
(කේ බුද්ධික කුමාරසිරි)
කොට්ටාව පන්නිපිටිය ප්‍රදේශයේ වෙළදසැලක් අවහිර කර යතුරු පැදියක් නවත්වා තැබීම සම්බන්ධයෙන් තුවක්කුවක් එල්ල කර මරණ තර්ජනය කළ බව කියන පුද්ගලයෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.
අදාල සැකකරු තම වෙළදසැල ඉදිරිපිට හිස් යෝගට් කෝප්ප ඉවත දමා යතුරු පැදියකින් අවහිර කර තිබීම සම්බන්ධව තමන්ට බැණ වැදී අනතුරුව සැකකරු විසින් වෙලදසැල තුලින් රැගෙන පැමිණි තුවක්කුවක් හිසට තබා මරණ තර්ජනයක් සිදු කල බව මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් මෙම පැමිණිල්ල සිදු කර ඇති බවද පොලිසිය පවසයි
ඒ අනුව අත් අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී එම තුවක්කුව වෙලදසැලෙහි තිබූ සෙල්ලම් තුවක්කුවක් බවට අනාවරණය වී ඇති බවත් පොලිසය පවසයි මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය වීර මාවත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙහොම වුණත් යතුරු පැදි, ත්‍රිවීලර් ඇතුළු බොහෝ වාහන පාර අයිනේ නතර කරන්නේ අනෙකුත් අය ගැන සැලකීමක් නැතිව. පාර හරස් කරගෙන.. වහාම එය වෙනසක් කළ යුතුයි.
යතුරුපැදිකරු නේද මුලින්ම වරදකරු? සෑම තැනකම අවහිර කරන්නේ ත්‍රී රෝද රථ හෝ යතුරුපැදි...