දූෂණ - වංචා සෙවීමේ කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුවට ඉකුත් පරිපාලන ආණ්ඩුව සමයේ රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ, වංචා පිළිබඳව සොයාබැලීමේ ජනාධිපති කොම්ෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 01 March 2021
නුග ගස ගිනි තැබූ නිලධාරියාට ඇප දාරළුව දොරණාගොඩ මාර්ගයේ ජපන් මිත්‍රත්ව පාලම ආසන්නයේ තිබූ ඉන්දියන් නුග ගසක් ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරීමට ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (1) නියෝග කළේය. 01 March 2021
ජනාධිපති කොමිෂන් සභා නිර්දේශ ගැන හොයන්න’යි නීතිඥවරු 4 අගවිනිසුරුට ලියති දේශපාලන පළි ගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට යම් අපහාසයක් වී ඇත්නම් පරීක්ෂා කර අවශ්‍ය පියවර ගන්නැයි ඉල්ලා නීතිඥවරු 4 දෙනෙක් අද (1) අගවිනිසුරුවරයා වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. 01 March 2021
යුද හමුදා බස් රියක් දුම්රියේ ගැටෙයි යුද හමුදා බස් රථයක් කැළණිය වනවාසල දුම්රිය හරස් මාර්ගය අසලදී මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් බස් රථය අසළ නිවසකට කඩා වැදීමෙන් නිවැසියන් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. 01 March 2021
අමනුෂ්‍ය දෝෂ දුරුකරන්න වේවැලකින් පහරදීමෙන් දැරියක් මරුට මීගහවත්ත කඳුබොඩ ප්‍රදේශයේ නව හැවිරිදි දැරියකට සිහිසුන් වනතුරු වේවැලකින් පහර දී මරණයට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වාසී කාන්තාවක් මීගහවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 28 February 2021
අනුරාධපුරේ බුලංකුලම වැව් රක්ෂිතයත් කොටස්කර විකුණලා අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසික ජයවැව (බුලංකුලම) රක්ෂිතය ප්‍රදේශයේ ඇතැම් දේශපාලඥයන්ගේ අනුදැනුම මත පිරිසක් විසින් කොටස්කර විකුණන බව අනුරාධපුර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී විරාජ් රණවීර මහතා පවසයි. 28 February 2021
කෝටියක මත්කුඩු සමග කාන්තාවක් අල්ලයි රුපියල් කෝටියකට අධික වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සමග කාන්තාවක් කොහුවල ,කලුබෝවිල රෝහල පාර නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 27 February 2021
කොරෝනා සිරුරු භූමදානය සතියකින් කල්යයි කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට රජය අවසර දුන් නමුත් එය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් සතියක් පමණ යන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. එම සිරුරු භූමාදානයට අවසර දෙන බවට නිර්දේශිත ගැසට් පත්‍රය ඊයේ (25 වැනිදා) රාත්‍රියේ ප්‍රකාශයට පත්කළ නමුත් ඊට අදාළ කොන්දේසි මෙන්ම රෙගුලාසි මේ වන තුරුත් නියම කර නොතිබීම ඊට හේතුව බවද එම ප්‍රකාශකයා පැවසීය. 26 February 2021
කොරෝනා එන්නත දීමෙන් ගම්පහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉවත්වෙති කොරෝනා වයිරසය මර්ධනය පිනිස වන එන්නත ලබා දීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිවීම සහ වරින් වර තීරණ වෙනස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගැනීම මත හෙට (27) සිට ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළෙන් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර ඇත. 26 February 2021
රුසියාවේ-චීනයේ එන්නත් එපායි හෙද නිලධාරීහු කියති රුසියාව හා චීනය නිෂ්පාදනය කරනු ලබන කොරෝනා එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැති නිසා, එම එන්නත ලබානොගන්නා ලෙස රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී. 26 February 2021
ලක්ෂ 10 ක අධික කේරල ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට මාලබේ පිට්ටුගල හන්දිය අසල සිදුකළ වැටලීමක දී රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා කේරළ ගංජා සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි. 26 February 2021
