
(අජන්ත කුමාර අගලකඩ)
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සහල් ගබඩා පරීක්ෂා කළ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ,විශ්‍රාමික මේජර් ජෙනරාල් නිවුන්හැල්ල මහතා ඇතුළු කණ්ඩායමක් එම ගබඩාවල තිබු මෙට්‍රික් ටොන් දහසකට ආසන්න සහල් තොගයක් රජයේ භාරයට ගත්තේය .
රජය විසින් පනවනු ලැබු මිල ගණන් වලට වෙළඳපොළට සහල් නිකුත් නොකිරීම හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ප්‍රමුඛ කණ්ඩායම වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කළේය .
පාලන මිලට වෙළෙඳපොළට සහල් නිකුත් නොකරන මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල් ගබඩා පරීක්ෂාකර, හදිසි නීති රෙගුලාසි යටතේ ඒවා රජයේ භාරයට ගෙන, පාලන මිලට වෙළෙඳපොළට නිකුත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් දුන් අතර ඒ අනුව මෙම සහල් තොග රජයේ භාරයට ගත් බව වෙළඳ අමාත්‍යංශය සඳහන් කරයි.
සතොස සහ ආහාර දෙපාර්තමේන්තුවේ ලොරි රථ 70ක් පමණ පොලොන්නරුවට රැගෙන ගොස් තිබූ අතර, මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතු ව තිබී රජයේ භාරයට ගත් එම සහල් තොග සතොස හරහා අලෙවි කිරීමට අද පස්වරුවේම කොළඹට රැගෙන එනු ලැබූ බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.
නිපුන,අරලිය,ලත්පඳුර ,නිව්රත්න,හිරු සහ සූරිය යන සහල් මෝල් වල තිබූ සහල් තොග මෙලෙස පවරා ගත් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහන් කරයි. මෙි අතර නිව් රත්න සහල් මෝල සතුව පැවති තොග පවරා ගැනීමට කටයුතු කිරීමේදී එහි හිමිකාරත්වය සැලසුම් සහගත විරෝධතා මතු කිරීමට කටයුතු කළ බවත් ඔවුන් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවත් අත්‍යවශ්‍ය සේවා කොන්සල් ජෙනරාල් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ සහායට පාරිභෝගික සේවා අධිකාරියේ සහ සතොස නිලධාරීහු ද පොලීසියද එක් ව සිටියහ .
























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ නොදන්නා නිසයි අහන්නේ, රජය කීය ගානේද හාල් මිලදී අරගෙන තියෙන්නේ? මිලට ගත්තු ගානට අඩුවෙන් සතොස හරහා බෙදුවොත් ඒ මුදලත් දරන්න වෙන්නේ මේ රටේ ජනතාවටම නේද? කොහොමත් ඔය සතොස කියන සිල්ලර පෙට්ටි කඩෙන් පාඩුවක් මිස, ජනතාවට ලාභයක් නම් අත්වෙලා නැහැ කවදාවත්. එක අතකට අපේ රටේ මුදලාලිලා හරිම අමුතුයි නේද? බඩු හංගගෙන ඉඳලා රජයට වැඩි ගානට විකුනනවා. ඒ වැඩේ නම් මාරයි අප්පා!!
ඇයි දැන් රාජසන්තක කරන්නැද්ද?
ඔන්න ඇමතිවරුන්ගේ හාල්ටිකත් රජය අරගෙන. ටික දවසකින් රඟපෑමක් කියලා හිතෙයිද?
අනේ ඉතින් වාසනාවන්. මාර නිර්භීත රජයක්. දැන් ඉතින් රටට විශාල වාසියක් නේද මේ වෙන්න යන්නේ..? මේවා කෙලින්ම රාජ සන්තක කරලා සතොසට දුන්නාම ආණ්ඩුවට නිකම්ම සල්ලි හම්බ වෙනවා... මිනිස්සුන්ට ලාබෙට හාල් ලැබෙනවා. අර කමිසේ ගලවලා සරම කැහැපොට ගහගෙන නිකම් අයියා පාට් දාපු ඩඩ්ලි සිරාලා මොත්තේ පාට් දාන අය හාන්සි වේවි නේද අනේ? අපි ඇස් ඇරගෙන බලන් ඉඳිමු නේද? එහෙම වෙයි නේද? අනේ එහෙම්ම වෙයි නේද..?
