IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අද සිට දින 10 රට වහයි

(අජන්ත කුමාර අගලකඩ)

කෝවිඩ් -19 පාලනය කිරීමේ මූලික පියවරක් ලෙස අද සිට දින 10ක් රට වසා තැබිමට තීරණය කර ඇත.

මෙම මස 30 වැනි දා අලුයම 4.00 දක්වා රටවසා තබනු ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා ටිවිටර් පණිවිඩයක් මගින් දන්වා ඇත.

කෝවිඩ් මර්ධන කමිටුව අද සවස  ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වූ අතර එහිදී  මෙම තීරණය ගෙන ඇත.

මෙම කමිටු රැස්වීමට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන්, සෞඛ්‍ය අංශයේ ඉහළ නිලධාරීන්ද මෙම කමිටුවට සහභාගී වී ඇත.

අත්‍යවශ්‍ය සේවා පැවැත්වාගෙන යාමට මෙමගින් කිසිදු බාධාවක් නැතැයි ද එම ටිවිටර් පණිවිඩයේ සඳහන් කර ඇත.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සවස ජාතිය ඇමැතීමට නියමිතය.



අදහස් (25)

අද සිට දින 10 රට වහයි

සිරිබිරිස් Friday, 20 August 2021 02:39 PM

අපරාදේ. ඒක කරන්නෙත් මොකටද?

:       218       68

SenaFriday, 20 August 2021 03:21 PM

ඒක නේන්නම් නිකන් පම්පොරි ගහලා පීචන් වුණා.

:       52       8

senakaFriday, 20 August 2021 04:26 PM

කිසිඳු සැලසුමකින් තොරව පාලකයාට කැමැති පරිදි පාලනය වන රටක්...

:       32       13

මහසෙන් Friday, 20 August 2021 02:43 PM

සිංහයෝත් බලුවෙන කාලයක් මහත්තයෝ මේක...

:       269       87

chandanaFriday, 20 August 2021 03:08 PM

රට වහන්නේ නැතුව ඉන්නකල් කෑ ගහලා වහනකම් හිටියා නේද? ඒකත් විවේචනය කරන්න. වැහුවේ නැතත් වැරදියි, වැහුවත් වැරදියි. ඕකට තමයි දෙබිඩි න්‍යාය කියන්නේ.

:       69       179

මහසෙන්Friday, 20 August 2021 03:36 PM

ඒක ඔබතුමාට කැමති ලෙසකට බාර ගන්න. මම අදහස් කළේ අද උදේ වෙනකම් වහන්නෙම නෑ කියලා මේ හාමුදුරුවෝ කීව නිසා වහනවා කියපු එක... නැතුව රට වහන්න ඕන කියන තැන තමා අපිත් උන්නේ... මීට කලින් කරන්න තිබ්බ දේ දැන් කළේ...!!!

:       168       66

සමන්Friday, 20 August 2021 03:11 PM

බලුවෙලා හරි ජීවත්වෙමු. ඊට පස්සේ ඔලුව උස්සමු.

:       17       75

SL Friday, 20 August 2021 02:55 PM

මේක ඕපන් ඇඳිරි නීතියක්...

:       130       51

Ranjit Friday, 20 August 2021 02:55 PM

එතකොට අර අනුරාධපුර පැත්තේ කවුදෝ අපලයි කිව්ව හින්දා පවත්වන පෙරහැර සහ කොත්වහන්සේ රට පුරා වැඩැම්මවීමත් අවලංගු වෙනවද? "මොනවා වුණත් රට වහන්නේ නැහැ" කිව්ව එකත් "රිවර්ස්" එහෙනම්...

:       237       80

kamal Friday, 20 August 2021 02:58 PM

ඇයි සර් මේ කියපු වචනේ රකින්න බැරි...?

:       64       7

Cisco Friday, 20 August 2021 03:07 PM

දවස් කීපයක් ගියාම රට වහන්න කියපු අයම කෑගහන්න ගනීවි... මෙහෙම ගියොත් මිනිස්සු කන්න හොයාගන්නේ කොහොමද? රට අරින්න කියලා... මතකයිනේ පාර්ලිමේන්තුව අරින්න කියලා කෑගහපු අයම වහන්න කියලත් කෑගැහුවා... පඩි වැඩිකිරිල්ලත් පස්සටම දාගන්න වෙයි.

:       13       126

Viki Friday, 20 August 2021 03:08 PM

නන්දෙගේ හුළං බැස්සද? අයියෝ හිට්ලර්ට වුණු දෙයක්...

:       149       92

asaFriday, 20 August 2021 03:33 PM

තප්පුලන්න එපා..

:       68       76

සෙනවි Friday, 20 August 2021 03:24 PM

අඩුම ගාණේ දින 14ක් වත් වසා තැබිය යුතුයි. මහානායක හිමියන් වෛද්‍යාචාර්ය වරුන්ද? සෞබ්‍ය සේවයේ වගකිවයුතු නිලධාරින්ගේ සහ ජනතාවගේ කීම පිළිකෙව්කර මේ කරන්නේ අපහරණයෙන් බේරීමටද..? දින 10ක් වසා දැමීමේ විද්‍යාත්මක පදනම කුමක්ද? මහානායක හිමිවරුන් මේවා දන්නවද? සඳුදා සිට ජනතාව ස්වයං ලොක් ඩවුන් වීමට තීරණය කිරීමේ ප්‍රතිඵලයක්ද? ජනතාව මුලා කිරීමේ අනිසි ප්‍රතිඵල වලට මුහුණ දිය යුතුය...

