහකාර සංවර්ධන කොමසාරිස් වැනි මාණ්ඩලික මෙන් ම ක්ෂේත්‍රනිලධාරීන් ට ද මෙය බලපෑ ඇති බව වාර්ථා වේ.
රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට කටයුතු කරනවා යැයි පොරොන්දුවක් ලබාදෙමින් බලයට පැමිණි ආණ්ඩුව මෙලෙස කටයුතු කිරීම ගැටළු සහගතය.
තවමත් අවසන් නැති හා නුදුරේම පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය හා මේ දිනවල පැවැත්වෙන සමූපකාර සංගම් ඡන්ද විමසීම් ද පැවැත්වේ. පෙර නොවූ විරූ අයුරින් රාජ්‍ය සේවය තුළ සීග්‍ර ලෙස දේශපාලනිකරණය වීමක් සිදුවෙමින් පැවතීම, ඉදිරි මැතිවරණ ඉලක්ක කොටගත් වැඩපිළිවෙළක් ලෙස ආණ්ඩුව ක්‍රියාත්මක කරන බව පැහැදිලිවම දක්නට ලැබේ.
මෙම මාරු කිරීම් තුළ ඒ ඒ ක්ෂේත්‍රයේ සේවාවන් ඉටුකිරීම් පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් උද්ගතවනවා පමණක් නොව එම නිලධාරීන්ටද පෞද්ගලිකව බොහෝ ගැටලුවලට මුහුණදීමට සිදුවන බව පෙනේ” යැයිද එහි සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය ට නිකංම ඉන්න වෙයි. නේද
කිනිතුල්ලොන් ව හලන්නම ඕන. මෙයාලා බලයේ ඉද්දී හරිම සත්ගුණවත්. කිසිම අයුතු මාරුකිරීමක් කරේම නෑ. ඒකනේ ජනතාව මෙයාලව කුල්ල කුජීත කරලම දැම්මේ. නිකන් බොරුවට තප්පුලන්නේ නැතුව ඉන්න තාක් තියෙන ඡන්ද ටික රැකෙයි, තපප්පුලන වාරයක් පාසා ඡන්ද කැඩෙයි.
අනේ විහිළු නොකර හිටපං බංඩෝ, ඔබලා 2015 දැම්ම සෙල්ලම් මතක් උනාද ?
හොදයි හොදයි.., පියානෝගෙ කාලෙ ඉදලම හොයන්නකෝ…!
අත්තනෝමතිකව පත්කරපු අයව හොයන්න කියල නැද්ද? උස නම් සිකුරිටි මිටි නම් කම්කරු කියලා 5000 ගෙවලා ඇවිලලා ඇගිලි සලකුණු ගහලා ඡන්ද කැම්පේන් කරන්න අමාත්‍යාංශයට දාපු 1000 වැටි පත්වීම් ?
උස නම් සිකුරිටි මිටිනම් කම්කරු දුන්නේ කොහොමද දන්නෑ... කොහොම හරි සජබේ උන්ටික හැරෙන්නේ සජියාව හිරේදාන්න.. හිරේ යන්නත් ඔ්නා කරපු ජඩ වැඩ වලට...