කොරෝනා ආසාදිත සිරුරු ආදාහනය නවත්වන්නැයි එ.ජා. සංවිධානයෙන් ඉල්ලයි කොවිඩ් -19 වයිරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයින් සිව්දෙනෙකු ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇත. 26 January 2021
ආසාදිත සිසුවියක් පාසල් ඇවිත් 28 ක් නිරෝධායනයට නිකවැරටිය නගරාසන්නයේ පාසලක දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන කොරෝනා ආසාදිත දැරියක් පාසලට පැමිණීමෙන් එම පංතියේ ළමුන් 12 දෙනෙකු සහ පංතිභාර ගුරුවරිය නිරෝධායනයට ලක් කළ බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය . 26 January 2021
කුඹුරට ගොස් එමින් සිටි ගොවියාව වලසෙකු සපාකාලා මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී වලසකු සපා කෑම හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුළත් කර තිබේ. 26 January 2021
15 කට කොරෝනා - ගම්පහ දිස්ත්‍රික් ඉඩම් කාර්යාලය වසා දමයි ගම්පහ විජය පාරේ පිහිටි දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල කාර්ය මණ්ඩලයෙහි 15 දෙනෙකු, කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වීම මත එම කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවරගත් බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය. 25 January 2021
සමගි ජනබලවේගයේ සභාපති තනතුර සරත් ෆොන්සේකාට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජනබලවේගයේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (25) පත්කරනු ලැබීය. 25 January 2021
පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට කොරෝනා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති වසන්ත යාපා බණ්ඩාර මහතාට කොරෝනා-19 ආසාදනය වී ඇති බව තහවුරු වු බව මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ ඉහල නිලධාරියෙක් පැවැසීය. 25 January 2021
400 ක් නිරෝධායනයට යැවූ මංගල උත්සව දෙකක් හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ පැවැති විවාහ මංගල මංගලෝත්සව දෙකකට සහභාගී වූ එක් මනාල යුවළකට, කොරෝනා ආසාදනය වී ඇති බවත් අනෙත් මනාල යුවළ ස්වයං නිරෝධානයට ලක් කළ බවත් හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පැවසීය. 24 January 2021
කවුරු විරුද්ධ වුණත් නැගෙනහිර ජැටිය ඉන්දියාවට බදු දෙනවා කවුරු විරුද්ධ වුණත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බදු දෙන බවත් එය රජයේ ස්ථාවරය බවත් ග්‍රාමීය මාර්ග සංවර්ධන හා අවශේෂ පහසුකම් පිළිබද රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා (24දා) වත්තල කෙළවරපිටියේදී පැවසීය. 24 January 2021
නොදිරන අපද්‍රව්‍ය ටොන් 150 ක් කෙරවලපිටියට කරදියාන කසළ අංගනයට පළාත් පාලන ආයතන වලින් රැගෙන එන නොදිරන අපද්‍රව්‍ය ටොන් 150ක් කන්ටේනර් පෙට්ටි 8 ක පුරවා කෙරවලපිටිය විදුලි ව්‍යාපෘතියට දිනපතා යැවීමට පියවර ගත් බව බස්නාහිර පළාත් ඝණ අපද්‍රව්‍ය අධිකාරියේ අධ්‍යක්ෂක නලීන් මාන්නප්පෙරුම මහතා පැවසීය. 24 January 2021
සෞඛ්‍ය ඇමැතිනියටත් කොරෝනා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියය කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබේ. 23 January 2021
‘අන්තර්ජාල මූල්‍ය වංචාවලින් පරෙස්සම් වන්න‘ අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචාවලින් පරෙස්සම් වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි. 22 January 2021
ඇකිරියේ භූ කම්පන 3ක් මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය ගම්මානයේ ස්ථාන කීපයක අද (22) අලුයම 3.30 ත් 4.00 ත් අතර භූ කම්පන තුනක් සිදුවූ බව ඇකිරිය ගම්වාසීහු පිරිසක් පැවැසූහ. 22 January 2021
සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසුවාට වසර 6 ක් හිරගෙට අටුලුගම මාරාව ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගසමින් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුට එරෙහිව වසර 6 ක සිර දඬුවම් නියම කිරීමට පානදුර අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (21) නියෝග කළේය. 21 January 2021
කුරුණෑගල ප්‍රා.සබේ හිටපු සභාපති සිරදඬුවමින් නිදොස් කොට නිදහස් මිනීමැරුම් චෝදනාවකට වරදකරු කර වසර 10 ක සිර දඩුවමකට යටත් කරනු ලැබූ කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පැට්රික් කරුණාසිංහ මහතා සහ ඔහුගේ සොයුරා අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුව එම සියලු චෝදනා වලින් නිදොස්කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මාපා බණඩාර මහතා අද (21) නියම කළේය. 21 January 2021
නුවරඑළියේ පාසල් 16 ක් ජාතික පාසල් කිරීමට යයි නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පාසල් 16 ක් ජාතික පාසල් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලැබී ඇත. 21 January 2021
අ‘පුර පාසල් දෙකක් දින නියමයක් නැතිව වසා දමයි අනුරාධපුර අධ්‍යාපන කලාපයේ නිරාවිය පිහිටි දේවානම් පියතිස්සපුර මහා විද්‍යාලය සහ අලි අස්වර් මුස්ලිම් විද්‍යාලය අද (21) දින සිට දින නියමයක් නොමැතිව වසා දැමිමට පියවරගත් බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නිර්මලා ඒකනායක මහත්මිය පැවුසුවාය. 21 January 2021