බුර්කාව - මුහුණු ආවරණ පැළදීම තහනම් කරන නීති ගේනවා කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් මිනිසුන්ගේ දේහ පිළිබඳ අවසාන කටයුතු සිදුකළ යුත්තේ කෙසේදැයි තීරණය කළ යුත්තේ සෞඛ්‍ය බලධාරීන් යැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය. 25 February 2021
කෝටි 45ක මත්කුඩු හොරණින් අල්ලයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ’’අරුග්ගොඩ සලිදු’’ නැමැත්තාට අයත් රුපියල් කෝටි 45 කට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි හමුදා සෙබළු දෙදෙනෙකු හොරණ දික්හේනපුර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි. 25 February 2021
සහරාන්ගේ මුල් ඉලක්කය වුණේ දළදා පෙරහැරයි පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම් විසින් සැලසුම් කරන ලද මුල්ම සැලැස්ම මහනුවර ඇසළ පෙරහරට පහරදීම යැයි පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇත. 24 February 2021
ඉදිරි මාස දෙක තුළ ලංකාවේ සිටින සියලුම භයානක සිරකරුවන් බූස්ස බන්ධනාගාරයට ඉදිරි මාස දෙක තුල මාස ලංකාවේ සිටින භයානක යයි කියන සිරකරුවන් සියලු දෙනාම බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට ගෙන එන බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පැවසිය. 24 February 2021
රන්ජන්ගේ ආරක්ෂාවට තනි සිරමැදිරියක රඳවයි ’’සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වා අඟුණකොළපැලැස්සෙ බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාට අනෙක් සිරකරුවන් සමඟ මිශ්‍රව සිටින විට ආරක්ෂාවක් නෑ කියලා . අපි පසුව වහාම රංජන් රාමනායක මහතා තනි සිරකුටියක රඳවා තැබීමට කටයුතු කළා.’යැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය. 24 February 2021
ඉම්රාන් ඛාන්ගේ පාර්ලිමේන්තු කතාව නවත්වයි ඉන්දියාව සමඟ ගැටුමක් ඇති වීම වැළැක්වීමේ අරමුණින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තුවේදී කිරීමට සැලසුම් කර තිබූ කතාව නැවැත්වීමට ශ්‍රී ලංකාව පියවර ගෙන ඇතැයි ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි. 23 February 2021
’වාස් ඉල්ලා අස්වුණේ ක්‍රමවේදයට පිටින් ගෙවීම් කළ නොහැකි නිසයි’ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ට ගෙවීම් සිදුකරන ක්‍රමවේදයක් ඇති බවත් ඊට පිටින් ගෙවීම් කළ නොහැකි නිසා චමින්ද වාස් සිය ඉල්ලා අස්වීම ලබාදී ඇති බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද(23) පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 February 2021
මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් කාලය සීමාකරයි පාර්ලිමේන්තුව පැවැත්වෙන මෙම සතියේ රැස්වීම් කාල සීමාව අඩුකිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. ඒ අනුව අද(23) පස්වරු 1.00ට හා හෙට(24) පෙරවරු 11.30ට පාර්ලිමේන්තු කටයුතු අවසන් කිරීමට නියමිතය. 23 February 2021
ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් බ්‍රහස්පතින්දා එයි ලොව විශාලතම එන්නත් නිෂ්පාදන සමාගමක් වන ඉන්දියාවේ සීරම් ආයතනයෙන්, ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා 500,000ක් ශ්‍රී ලංකාවට ලබන බ්‍රහස්පතින්දා රාත්‍රියේ ලැබෙනු ඇති බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය. 22 February 2021
ඇමෙරිකානු අධිකරණයෙන් චෝදනා එල්ලවූ පාස්කු ප්‍රහාරකයන් ගැන සාකච්ඡා 2019 වසරේ අප්‍රේල් 21 වැනිදා ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් ඇමරිකා සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා අධිකරණයෙන් අපරාධ චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලාංකික සැකකරුවන් සහ ඇමෙරිකාවේ පවතින එල්ටීටීඊ හිතවාදී සංවිධාන සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඇමෙරිකාවේ වොෂින්ටන්හී ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා එරට අධිකරණ දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර ඇත. 22 February 2021
