
(විමුක්ති එස් රුද්‍රිගු)
යේමනයේ නිල සංචාරයක නිරත වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හැනොම් ගේබ්‍රියේසිස්ගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් යේමනයෙන් පිටත්වීම සඳහා එරට අගනුවර වූ සනාහි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ඊශ්‍රායල හමුදා ගුවන් තොටුපොළට බෝම්බ හෙළා ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ මාධ්‍ය ප්‍රකාශකයෙකු නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය.
ඊශ්‍රායලය සහ යේමනය අතර උත්සන්න වෙමින් පවතින අර්බුදය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා දැඩි අවධානයෙන් පසුවන බවද එම ප්‍රකාශයේ දැක්විණි.
ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හැනොම් ගේබ්‍රියේසිස් ප්‍රකාශ කර සිටියේ සිය නායකත්වයෙන් යුත් එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ගුවන් යානයේ අසුන් ගැනීමට යන අවස්ථාවේදී ඊශ්‍රායල ගුවන් හමුදාව සනා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත බෝම්බ හෙළු බවය. සිය කණ්ඩායමට අනතුරක් නොවූවත් පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ඉන් තුවාල ලැබූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවැසුවේය.
එසේම සිය කණ්ඩායම සිටි තැනට මීටර් කීපයක් දුරින් තිබුණු ගුවන් ගමනාගමන පාලන කුළුණ සහ පිටත්වීමේ විවේකාගාරයට බෝම්බ හෙළීම හේතුවෙන් හේතුවෙන් හානි වූ බවද ගේබ්‍රියේසිස් පැවැසුවේය. නැවත පිටත්වීමට බෝම්බ හෙළීමෙන් ගුවන් තොටුපොළට සිදුවූ හානිය අලුත්වැඩියා කරන තෙක් බලා සිටීමට සිදුවන බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජාතීන්ගේ සංවිධානයට මුවාවී යේමන් ත්‍රස්තවාදීන්ට හොර රහසේ උදව් කරන මොවුන්ගේ වැඩ එළිවූ මොහොතක්...
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එකතු වෙලා මැද පෙරදිග හා යුරෝපා රටවල් අමුතු විදියට සුද්ද කරනවා. ළමයින්, කාන්තාවන් ඇතුළු අහිංසකයින් මැරෙන එකේ සීමාවක් නැහැ. කුඩා රටවල් තවෙකෙකුට එරෙව්වත් ඇති සම්බාධක පනවන්නට...
අවුලක් නෑ. ඊශ්‍රායලයනේ බෝම්බ දැම්මේ...