දයාසිරිගේ හෙට්ටිපොළ කාර්යාලයට සම්බන්ධ 75 ක් නිරෝධායනයට
කොරෝනා වයිරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන බතික්, අත්යන්ත්‍ර, රෙදිපිළි, දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සමීප ආශ්‍රිතයන් ලෙස ස්වාමීන් වහන්සේලා 05 නමක් ඇතුලුව හෙට්ටිපොළ කාර්යාල මහජන දිනයට සහභාගි වූ හා ආශ්‍රිතයන් ලෙස 75දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කල බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.