
(යොහාන් භාසුර)
‘අස්වැසුම’ ප්‍රතිලාභ ලබන පවුල්වල අධ්‍යාපන ලබන සියලුම දරුවන්ට සහ ආර්ථික දුෂ්කරතා ඇති සෙසු පවුවල දරුවන්ට එළඹෙන පාසල් වාරයට පෙර රුපියල් 6,000 බැගින් දීමනාවක් ලැබෙන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (26) පැවසීය.
‘අස්වැසුම’ ප්‍රතිලාභ නොලබන ආර්ථික දුෂ්කරතා ඇති දරුවන් තෝරාගැනීමේ ක්‍රමවේදයක් පාසල් තුළ ‘දැනටමත් තිබීම නිසා එහි ගැටලුවක් නොමැති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ හරහා ආර්ථික දුෂ්කරතා ඇති පවුලවටල සහන සැළසීමට බලාපොරොත්තු වන බව ද වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳයි
මිනිස්සු දුප්පත් කියලා වෙන් කරන්න එපා ,පොහොසත් කියන අය ලැජ්ජාවට ඉන්නවා පෝලිම් වල ගිහිල්ලා නෝන්ඩි වෙන්න බැරි හින්දා හැමෝටම සාධාරණ ක්‍රමයක් හදන්න, කලින් කිව්වා වගේ ටැක්ස් අයින් කරන්න .ස්තුතියි
මේ දැන් විකාර දොඩවන්න එපා . ඔයාලා චන්දෙට කලින් කීවේ හැම පාසල් උපකරණයකම වැට් එක බින්දුව කරනවා කියලා . දැන් වෙන බයිලා එකක් කියනවා .අපි ඔයාලට චන්දෙ දුන්නේ ඕවා අහලා