නගර සභා 3 කින් - ප්රාදේශීය සභා 3 කින් පොහොට්ටුව කැපෙයි
ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහරගම නගර සභාව, වැලිගම නගර සභාව සහ පානදුර නගර සභාවටත් බදුල්ල, මහියංගනය සහ අගලවත්ත ප්රාදේශීය සභා සඳහාත් ඉදිරිපත් කරන ලද නාමයෝජනා ප්රතික්ෂේප වී තිබේ. ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් දෙහිඅත්තකණ්ඩිය සහ පදියතලාව යන ප්රාදේශීය සභා සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්රද විවිධ කරුණු මත ප්රතික්ෂේප කෙරුණු බව ඒ ඒ දිස්ත්රික්ක භාර තේරීම් භාර නිලධාරීහු පැවසූහ.