IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


ඇස්ට්‍රාසෙනිකා පළමු බලය බිඳිලාද?

( දයාසීලී ලියනගේ)

ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබා දුන් පුද්ගලයන් ලක්ෂ පහමාරකට ආසන්න පිරිසකට පළමු මාත්‍රාවෙන් මාස තුනකට අධික කාලයක් ගතවනතුරු දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වීම නිසා එම එන්නතෙන් ලැබෙන ප්‍රතිශක්තිකරණය පිළිබඳ පවතින බලය ඉවත්වී තිබේද යන්න ගැන සැක මතුව ඇති බව වාර්තාවේ.

මාස හයක කාලයක් මෙම පළමු මාත්‍රාවේ ප්‍රතිශක්තිකරණය රඳාපවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර ඇතත්, වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ පළමු මාත්‍රාව ලබා දී දින 75 කින් ප්‍රතිශක්තිය හීන වී යන බවය.

කෙසේ වුවද ජපානය ලබා දෙන ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා ලක්ෂ 14 ක ප්‍රමාණය ලැබුණු වාහාම ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ලබානොදුන් පිරිසට දෙවැනි මාත්‍රාව ලබා දීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.

 



අදහස් (13)

ඇස්ට්‍රාසෙනිකා පළමු බලය බිඳිලාද?

Neela Sunday, 25 July 2021 08:38 AM

ජපාන මාත්‍රාවලින් ලක්ෂ 11 ක් වෙන් කරගෙන එම ලක්ෂ 5 1/2 ට ඇස්ට්‍රා සෙනිකා 2 හා 3 මාත්‍රා දුන්නොත් වැරැද්ද හදා ගන්න පුලුවන්.

:       1       9

dewa Sunday, 25 July 2021 08:55 AM

සෞඛ්‍ය අමාත්‍යාංශය එකක් කියනවා, දොස්තරලා එකක් කියනවා.., ඇමැතිවරු 03 දෙනා තව එකක් කියනවා. මේ හැමෝම සෙල්ලම් කරන්නේ රටේ අහිංසක ජනතාවගේ ජීවිතත් එක්ක නේද?

:       0       61

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 25 July 2021 09:26 AM

අනේ..!!! මන්දා මේ රටේ වැඩ. විරුද්ධ පක්ෂය පැත්තේ අය පාර්ලිමේන්තුවේදී මොන තරම් කිව්වද, මුලදීම මේ එන්නත් ගෙනත් විදිමු කියලා. ඒත්, මතකද වාසුදේව ඒ ගැන උඩ පනිමින් විරෝධය දැක්වූ හැටි... කෝ අද ඒ ගැන ඔහු හෝ විරුද්ධ වෙච්ච කිසිවෙක් කිසිඳු වගකීමක් ගන්නේ නැහැ. ඒවා කිසිවක් ඔවුන්ටත්, මේ රටේ බොහෝ දෙනාටත් මතක නැහැ. එහෙම තමයි මේ රටේ අයගේ හැටි. එදා පාර්ලිමේන්තුවේ සාකච්ඡා වූ අදහස්වල වටිනාකම වාසු ඇතුළු එන්නත් ගේන්න විරුද්ධ වූ කිසිවෙකුට මේ පාර්ලිමේන්තුවේ සිටිමින් ජනතා මුදලින් නඩත්තු වීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ. එදා මේසන් බාස්ලා පස්සේ හා මුට්ටි පස්සේ දිව්ව අය නිසා රටේ ජනතාවගේ එන්නත් පිළිබඳ විශ්වාසය අඩුවුණා. ඒත්, අද ඒ අයම රටට එන්නත් ගැන පම්පෝරි කතා කියනවා. එයින් එක්කෙනෙක් තමයි වාරකන් කාලෙට කැස්බෑවන් ඇවිත් ගල්පරවල වැදී මැරෙනවා කිව්වේ. මෙන්න මේ වගේ බොළඳ අය තමයි මේ පාලන තන්ත්‍රයේ රැඳී සිටින්නේ. අපෙත්, රටේත් කරුමයම තමයි. රට නංවන්න ඩොලර් කෝටි ගණන් ආධාර මුදල් ලැබුණා. ඒවා යටිමඩි ගහගෙන ඉන්නේ නැතිව, රටට ඇතිවෙන පමණට එන්නත් ගෙනැවිත් විදින්නේ නැත්තේ ඇයි?

:       1       392

Nihal Sunday, 25 July 2021 09:30 AM

ස්පුට්නික් එන්නත ලබාදුන් අයට මොකද කරන්නේ? එහි දෙවන මත්‍රාව තවම ඇණවුම් කරලත් නෑ. නොමිලේ ලැබුණු මොඩර්නා එන්නත දැන් ලබාදෙන්නේ දෙවන මත්‍රාවට අවශ්‍ය ප්‍රමාණය තියාගෙනද කියලත් පැහැදිලි නෑ...

:       0       57

Akila Sunday, 25 July 2021 09:30 AM

සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි ඕකේ දෙවෙනි මාත්‍රාව ලැබිලා නැතිව අවදානමේ ඉන්නේ.. දේශපාලුවන්, රජයේ ඉහළ නිලධාරින්, පවුල්වල අය.., ඔක්කොම ඔකේ දෙකම වෙලාවට ගහගෙන ඉන්නේ..., ඔන්න ඕක තමයි අපේ රටේ තත්වේ...