මීට පස්සේ පොළොන්නරුවේ ඔය හාල් බිස්නස් එක වෙනත් ජාතියකට යයි. අපි එහෙමනේ... මුදලාලිලාට වුණු දේ තමයි...
තරාතිරම් නොබලා සහල් හිගයක් ඇතිකරන මේ අයට උපරිම දඬුවම් දිය යුතුයි.
පොලොවෙන් මතුවෙච්ච.
මහ දවල් කරපටි ඇඳගෙන ඉන්නවා දැක්කම ඇඩෙනවා.
ආණ්ඩුවේ රාජ්‍ය ඇමති වරයෙකුත් වී තොග හංගලා එහෙනං.
මැතිනිගේ කාලේ වෙච්ච දේවල් පොත්පත් වලින් කියවල තියෙනවා... හැබැයි හැබැහින් දකින්න ලැබෙයි කියල හිතුවෙනම් නෑ
මේ කූට කළුකඩ හාල් මුදලාලිලා රොත්තම ඉල්ලන් කෑවා වගේ වැඩක් නේද සිද්ද වුනේ.?
සීනි වගේ තමයි. හදිසි නීතිය දමාගෙන කරපු දෙයක් පෙන්වන්න කරපු සංදර්ශනයක්. මෙච්චරකල් බලං හිටියෙ මොකද?
පොළොන්නරුවේ කිව්වම මතක් වුනේ වෙන එකක්.
ලොරි වලට හයර් එකත් ගෙවනවා ඇති නේද.?
ඩඩ්ලිගෙ හාල් ටිකත් ඔහොමම ගන්නවද? අන්න එහෙම ගන්නවානම් අපි කියනව ඔතන කරන්නෙ බොරුවක් නෙමෙයි කියලා. පොඩි මුදලාලිලාගෙන් අරගෙන අර ලොකු මහා පරිමානයෙන් කරන කෙනාගෙන් ගන්නෙ නැත්තම් වැඩක් නෑ නේද?
හාමුදුරුවරුන් වැඩලා තියෙන්නෙ පිරිත් කියන්නද ?
සීනි පෝලිමේ ඉන්නවා වගේ හාල් පෝලිමෙත් ඉන්න වෙයි වගෙ . කොලු ගැටය කාලෙ මම පාන් පෝලිමේ හිටපු හැටිත් මතක් වෙනව.
අල්ලලා තියෙන්නේ කොළ පාට හාල් විතරද?
පිටරටින් ගෙනාවොත් ලංකාවේ ගොවියෝ නැති කරනවා කියනවා. මෙහෙ අයට කරන්න දුන්නොත්,කවුරු එක්ක හරි එකතුවෙලා බඩු හංගනවා.
හාල් මිල හා හාල් ව්‍යාපාරය මෙතෙක් පාලනය වුණේ මේ දැවැන්ත හාල් මෝල් හිමියන්ට අවශ්‍ය ආකාරයටයි. මේ වැටලීම් කොට සහල් තොග මෙසේ අත්පත් කරගැනීම හොඳ දෙයක් සේ පෙනෙතත්, ඒවා සියල්ල සතොස හරහා බේදීමත් සතුටක්. ඒත්,මින් ඉදිරියට හෝ මේ රටේ වී රජයට අරගෙන, බලවත් හාල් මෝල් හිමියන් සමඟ හොඳ වෙළෙඳ සටනක් දී, රටට බත සැපයීම සිදුකළ හැකියි නේද ? එසේ කරන්නේ නම්, මේජර් ජෙනරාල්වරුන් දාගෙන මෙහෙම වැඩ කරන්න ඕනෑ වෙන්නේ නැහැ නේද ? හාල් මෝල් හිමියන්ට තිබෙනා ව්‍යාපාරික නුවණ රජයට හා ඇමැති වරයාටත්,නිලධාරී හා උපදේශක පැලැන්තියටත් නොමැති බව නේද මෙයින් පැහැදිලිව පෙනෙනා දෙය. දැන් ඔය හාල් ගන්න ජනතාවට සතොසේ පෝලිමේ වල දවස් කීයක් ඉන්නට වේවිද දන්නේ නැහැ.
තවත් මාධ්‍ය සංදර්ශනයක්.ජනතාව රැවටෙයි ඕවට
අනේ මන්දා නීති ගෙනාවම කියනවා ඇයි පරක්කු වුනේ කියල. හදන්න බැහැ අපේ මිනිස්සුන්ව. හොඳ දෙයක් හොඳ ලෙස දකින්න බැරි මිනිස්සු ඉන්නකන් රට දියුණු වෙයිද?
