
(අජන්ත කුමාර අගලකඩ)
කෝවිඩ් -19 පාලනය කිරීමේ මූලික පියවරක් ලෙස අද සිට දින 10ක් රට වසා තැබිමට තීරණය කර ඇත.
මෙම මස 30 වැනි දා අලුයම 4.00 දක්වා රටවසා තබනු ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා ටිවිටර් පණිවිඩයක් මගින් දන්වා ඇත.
කෝවිඩ් මර්ධන කමිටුව අද සවස ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වූ අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.
මෙම කමිටු රැස්වීමට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන්, සෞඛ්‍ය අංශයේ ඉහළ නිලධාරීන්ද මෙම කමිටුවට සහභාගී වී ඇත.
අත්‍යවශ්‍ය සේවා පැවැත්වාගෙන යාමට මෙමගින් කිසිදු බාධාවක් නැතැයි ද එම ටිවිටර් පණිවිඩයේ සඳහන් කර ඇත.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සවස ජාතිය ඇමැතීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ. ඒක කරන්නෙත් මොකටද?
සිංහයෝත් බලුවෙන කාලයක් මහත්තයෝ මේක...
මේක ඕපන් ඇඳිරි නීතියක්...
එතකොට අර අනුරාධපුර පැත්තේ කවුදෝ අපලයි කිව්ව හින්දා පවත්වන පෙරහැර සහ කොත්වහන්සේ රට පුරා වැඩැම්මවීමත් අවලංගු වෙනවද? "මොනවා වුණත් රට වහන්නේ නැහැ" කිව්ව එකත් "රිවර්ස්" එහෙනම්...
ඇයි සර් මේ කියපු වචනේ රකින්න බැරි...?
දවස් කීපයක් ගියාම රට වහන්න කියපු අයම කෑගහන්න ගනීවි... මෙහෙම ගියොත් මිනිස්සු කන්න හොයාගන්නේ කොහොමද? රට අරින්න කියලා... මතකයිනේ පාර්ලිමේන්තුව අරින්න කියලා කෑගහපු අයම වහන්න කියලත් කෑගැහුවා... පඩි වැඩිකිරිල්ලත් පස්සටම දාගන්න වෙයි.
නන්දෙගේ හුළං බැස්සද? අයියෝ හිට්ලර්ට වුණු දෙයක්...
අඩුම ගාණේ දින 14ක් වත් වසා තැබිය යුතුයි. මහානායක හිමියන් වෛද්‍යාචාර්ය වරුන්ද? සෞබ්‍ය සේවයේ වගකිවයුතු නිලධාරින්ගේ සහ ජනතාවගේ කීම පිළිකෙව්කර මේ කරන්නේ අපහරණයෙන් බේරීමටද..? දින 10ක් වසා දැමීමේ විද්‍යාත්මක පදනම කුමක්ද? මහානායක හිමිවරුන් මේවා දන්නවද? සඳුදා සිට ජනතාව ස්වයං ලොක් ඩවුන් වීමට තීරණය කිරීමේ ප්‍රතිඵලයක්ද? ජනතාව මුලා කිරීමේ අනිසි ප්‍රතිඵල වලට මුහුණ දිය යුතුය...
ඔක්කොම රිවර්ස් තමයි ඉතින්...
කළින් පාර වැහුවා වගේ පාරේ නැව් විතරක් නොගිය ඇඳිරි නීතියක් නම් වැඩක් නෑ... හරියට දවස් 10ක් වහන්න එහෙම වුණොත් අඩුම ගාණේ තව සති 3-4 ක් යනකොටවත් රෝගීන්/ මරණ අඩුකරගන්න පුළුවන් වෙයි...
ප්‍රමාද වෙලා හරි ගත්තු හොඳ තීරණයක්... හැබැයි අත්‍යාවශ්‍ය සේවා කියලා දැන් කොල්ලාටයි, බල්ලටයි ඔක්කෝටම එළියට යන්න දෙන්න එපා. රටේ නියම තත්වේ දැනගෙන පරිස්සම් වෙන එක මිනිස්සුන්ගේ වගකීමක්...
සෙනසුරාදවල් පහක් වැඩකරන දින ලෙසට නම් කරන්න. පිනට පඩි නොදෙන්න..
හික්... වරායේ කාණු කපන ව්‍යාපෘතියේ ඉඳන් ගුවන්තොටුපලේ පොඩිපොඩි ව්‍යාපෘති කරන කොම්පැනි ඔවුන්ගේ සේවකයින් අත්‍යාවශ්‍ය සේවා යටතේ වැඩට ගෙන්වන්න අරහේ හිටු කියලා ලියුම් ගහනවා... මෙයාලා කියනවා ලොක්ඩවුන්ලු..!!
කෝවිඩ් ව්‍යාප්තිය අවම කිරීමට මේ ගත් පියවර හොඳ දෙයක්. නමුත්, මේ දෙයින් දිනපතා වැඩකිරීමෙන් අාදායමක් ලබා ජීවිකාව ගෙනයන බොහෝදෙනා අසරණ වෙනවා. මෙයට පිළියමක් ලෙස, මාසිකව පඩි ගන්නා උදවියගේ වැටුපෙන් යම් ප්‍රතිශතයක් රටේ අනිකුත් අයට ජීවත් වීමට සඳහා ලබාදෙන්න. මේ දේ රටේ මැති ඇමැතිවරු ඇතුළු සියලු රජයේ සේවකයින්ගෙන් ආරම්භ කර, අනිකුත් අයට ආදර්ශයක් ලෙස ක්‍රියාවට නැංවීය යුතුයි.
කිසිම සැලැස්මක් නැති අසාර්ථක රජයක් සහ පාලකයෙක්.
රට වහලා බලන්නකෝ කොච්චර ඉවර වෙයිද කියලා. ඉවර වෙන්නේ ඩොලර් ටික සහ අතේ තියෙන රුපියල් ටික විතරයි.