:       0       128

kamal Sunday, 25 July 2021 10:29 AM

ඔය දිශාවල ඉන්න ලොක්කෝ මොනවද දන්නේ...? අපේ ජ‘පුරේ ඉන්න විද්වතෙක්ගෙන් අහලා බලන්න.

:       0       5

Ratne Sunday, 25 July 2021 10:38 AM

එම පිරිස අතුරින් තෝරාගත් පිරිසකගේ ප්‍රතිශක්තීකරණය පරික්‍ෂා කර බලා, එය අඩුවී ඇත්නම් ඉදිරියේ දී ලැබීමට නියමිත එන්නත් වලින් මාත්‍රා දෙකක් නැවත ලබාදීමට කටයුතු කිරීම වඩාත් සුදුසු වේ...

:       0       22

සිරිබිරිස් Sunday, 25 July 2021 11:11 AM

ඒ වුණාට අපි නේද හොඳටම කළා කියලා අරයා කිව්වේ... කතාව නම් එහෙමයි, හැබැයි එන්නත් ටික කළමනාකරණය කර ගන්න බැහැ. විලි ලැජ්ජාවේ බෑ...

:       60       224

Nihal Sunday, 25 July 2021 01:55 PM

ස්පුට්නික් එන්නත ලබාදුන් අයට මොකද කරන්නේ? එහි දෙවන මත්‍රාව තවම ඇණවුම් කරලත් නෑ...

:       0       19

බද්රානි Sunday, 25 July 2021 02:01 PM

ලොකුකම් පෙන්වලා, පෝලිම් පැනලා අනිත් අයට මොකක් වුණත් කමක් නැහැ. තමන් විතරක් ජීවිතය බේරාගන්න උත්සාහ කළ අයට හොඳම වැඩේ... පිනට ලැබුණු එන්නත වත් පිළිවෙලකට විදගන්න බැරි තවත් ජාතියක් මේ ලෝකයේ ඉන්නවාද කියලයි හොයාබලන්න ඕනෑ. ඒ වුණාට කටවල් වල පම්පෝරිය නම් බලන්න එපැයි... නේද?

:       1       116

රශ්මි Sunday, 25 July 2021 03:25 PM

දැන් සති ගාණක ඉඳන් කියන්නේ ජපානයේ ඉඳන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය ලංකාවට එනවා කියලා. මට හිතෙන්නේ ජපානයේ ඉඳන් ඔරුවල තියා ගෙන, හබල් ගගාද දන්නෑ ඒවා ලංකාවට ගෙන එන්නේ කියලා!!! මේ රටම දැන් එකම එක විහිළුවක්. අරාජික ලන්තයක් වෙලා තියෙන්නේ. ජනාධිපති එකක් කියනවා. හමුදාපති තව එකක් කියනවා. ඇමතිවරු වෙනවෙන විකාර කියනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය වෙන එකක් කියනවා. වෛද්‍යවරු එකිනෙකට පරස්පර විරෝධී දේවල් කියනවා. රටේ මිනිස්සු අසරණයි. වල්මත් වෙලා ඉන්නේ... හෙට දවස කියන එක ඔළුවලින් සම්පූර්ණයෙන් ඈත් වෙලා තියෙන්නේ... මොකද අද දවසේ ජීවත් වෙන එකත් පුදුමාකාර අභියෝගයක් හින්දා... වෛරසයෙන් මිනිස්සු මැරෙන ගාණ කිසි අඩුවක් නෑ. හරියට පරීක්ෂණ කරනවා නම් තාම දවසකට 3000 කට එහා රෝගීන් හම්බ වෙනවා...

:       2       280

PrashanSunday, 25 July 2021 06:44 PM

දැන් කියනවා ඔලිම්පික් හින්දා පරක්කු වෙනවාලු. ඇත්තටම පොඩි බලාපොරොත්තුවක් ඇතිකර ගත්තා විතරයි. එ්කත් කැත විදිහට නැති කළා. සත පහක වැඩක් නැහැ මේ අයගෙන්...

:       0       0

කිෂාන් Sunday, 25 July 2021 10:14 PM

සෞඛ්‍ය අධ්‍යක්ෂක කිව්වා මේ සතියේ එනවා කියලා. චන්න කියනවා තව පරක්කු වෙනවලු. දොස්තරලයි VIP අයයි දෙකම ගහගෙන, අත්‍යවශ්‍ය අයට මුකුත් නෑ. කිසිම දෙයක් කරගන්න බෑ. නිකන් ලැබුන දේ හරියට ගහගන්න බෑ. Pfizer ගෙනල්ල ඔක්කම VIP ගහනවා. අසරණ ජනතාව, අම්මලා තාත්තලාට හුලං. AZ එකක් ගහලා බලාන ඉන්නවා!!!! කාලකණ්ණි ආණ්ඩුව වියත් මග අදම ගෙදර යවමු. අපි එකා වගේ පාරට බහිමු. මෙහෙම කාලකණ්ණි වැඩ කරන්න ආණ්ඩුවක් ඕනද. ගෙදර පල! පව් නොදී ගෙදර පල!! ගෙදර පල!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 535 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 715 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 908 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 264 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 1530 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 587 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 152 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1177 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site