රජගේත් රජගේ ඇම්බැට්ටයෝ ටිකෙත් කොන්දවල් වල දිග පළල මනින්න හොදම සිද්දියක් මේක . මෝල් කාරයෝ මාෆියාව ක් හදාගෙන අහිංසක මිනිස්සුන්ගේ බඩට කෙලින එක හරි ! මංගල කියපු දේවල් හරියටම හරි. අනේ සිරිමාවෝ ජේ ආර් නැත්නම් ප්‍රේමදාස එහෙමත් නැත්නම් රන්ජන් විජේරත්න වගේ නායකයෝ නැති කොට පෙරේදා ආණ්ඩුවේ ගුවන්විදුලියේම කියපු උපහැරණයක් කියනවනම් දැන් හංසයෝ වහන්න ඕන තැන්වල වහල ඉන්නේ " ලෙඩ කපුටෝ " ප්‍රශ්නය එකයි
කුමන පැත්තක සිටියද නිවැරදි දේ අගය කල යුතුයි .එඩිතර නිලධාරියෙක් .කෙලින් තීරණ ගන්නෙක් . හරි දේ කරන කෙනෙක් ,අන් අයගේ අදහස් විමසා බලා අනවශ්‍ය දේ ඉවත් කර හරි දේ ලබා ගන්න කෙනෙක් ,කිසිවකුටත් බිය නොවන නියම සිංහල ලේ ඇති විරුවෙක් .
අර අන්කල්ට අරක්කු සිගරට් බීඩි අඩුවට හම්බ වෙන්නේ නෑලු .ඒ නිසා ලංකාවේ හැම අසරණ මිනිහෙක්ම හාල් වැඩි මිලට අරගන්න ඕනෙලු .එත් ලංකාවේ චන්ද දායකයෙක් .
මේ කරන වැඩෙන් හාල් නිපදවීම නතර වෙලා පිටරටින් හාල් ගෙන්නන්න තමයි වෙන්නේ.
මහලොකු සන්දර්ශන දාලා ගෙනාවට ඔය හාල් ටොන් 1000 එක දවසකටත් මදි
මට හිනා යනවා
ජනතාවගේ බඩගින්න හදුනන රජයට අපේ ප්‍රණාමය
මේකට කරන්න තිබුනෙ රජයෙ ගබඩා වල තියෙන සහල් අඩු මිලට මුදා හැරීම ඒ ටික ඉවර වුනාම පාලන මිලක් ඇති කිරීම. හංගාගෙන දිගටම හිටියොත් ජනතාව ඕවා කඩලා එලියට ගනීවි.
ලංකාවේ ඉන්න මිනිස්සු මිලියන 20න් භාගයකට එක දවසක එක වේලකට හාල් ටොන් 1650ක් වත් ඕනේ.. ඉතින් මේ ටොන් 1000 මොනවා කරන්නද?
කොරෝනා නිසාලු කොරන්න බැරි.එතකොට මේ රටෙ පාරිභෝගික අධිකාරිය හිටියෙත් කොරොනා බල බල ද? එතකොට මේ රටේ එකී නොකී ඇමතිලා ඉන්නෙත් කොරොනා බල බල ද? එතකොට පලාත් සභාවලත් හිටියේ ඔක්කොම කොරොනා රාජකාරිද? මේ ලොක්කාට වරකට කරන්න පුලුවන් එක වැඩයි ද? ඒකත් හරියට කරන බවක් නන් පේන්න නෑ..කාලයක් ධම්මික පැනියක් පස්සේ ගියා.එහෙම ගිහින් මේ රටේ දේශීය වෙදකම බල්ලට දාලා දැම්මා.ඊට පස්සේ මුට්ටි පා කරා ගන්ගා වල...අන්න මුට්ටි වෙදාටත් දැන් කොරොනාලු...මේ ලොක්කා හොඳට කල එක වැඩක් පෙන්නන්න...මෙච්චර කල් යුද්දේ කලෙ මන් මන් ගගා වන්සේ කබල් ගගා හිටියා.දැන් නන් තේරෙනවා ෆොන්සේකා හිටියේ නැත්තන් යුද්දෙටත් දෙයියන්ගේ පිහිටයි..හාල් මිලවත් පාලනය කොරගන්න බැරි මිනිස්සු යුද්දේ කොරයි ද? ෆොන්සේකා හිටියේ නැත්තන් මුන් ටික දුවයි පස්ස නොබලා