(විමුක්ති එස් රුද්‍රිගු)
යේමනයේ නිල සංචාරයක නිරත වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හැනොම් ගේබ්‍රියේසිස්ගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් යේමනයෙන් පිටත්වීම සඳහා එරට අගනුවර වූ සනාහි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ඊශ්‍රායල හමුදා ගුවන් තොටුපොළට බෝම්බ හෙළා ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ මාධ්‍ය ප්‍රකාශකයෙකු නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය.
ඊශ්‍රායලය සහ යේමනය අතර උත්සන්න වෙමින් පවතින අර්බුදය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා දැඩි අවධානයෙන් පසුවන බවද එම ප්‍රකාශයේ දැක්විණි.
ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හැනොම් ගේබ්‍රියේසිස් ප්‍රකාශ කර සිටියේ සිය නායකත්වයෙන් යුත් එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ගුවන් යානයේ අසුන් ගැනීමට යන අවස්ථාවේදී ඊශ්‍රායල ගුවන් හමුදාව සනා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත බෝම්බ හෙළු බවය. සිය කණ්ඩායමට අනතුරක් නොවූවත් පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ඉන් තුවාල ලැබූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවැසුවේය.
එසේම සිය කණ්ඩායම සිටි තැනට මීටර් කීපයක් දුරින් තිබුණු ගුවන් ගමනාගමන පාලන කුළුණ සහ පිටත්වීමේ විවේකාගාරයට බෝම්බ හෙළීම හේතුවෙන් හේතුවෙන් හානි වූ බවද ගේබ්‍රියේසිස් පැවැසුවේය. නැවත පිටත්වීමට බෝම්බ හෙළීමෙන් ගුවන් තොටුපොළට සිදුවූ හානිය අලුත්වැඩියා කරන තෙක් බලා සිටීමට සිදුවන බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 4ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබේ.
දකුණු පළාතේ රාත්‍රී සාද සඳහා මත්ද්‍රව්‍ය සැපයීමේ යෙදුණු ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙක් රුපියල් ලක්ෂ 2 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩං
ජාතික ජන බලවේගයෙ මැයි දින රැළියට පැමිණ නැවත යන ගමනේදී දක්ෂිණ අධිවේගී මාර්ගය අයිනේ බස් රථ නවතාගෙන සිටි රියැදුරන්ටත් ඊට සයෝගය දුන් කණ්ඩායම් වලටත් ඒ සිදු
ජපාන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් නකටානි මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අරලියගහ මන්දිරයේදී අද (4) හමුවිය.
රට පුරා කෙරුණු වැඩවර්ජන වලින් පසුගිය වසර දහයක කාලයේදී රුපියල් කෝටි 300කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි අලුත්ම සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන බව පේරාදෙණිය විශ්වව
යේමනයේ හවුති කැරළිකරුවන් එල්ල කළ බැලස්ටික් මිසයිලයක් ඊශ්‍රායලයේ බෙන් ගුරියන් ගුවන්තොටුපළ අසළට එල්ල වීම හේතුවෙන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
යේමනයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී අසලට ඊශ්‍රායල බෝම්බ
Shelton Saturday, 28 December 2024 06:35 AM
එක්සත් ජාතීන්ගේ සංවිධානයට මුවාවී යේමන් ත්‍රස්තවාදීන්ට හොර රහසේ උදව් කරන මොවුන්ගේ වැඩ එළිවූ මොහොතක්...
ජයනාත් Saturday, 28 December 2024 09:21 AM
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එකතු වෙලා මැද පෙරදිග හා යුරෝපා රටවල් අමුතු විදියට සුද්ද කරනවා. ළමයින්, කාන්තාවන් ඇතුළු අහිංසකයින් මැරෙන එකේ සීමාවක් නැහැ. කුඩා රටවල් තවෙකෙකුට එරෙව්වත් ඇති සම්බාධක පනවන්නට...
fairoos Saturday, 28 December 2024 12:43 PM
අවුලක් නෑ. ඊශ්‍රායලයනේ බෝම්බ දැම්මේ...