:       49       5

Jude perera Friday, 20 August 2021 03:30 PM

ඔක්කොම රිවර්ස් තමයි ඉතින්...

:       146       67

sachith Friday, 20 August 2021 03:34 PM

කළින් පාර වැහුවා වගේ පාරේ නැව් විතරක් නොගිය ඇඳිරි නීතියක් නම් වැඩක් නෑ... හරියට දවස් 10ක් වහන්න එහෙම වුණොත් අඩුම ගාණේ තව සති 3-4 ක් යනකොටවත් රෝගීන්/ මරණ අඩුකරගන්න පුළුවන් වෙයි...

:       47       99

Ashan Friday, 20 August 2021 03:45 PM

ප්‍රමාද වෙලා හරි ගත්තු හොඳ තීරණයක්... හැබැයි අත්‍යාවශ්‍ය සේවා කියලා දැන් කොල්ලාටයි, බල්ලටයි ඔක්කෝටම එළියට යන්න දෙන්න එපා. රටේ නියම තත්වේ දැනගෙන පරිස්සම් වෙන එක මිනිස්සුන්ගේ වගකීමක්...

:       0       93

prasanna wimal Friday, 20 August 2021 04:02 PM

සෙනසුරාදවල් පහක් වැඩකරන දින ලෙසට නම් කරන්න. පිනට පඩි නොදෙන්න..

:       17       62

dumindaFriday, 20 August 2021 05:25 PM

හොඳ අදහසක්... රට වහන්න ඕනෑ... හැබැයි ඒවා කවර් වෙන්න වැඩ කරන්න ඕනෑ.

:       3       33

RaveendraFriday, 20 August 2021 08:29 PM

ඇත්තෙන්ම හොඳ අදහසක්. ක්‍රියාත්මක කරන්න නම් කොහෙත්ම බැරිවෙයි. මොකද වැඩනොකර පඩි ගන්න පුරුද්ද උපන්දා සිටම තිබෙන ජන කොටසක් වන අප මෙන්ම අර සමිතියේ මේ සමිතියේ නායකයන් සමගද වර්ජන, උද්ඝෝෂණ කෙළවරක් නැතිව සිදුවෙනු ඇත. එලෙසම හෙට සිට විපක්ෂ වල ඉන්න මීහරකුන් උඩු බිරීමට පටන් ගනු ඇත. අර මිනිසුන්ට කන්න නැතේ, මෙහෙ බෙහෙත් නැතේ... මොකටද රට වහගෙන ඉන්නේ වැනි නිවට අවස්ථාවාදීන් පිරී ඉතිරී ගොසිනි.

:       3       43

RamendraFriday, 20 August 2021 09:54 PM

පව්, බලලා මල්ලෙන් එළියට පැනලා වගේ..!!!

:       19       2

Rajinda Friday, 20 August 2021 04:31 PM

හික්... වරායේ කාණු කපන ව්‍යාපෘතියේ ඉඳන් ගුවන්තොටුපලේ පොඩිපොඩි ව්‍යාපෘති කරන කොම්පැනි ඔවුන්ගේ සේවකයින් අත්‍යාවශ්‍ය සේවා යටතේ වැඩට ගෙන්වන්න අරහේ හිටු කියලා ලියුම් ගහනවා... මෙයාලා කියනවා ලොක්ඩවුන්ලු..!!

:       27       6

asanka Friday, 20 August 2021 05:26 PM

කෝවිඩ් ව්‍යාප්තිය අවම කිරීමට මේ ගත් පියවර හොඳ දෙයක්. නමුත්, මේ දෙයින් දිනපතා වැඩකිරීමෙන් අාදායමක් ලබා ජීවිකාව ගෙනයන බොහෝදෙනා අසරණ වෙනවා. මෙයට පිළියමක් ලෙස, මාසිකව පඩි ගන්නා උදවියගේ වැටුපෙන් යම් ප්‍රතිශතයක් රටේ අනිකුත් අයට ජීවත් වීමට සඳහා ලබාදෙන්න. මේ දේ රටේ මැති ඇමැතිවරු ඇතුළු සියලු රජයේ සේවකයින්ගෙන් ආරම්භ කර, අනිකුත් අයට ආදර්ශයක් ලෙස ක්‍රියාවට නැංවීය යුතුයි.

:       22       7

Rata Perata Saturday, 21 August 2021 12:27 AM

කිසිම සැලැස්මක් නැති අසාර්ථක රජයක් සහ පාලකයෙක්.

:       1       0

Sri Lanka Saturday, 21 August 2021 01:54 AM

රට වහලා බලන්නකෝ කොච්චර ඉවර වෙයිද කියලා. ඉවර වෙන්නේ ඩොලර් ටික සහ අතේ තියෙන රුපියල් ටික විතරයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 578 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site