IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අස්ගිරි - මල්වතු මහා නාහිමිවරු රට වහන්නැයි ඉල්ලති

(ජේ.ඒ.එල් ජයසිංහ)

කෝවිඩ් - 19  වයිරසයට සීඝ්‍රයෙන් පැතිර යැම වැළැක්වීම සඳහා සතියකට රට වහන්නැයි අස්ගිරි - මල්වතු මහා නාහිමිවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති.

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නා හිමියන්ගේ සහ  වරකාගොඩ ශ්‍රී ඥානරතන  අස්ගිරි පාර්ශවයෙන් මහ නාහිමියන්ගේ අත්සනින් යුතු ලිපියක් මගින් මහා නාහිමිවරු ජනාධිපතිවරයාගෙන් එම ඉල්ලීම කර ඇත.

මහා නාහිමිවරුන් ජනපතිට යැවූ ලිපිය පහත දැක්වේ



අදහස් (26)

අස්ගිරි - මල්වතු මහා නාහිමිවරු රට වහන්නැයි ඉල්ලති

Perera Thursday, 19 August 2021 03:25 PM

කී සැරයක් කියන්න ඕනද.?

:       0       1

මුදියන්සේ Thursday, 19 August 2021 03:38 PM

රට වැහුවට කමක් නෑ ගියවතාවේ වගේ රටට සෙත් පතා "ලවුඩ්ස්පීකර් පිරිත් " නම් දාන්න කියලා කියන්න නම් එපා හාමුදුරුවනේ..!. අහළ පහළ ගෙවල්වලට හරිම කරදරයි. පොඩි දරුවන් සහ වැඩිහිටියන් ඒ අධික ශබ්දයන් නිසා උදේ සවස පීඩා විඳිනවා.. මේක මානුෂීය ඉල්ලීමක්... ගෙවල්වලට හිරවෙලා ඉන්න මිනිස්සුන්ට කරදර කරන්න එපා...

:       0       2

Viki Thursday, 19 August 2021 03:54 PM

මහා නාහිමිවරු මෙච්චර දවසක් පිටරටක ඉඳලා ඊයේ නේද ලංකාවට ආවේ

:       0       2

Prabha Thursday, 19 August 2021 04:03 PM

හාමුදුරුවනේ රටේ මිනිස්සු අසීරු තත්වයක .පිං කැටවල සල්ලි එලියට අදින්න කාලෙත් හරි

:       0       2

Nadun Thursday, 19 August 2021 04:07 PM

අනේ මේ අපි දෙන දෙයක් කාලා ඉන්නවද? අපිට කන්න දෙන්නේ ඔයාලා නෙමෙයිනේ...

:       0       2

Ratne Thursday, 19 August 2021 04:09 PM

හාමුදුරුවනේ, අපේ ජනපති තාම අවදි නොවේවි... අවදි වුණාට පස්සේ තීරණයක් ගනීවි. දැන් සතියක් ඉවසුවා වගේ තව පැය කීපයක් පණකෙන්ද අල්ලන් ඉන්න කියලා සියළුම රෝගීන්ට යුදහමුදාපති මඟින් නියෝග කරාවි. මරුවා සැමට එන්න කියාවි. ඊට පස්සේ අපේ ජනාධිපති රට වසාවි.

:       0       1

fairoos Thursday, 19 August 2021 04:14 PM

දැන් ඉතින් සලකා බලයි... මහ ජාතිය නැතිනම් තරහා වෙයි...

:       72       0

සමන් Thursday, 19 August 2021 04:48 PM

දැන් වහන්න බැරිකම නොවේ... වැහුවොත් සර්ගේ උද්දච්ච තීරණය පරාජයට පත් වෙන නිසා සද්ද නැතුව ඉන්නවා.

:       49       0

යෝගා Thursday, 19 August 2021 04:53 PM

බස්නාහිර පළාත පමණක් ඕනෑම නම් දැනට වහන්න...

:       17       2

මහසෙන් Thursday, 19 August 2021 04:53 PM

කියන පරක්කුවට වහයි හාමුදුරුවනේ මෙන්න කියලා....

:       20       0

මාම Thursday, 19 August 2021 05:03 PM

ස්වාමීන් වහන්ස, ඔබලාගේ පන්සල්වල ඇති මහා ධනස්කන්ධය දුප්පත් නැති බැරි මිනිසුන් වෙනුවෙන් යොදවන්න. එයයි බුදුන් වහන්සේ වදාලේ, බුදුන් දෙසූ දහම අනුව ඡීවත් වෙන්න. බෞද්ධ අපිට ලැජ්ජයි අද බොහෝ සිවුරුදාගත් මහණුන් ගෙවන ජීවිත දැක්කාම... කරුණාකර ඔබලා ගෙවන ඔය සැප ජීවිත වලින් මිදී බොදු පිළිවෙත අනුව ජීවත් වෙන්න...

:       47       6

RathnasekaraSaturday, 21 August 2021 12:36 AM

ඔය දුප්පත් නැතිබැරි කතාව කියන්නේ බෞද්ධයො නොවන බව දන්නෝ දනිති. හැමෝම පන්සලටම කියන්නේ පල්ලි වලටත් ඔය කතාව කියන්නකො. පන්සල් වලට දෙන්නේ ගමේ මිනිහා, පල්ලිවලට දෙන්නේ ඉතාලියේ, ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ ධනවත්තු. සුද්දා දීල ගියපු ඉඩම් අක්කර දස දහස් ගණනක් තාම අයිති පල්ලියට. එයින් සොච්චමක් දුන්නොත් ලංකාවම ගොඩ දාන්න පුලුවන්.

