ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය සහාය ලබාගැනීමට කඩිනම් පියවර ගන්නැයි ඉල්ලමින් ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනකු වන ඩීනා ටයිටස් මහත්මිය සහ රාජා ක්‍රිෂ්ණමූර්ති මහතා ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්තනි ජේ. බ්ලින්කන්ට ලිපියක් යොමු කර ඇත.
ශ්‍රී ලංකාවේ තත්ත්වය එන්නම නරක අතට හැරෙමින් තිබෙන බවත් දෛනිකව 3,000ක ඉක්මවමින් නව කොරෝනා වයිරස ආසාදිතයන් ද 100 ඉක්මවමින් නව කොරෝනා වයිරස ආසාදිත මරණ ද වාර්තා වන බවත් ශ්‍රී ලංකාවේ ජනතාවට සහාය අවශ්‍යම මේ මොහොතේ ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ද නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන් දෙදෙනා රාජ්‍ය ලේකම්වරයගෙන් ඉල්ලා ඇත.
ඩීනා ටයිටස් ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කොංග්‍රස් මණ්ඩලයේ ද්විපාර්ශවීය මණ්ඩලයේ හිටපු සම සභාපතිවරිය ද වේ.
ශ්‍රී ලංකාවෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන සහ වයිරස ආසාදිත මරණ ගණන පසුගිය සතිය හා සැසඳීමේදී දෙගුණ වී ඇතැයි ද ඇය සිය ලිපියේ සඳහන් කර ඇත.
අගෝස්තු මස 17 වැනිදා දාතම යටතේ මෙම ලිපිය ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාට යොමු කර ඇත.
ඇය මේ සම්බන්ධයෙන් සිය ටිව්ටර් ගිණුම ඔස්සේ ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර ඇත.
ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන තරමක සාර්ථකත්වයක් අත්පත් කරගෙන ඇති නමුත් තවමත් එන්නත්කරණය කර ඇත්තේ ජනගහනයෙන් සියයට 31.6ක් පමණක් බවත් ඇය සඳහන් කර ඇත.
ජූනි මාසයේ අගදී දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වැඩිවීමට පටන් ගත් බවත් අගෝස්තු මස පළමු සතියේ දී එය වේගයෙන් වැඩි වන්නට පටන් ගත් බව සඳහන් කරන ඇය වයිරසය ආසාදනය වීමෙන් මිය යන අයගේ සිරුරු තබාගැනීම සඳහා ශීතාගාර පහසුකම් නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා රජයට සමූහ වශයෙන් මළසිරුරු ආදාහනය කිරීමට සිදු වූ බව ඇය සඳහන් කර ඇත.
මළසිරුරු ප්‍රමාණයෙන් දිනෙන් දින ඉහළ යෑම නිසා ආදාහනාගාරවලට දිවා රෑ නොබලා වැඩි කිරීමට සිදු වූ බවට ද වාර්තා වූ බව ඇය සඳහන් කරයි. ඒ අතරවාරයේ දී ඇතැම් හෝටල් තාවකාලික රෝහල් බවට පත් කර ඇති බවට ද ඇය සිය ලිපියේ සඳහන් කර ඇත.
‘කොවිඩ්-19’ ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් නොවීමත් ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන ඉහළ යෑමට දක්වන අසංවිධානත්මක ප්‍රතිචාරයටත් විසඳුම් සොයන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ආයාචනා කර ඇති බවත් ඇයගේ ලිපියේ සඳහන් වේ.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන වෛද්‍ය සහාය කඩිනමින් වේගවත් කරන ලෙසත් විශේෂයෙන්ම මෙම දරුණු තත්ත්වයට මුහුණ දීම සඳහා කොළඹින් පිටත පිහිටි දිස්ත්‍රික්කවලට තාවකාලික ජංගම වෛද්‍ය ඒකක ලබාදෙන ලෙසත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් වන ඩීනා ටයිටස් මහත්මිය සහ රාජා ක්‍රිෂ්ණමූර්ති මහතා ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන්නුන්ගේ ජරාව මුදල් ගෙවලා කන මේ තුප්පහි ජාතියට මොකටද ඇමරිකාව උදව් කරන්නේ. මනුෂ්‍යයින් වෙසෙන රටකට ආධාර කරන්න. මේ ජාතියට ආධාර කලාට පලක් නැහැ. මෙවුන් කාපු පතේම පහරන ජාතියක්??
අපේ පාලකයින් ඇමරිකානුවන් කියලා මතක් වෙලා වගේ...
කරදරයකදී පිහිටවන ඔබතුමිය සහ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා...!!!
ඇමරිකාවේ සහන ?මේකට උත්තරය තමයි ඇෆ්ගනිස්ථානය !
අධිරාජ්‍යවාදීන්ගේ ඇඟිලි ගැසීම් හෙළා දකිමු... මව්බිම පෙරට... අපිට අපේ සර් ඉන්නවා. බැසිලුත් ඉන්නවා... වෙන කවුරුවත් අවශ්‍ය නැහැ..
අර යූකේ වල දරුවන්ට කන්න නෑ කියලා ලෝකෙටම කිව්වා... ඒ ගැනත් බලනවා නම් හොඳයි. වර්ණ භේදය නිසා එම රටවල ආසියානුවන්ට හිංසා, අපහාස, ඝාතන නිමක් නැතිවුණත් අපි සුදු ජාතික ඔවුන් කෙරෙහි කිසිඳු වෛරයක් කොහෙත්ම නැත.
හොද වැඩක්. ඇමරිකාවේ ඉන්න ලාංකිකයොත් මේ වෙලාවේ උදව් කරන්න. ගොඩක් අය නිදහස් අධ්‍යාපනය නිසා උසස් අධ්‍යාපනයට ගිය අය නේ. මේ වෙලාවේ උදව්වක් නැත්නම වැඩක් නෑනේ