කොරෝනාවේ අලුත් ප්‍රභේද 240 ක් ඉන්දියාවෙන් ගෝලීය අර්බුද රැසක් ඇති කළ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ තවත් අලුත් ප්‍රභේද 240ක් ඉන්දියාවෙන් සොයාගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 21 February 2021
ගුවන් තොටුපලේ 1500 කට කොරෝනා එන්නත දීලා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ සේවය කරන සේවකයින් සහ නිලධාරීන් 1500 දෙනෙකුට අද (21) වනවිට කොරෝනා මර්දනය සදහා එන්නත් ලබා දී ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අලෙවි කළමනාකරණ සහ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී සුමිත් ද සිල්වා මහතා පැවසීය . 21 February 2021
පාකිස්තානු අගමැති පිළිගැනීමේ පෙරහුරුව අස්සේ උප පොලිස් පරීක්ෂකයෙක් ටී-56 ජීව උණ්ඩ ගෙනයයි ටී-56 ජීව උණ්ඩ 15 ක් රැගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට තැත් කළ පොලිස් නිලධාරීයෙකු අද (19) ගුවන් තොටුපළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම වන අවස්ථාව වනවිට පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය වෙනුවෙන් විශේෂ පෙරහුරු වැඩසටහනක්ද කටුනායක ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක වෙමින් තිබී ඇත. 19 February 2021
ගාල්ල නගරාධිපති පී.සී.ආර් - නිරෝධායනය ප්‍රතික්ෂේප කරයි කොවිඩ් ආසාදිතයකුගේ ආශ්‍රිතයකු වීම නිසා ගාල්ල මහා නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතාට නිරෝධානයට හා පී සී ආර් පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය බව පැවසූ විට ඒ මහතා එම ඉල්ලීම් සියල්ලම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගාල්ලේ කොරෝනා පාලනය සම්බන්ධව ගැටලු සහගත තත්වයක් මතුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා පැවසීය. 19 February 2021
පළාත් පාලන පණත සංශෝධනය කරන්න යයි පළාත් පාලන ආයතනවල ආදායම් වැඩිකරගැනීමට හැකිවන පරිදි පළාත් පාලන පනත සංශෝධනය කර කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා තීරණය කර ඇත. 19 February 2021
අරුග්ගොඩ සලිදුගේ කෝටි 2ක මත්ද්‍රව්‍ය බණ්ඩාරගමින් අල්ලයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ’’අරුග්ගොඩ සලිදු ’’ නැමැත්තාට අයත් රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙකු බණ්ඩාරගම දි අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරන කොට්ඨාසය කියයි. 19 February 2021
රජයේ සේවකයන්ගෙන් රජයට කෝටි හයහමාරක පොල්ලක් වසර 08ක කාලයක් රජයේ නිලනිවාසවල පදිංචිව සිටි බලධාරින්ගෙන් රුපියල් මිලියන 64.6 ක නිවාස කුලී රජයට අයවිය යුතුව තිබූ බව වාර්තා වී තිබේ. 18 February 2021
නියෝජ්‍ය පොලිස්පතිනිය වෙනුවෙන් මන්ත්‍රීවරියෝ සටනට බසිති ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනි ධුරයට උසස් කරන ලද බිම්සානි ජාසිංහආරච්චි මහත්මියගේ වෘත්තීය අයිතිවාසිකම් සහ රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් තම සංසදය පක්ෂ භේදයකින් තොරව පෙනී සිටින බවත්, ඇය වෙනුවෙන් සාධාරණය ඉෂ්ට වන තෙක් සටන් කරන බවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය පවසයි. 18 February 2021
බෝපත් ඇල්ලත් ජල යෝජනාවකට බිලිදෙන්න යයි කුරු ගඟේ කුරුවිට පිහිටි දර්ශනීය බෝපත් ඇල්ලේ ඇලි කට මුදුනෙන් ජලය ලබාගෙන ක්‍රියාත්මක කිරීමට නියමිත පානීය ජල යෝජනා ක්‍රමය වහා වෙනස් කර ඇල්ලට පහළින් ඊට ජලය ලබාගෙන ක්‍රියාත්මක කරන්නැයි මහා සංඝරත්නය සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් රජයෙන් ඉල්ලීමක් කළේය. 18 February 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026