:       0       0

කමල් Thursday, 19 August 2021 05:11 PM

මහානායකවාදය ථේරවාදයෙන් වෙනස් වන්නේ කෙසේද? අන්තර්ජාලයේ මහා නායකවාදය ගැන සොයා බලන්න.

:       33       1

විජිත් Thursday, 19 August 2021 05:16 PM

ගරුතර ස්වාමින් වහන්ස, මේ රට මුහුණපා ඇති අවාසනාවන්ත තත්වය හමුවේ පාලකයින් සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් කිසිවක් පිළිනොගෙන , තමන්ගේ මහත්වූ උද්දච්ච බව පෙන්වමින් සිටින මොහොතක... " රට ටික දිනකට හෝ වසන්න..." යයි ඔබ වහන්සේලාගේ ඉල්ලීම ඉතා ඉහලින්ම අගේකරමි.මේ රටේ මිය යන මිනිස් ජිවිත බේරාගැනීම ඒ ලිපියේ අරමුණ බව මොලය ඇති ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම වැටහෙනු ඇත.පාලකයින් ඔබ වහන්සේලාගේ කාරුණික ඉල්ලීමත් නොතකා තවදුරටත් රට විවෘර්ත කර තබා දහස් ගණනින් මිනිසුන් මියයන්නට ඉඩ හැරියොත් ...? මේ අසික්කිත, මිනීමරු, හොර දේශකාපාලුවන් ...ඔබ වහන්සේලාගේ පන්සල් වෙත පිළිගන්නවාද...? ....... හෙටත් මේ මිනීමරුවන්ට " පිරිත් නුල් " බඳිනවාද..? අවවාද අනුශාසනා කරනවාද ...? පිළිතුර උගත් බුද්ධිමත් ඔබවහන්සේලා සතුයි.

:       16       0

K Perera Thursday, 19 August 2021 05:52 PM

මේ තරම් වින්නැහියක් අපේ රටට වෙලා තියෙද්දිත් ඇයි ජනපති තුමන් රට නොවහා උඩ බලන් ඉන්නේ ?

:       25       2

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 19 August 2021 05:55 PM

රටේ ජනතාව මේ තරම් අවධානම් තත්වය කට පත්වීමට ප්‍රථම,මේ සෑම දෙනා එකතුව දේශපාලනයෙන් තොරව පාලකයාට බලපෑම් කළේ නම් කොතරම් වටින්නේද ? එය මුලදිම එසේ වූවානම්,රටේ වසන්නට වෙන්නේ ප්‍රදේශ කිහිපයක් පමණයි.එසේ වූවා නම්,ආර්ථිකයටද එතරම් බලපෑමක් එල්ල නොවේ.නිරපරාදේ මියගිය ජීවිත දහස් ගණනක් රැකගැනීමට ද,හැකියාව තිබුණි.

:       46       2

w.l.leelamanda Thursday, 19 August 2021 06:01 PM

සම්පුර්ණයෙන්ම අගුළු දමන්න එපා, බලපෑමට ලක් වූ ප්‍රදේශ වසා දමන්න. සියලුම රජයේ බලධාරීන්ට සහ සංඝයන්ට ජීවත් විය හැකි නමුත් එදිනෙදා වැඩ කරන සේවකයින්ට සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට මුදල් නොමැතිව ඔවුන් ජීවත් වන්නේ කෙසේද?

:       9       27

ගමේ එකාලා Thursday, 19 August 2021 06:59 PM

දැනුයි ඇස් ඇරලා තියෙන්නේ .

:       19       4

wajira Thursday, 19 August 2021 07:03 PM

මැරෙනකොට තමයි ඔබ වහන්සේලාටත් මතක් වෙන්නේ .රට පුරා පෙළපාලි යන කොට කට වහගෙන ඉඳලා දැන් වැඩි බන දේශනා කරලා වැඩක් තියනවාද

:       39       2

siri Thursday, 19 August 2021 07:22 PM

කුලී වැඩක් කරලා එදිනෙදා වේල පිරිමහ ගන්නා දුප්පත් මිනිස්සුන්ට ජීවිකාව කරගෙන යන්න බැරිවෙන නිසා රට වහන්නේ නෑ කියලයි දැන් කියන්නේ. අනේද කියන්නේ.

:       22       1

CHANDIMA Thursday, 19 August 2021 07:38 PM

රෝගීන් එක්කෙනෙක් දෙන්නෙක් හමුවුන වෙලාවක රට වැසීම ප්‍රයෝජනවත්.

:       11       1

gunarathna Thursday, 19 August 2021 08:58 PM

එදාවේල හොයාගෙන කන කෙනාට කන්න දෙන්නේ කවුද.?

:       12       41

Sri Lanka Friday, 20 August 2021 02:43 AM

රට වහන්න ඕන ඒකට එකම විසඳුම ඒකනම්.

:       8       29

පිටිගල මිලානෝ Friday, 20 August 2021 10:37 AM

අස්ගිරි, මල්වතු විහාරවලට අයිති කෝටිගණන් වටිනා දේපළ ජනසතු කරන්න මේ කරදර කාලේ...

:       62       8

kasun Friday, 20 August 2021 10:38 AM

ඔය රට වහන්න කියන හැමෝගෙන්ම පඩියෙන් 50%ක් කපලා එදිනෙදා හම්බ කරන් කන අයට දෙන්න ඕනෑ. ඔබවහන්සේලාටත් පුළුවන් පන්සලට ලැබෙන ආදායමෙන් 50%ක් එහෙම දෙන්න.

:       38       6

Bamunuarachchi Friday, 20 August 2021 11:35 AM

ජනාධිපති තුමා රට වහයි.

:       7       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 578 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site