
(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
ගාල්ල තැපැල් කාර්යාලය ඉදිරිපිට සමුද්‍ර මාවතේ පිහිටි පදික වෙළඳසල් 34ක් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි අද කඩා ඉවත් කිරිමට පියවර ගත්තේය.
අතිරේක මහේස්ත්‍රාත්වරිය 2023.03.16 වැනිදින වෙළඳසල් හිමියන්ට ඉවත්විමේ නියෝගය නිකුත්කර එම දේපලෙහි භුක්තිය කඩවත් සතර ප්‍රාදේශිය ලේකම්වරයාට බාර දෙන ලෙස නියෝගකර ඇත.
එහෙත් වෙළඳසල් හිමියන් ඉවත් නොවි සිටිම නිසා අධිකරණයේ රෙජිස්ටාර්වරිය සහ නියෝජ්‍ය පිස්කල්වරිය පැමිණ මෙසේ කඩා ඉවත් කිරිමට පියවර ගන්නා ලදි.
වෙළඳසල් හිමියන් බොහෝ දෙනෙකු අද (27) රාත්‍රියේ සියලුම භාණ්ඩ ඉවත්කර ගෙන තිබු අතර සමහර වෙළඳසල් හිමියන් අද උදැසනද භාණ්ඩ ඉවත් කර ගත්තේය.
භාණ්ඩ ඉවත්කර ගෙන ඉබි යතුරු දමා තිබු වෙළඳසල් වල ඉබි යතුරු නගර සභාවේ සේවකයින් විසින් කඩා ඉවත් කිරිමට පියවර ගනු ලැබිය.
මෙම අවස්ථාවට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබිණ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ, ගාල්ල npp දිනුවා කිව්වා නේද? හා හා එළකිරි හොඳ වැඩේ...
නගරයේ ලස්සන කරන්න. එය ඉතා වටිනවා.
අහන්න ඕන එක දෙයයි. දැන් සැපද?
ඕවා ගෝඨාභය කරපු කාලේ ජෙප්පෝ තමයි මුලිම පාරට බස්සේ. අපි කියන්නෙත් රට අලන්කාරය කරන්න ඕනා කියා තමයි. ඒ උනත් ජෙප්පෝ කියන්නේ අරිම කුහුක පිරිසක්