හරින් කළු සාටකයක් ඇඳ පාර්ලිමේන්තු එයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද(20) කළු සාටකයක් පැළඳ පාර්ලිමේන්තුවට පැමිණියේය. 20 January 2021
පොල්ගෙඩි 21 ක් කැඩුවාට ලක්ෂ දෙකක ශරීර ඇප ගාල්ල දුම්රිය නිල නිවාස පිහිටි ඉඩමේ පොල් ගසකින් හොරෙන් පොල් ගෙඩි 21ක් කඩා ගැනිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇපයක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (20) නියෝග කළේය. 20 January 2021
පාස්කු ඉරිදා මරාගෙන මැරුණු කෝටිපතියාගේ කම්හලේ 10 දෙනාම නිදහස් පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරුණු කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහීම් ඉන්සාෆ් නැමැත්තාට අයත් වූ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියේ සැකකරුවන් 10 දෙනා නීතිපති උපදෙස් ප්‍රකාරව නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (19) නියෝග කළාය. 20 January 2021
එම්.සී.සී. ගිවිසුමේ කරුණු ව්‍යවස්ථාවට පටහැනියි ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට යෝජිතව තිබූ එම්.සී.සී. ගිවිසුමේ සමහර කරුණු ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව නීතීපතිවරයා ජනාධිපති ලේකම්වරයාට අද (19) දැනුම් දී ඇත. 19 January 2021
යුක්රේනයේ 45 ක් සමග උදයංග වීරතුංග පොළොන්නරු යයි ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්රේන ජාතික සංචාරකයෝ 45 දෙනෙකු අද (19) ඓතිහාසික පොළොන්නරුව පුජා භූමියේ සිද්ධස්ථාන නැරඹීම සඳහා පැමිණ සිටියහ. 19 January 2021
ෆේස්බුක් අන්තවාදියාගේ බැංකු ගිණුමේ කෝටි 7 ක් ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇතිවන වෛරී ප්‍රකාශ මුහුණු පොත මගින් ප්‍රචාරය කළැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ව්‍යාපාරිකයකුගේ බැංකු ගිණුමක ඉතා කෙටි කලක් තුළදී රුපියල් කෝටි 7කට ආසන්න මුදලක් සංසරණය වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ ඊයේ (18) කරුණු වාර්තා කළේය. 19 January 2021
රංජන්ට මන්ත්‍රී අසුන අහිමිවන ලකුණු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට වරදකරු වී සිරදඬුවම් නියම වීමත් සමඟ හිටපු රාජ්‍ය අමාත්‍ය, රංජන් රාමනායක මහතාගේ පාර්ලිමෙන්තු මන්ත්‍රී අසුන අහිමි වන බව නීතීපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද (18) දැනුම් දී ඇතැයි වාර්තා වේ. 18 January 2021
බස්නාහිර පාසල් විවෘත කිරීමේ සැලැස්ම ඉදිරි දෙසතියේ බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමේ සැලැස්ම ඉදිරි දෙසතිය ඇතුළත සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය, ජී.එල් පීරිස් මහතා පැවසීය. 18 January 2021
රන්ජන් පාර්ලිමේන්තු ගෙන්වන්න’යි සමගි ජන බලවේගය ඉල්ලයි වසර හතරක බරපතළ සිර දඩුවම් ලැබ සිටින රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීමට අවස්ථාව දෙන ලෙස සමගි ජන බලවේගය කතානායකවරයාගෙන් අද(18) ඉල්ලීමක් කළේය. 18 January 2021
කලා-බළලු වැව් ඉස්මත්තේ රජයේ රක්ෂිත ඩෝසර් කරලා ධාතුසේන රජතුමා විසින් අතීතයේ කළ බව කියන කලා සහ බළලු වැව ආසන්නයේ රජයේ රක්ෂිතයේ ඇති මහ ගස් කොළන් කපා ඩෝසර් කර එළිපෙහෙළි කිරීමේ ක්‍රියාවලිය මේ දිනවල සිදුවෙමින් පවතින බව ප්‍රදේශය බාර වනජීවී නිලධාරීහු පෙන්වා දෙති. 18 January 2021
පාර්ලිමේන්තුවේ 9 දෙනකුට කොරෝනා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් කාර්යාංශවලට අයත් පුද්ගලයින් පස් දෙනකු ද, ආරක්ෂක අංශයේ එක් අයෙකු මෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටත ආරක්ෂක කලාපයේ අනියුක්ත තිදෙනකුට කොරෝනා අසාදනය වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි. 17 January 2021
හොරණ ඇගලුම් කම්හල් තුනක් වහයි හොරණ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්තශාලා පහක සිදුකළ අහඹු පි සි ආර් පරීක්ෂණවලින් පුද්ගලයන් 19 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට අනාවරණය වීමෙන් පසුව කර්මාන්ත ශාලා තුනක් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එල් පි එල් ප්‍රියන්ත මහතා පැවසීය . 17 January 2021
බොරැල්ලේ නිවාස සංකීර්ණයකින් කෝටි 2ක හෙරොයින් සොයාගනී පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් බොරැල්ල සිරිසර උයන නිවාස සංකීර්ණයේ සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි 2කට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු හා මුදල් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 17 January 2021
මුදල් - රන් භාණ්ඩ මංකොල්ලය ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් 05ක් ගම්පහ - මිරිස්වත්ත මාර්ගයේ මූල්‍ය ආයතනයකට ආයුධ සන්නද්ධව පුද්ගලයින් දෙදෙනෙකු කඩා වැදී රුපියල් කෝටි 4 ක පමණ රන් භාණ්ඩ සහ මුදල් පැහැර ගැනීමට සම්බන්ධ කොල්ලකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවා ඇති බව පොලීසිය පවසයි. 16 January 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026