IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


අමාත්‍යංශ කැබ් එකෙන් දඩයමේ ගිය තුනක් මාට්ටු

(හිරාන් ප්‍රියංකර සහ ජයරත්න වික්‍රමාරච්චි)

දේශීය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයට අයත් කැබ් රථයකින්  ගිනි අවි හා තියුණු ආයුද රැගෙන තම්බෝව අභය භූමියේ දකුණු මායිමේ නරිඔය ආසන්නයේ දඩයමේ යමින් සිටි තිදෙනකු අද අලුයම අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවි කාර්යාලය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන තිබුනේ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයකු හා  කිරිබත්ගොඩ හා කරුවලගස්වැව පදිංචිකරුවන් තිදෙනෙකු බව වනජීවි නිළධාරින් පවසයි.

මෙම සැකකරුවන් දඩයමේ යාමට භාවිතා තිබු කැබ් රථය දේශීය වෛද්‍ය අමාත්‍යංශයට අයත් බවට මේ වන විට අනාවර්ණය කරගෙන ඇති බව වනජීවි නිළධාරිහු පවසති.

වනජීවි නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අදාල සැකකරුවන් තබ්බෝව අභය භුමියේ නරිඔය ආසන්නයේදි අද අලුයම  අත් අඩංගුවට ගත් බව කියයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබි බලපත්‍ර සහිත 9 එම් .එම් .පිස්තෝලයක් හා එයට යොදන පතෝරම්  9ක් හා පතොරම් බහාලුම් දෙකක් ( පුචස් ) සමග බලපත්‍ර නොමැති බෝර 12 ගිනි අවියක් හා පතොරම් 4 ක් හිස්කොපු තුනක් සමග දඩයමට යොදා ගැනුන විදුලි පන්දමක් තියුණු පිහියක්  තිත් මුව ලෝම් ග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමානයක් හා ගැකට්ටුවක් ඇතුළු දෑ අත් අඩංගුවට ගත් බව වනජීවි නිළධාරිහු  සඳහන් කරති.

මේ සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටි කරුවලගස්වැව පදිංචි සැකකරුගේ නිවසේ තිබි වියළි මස් ග්‍රෑම් 100 කට අධික ප්‍රමානයක් සොයා ගත් බව වන ජීවි නිළධාරින් පවසයි.



අදහස් (11)

අමාත්‍යංශ කැබ් එකෙන් දඩයමේ ගිය තුනක් මාට්ටු

pakeer Friday, 23 July 2021 01:33 AM

සතෙකුටවත් ඉන්න දෙන්නේ නැති කාලකණ්ණි ... ඔය කියන ඩිරෙක්ටර්ව නිරුවතින් කැලේ යවලා... වෙඩි තියන්න ඕනේ කකුල් දෙකට...

:       2       65

nimal Friday, 23 July 2021 02:07 AM

දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයට අයත් කැබ් රථයකින් ඔවුන්ගේ ආරක්ෂාවට ගිනි අවි හා තියුණු ආයුධ රැගෙන තම්බෝව අභය භූමියේ දකුණු මායිමේ නරිඔය ආසන්නයේ ඔවුන් ගියේ දඩයමේ නොව බෙහෙත් පැල (කොළ, පොතු, මල්, මුල්) සෙවීමට බව පැහැදිලිව පෙනේ. රජයේ වාහන යොදවමින් රජයේ සේවකයන් කළ මෙම ක්‍රියාවට දඬුවම අවම වසර 10කි. මෙය පළමු අවස්ථාව නම් මාස 3ක් සිරදඬුවම් මීට පෙරත් කර තිබේ නම් 10 වසරක්... වනයේ ජීවත්වන වන සිවුපාවුන් පරිසරය විනාශ කිරීමට දඬුවම මරණ දඬුවමට සමාන විය යුතු නොවේද?

:       0       21

Vithana Friday, 23 July 2021 05:15 AM

ඊළඟට අපිට යන්න වෙන්නේ වැදි යුගයට තමයි. මේ බඩු මිලේ හැටියට කැලේ වැදිලා දඩයම් කරගෙන තමයි කන්න වෙන්නේ. නැත්නම් බල්ලෝ, ගැරඬි වගේ චීන කෑම හොයන් කන්න වෙනවා. එතනට තමයි මේ රට අරගෙන යන්නේ මේ ආණ්ඩුව...

:       5       46

Raveendra Friday, 23 July 2021 07:01 AM

දවස අරඹන විටම දුටුවේ අවජාතක කලකන්නින්ගේ අධම ක්‍රියාවක් පිළිබද විස්තරයක්ය."මෙසේ අත්අඩංගුවට ගෙන තිබුනේ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයකු හා කිරිබත්ගොඩ හා කරුවලගස්වැව පදිංචිකරුවන් තිදෙනෙකු බව වනජීවි නිලධාරින් පවසයි" ඇයි මේ "එකෙකුටවත්" නමක් ගමක් නැද්ද? ඇයි මේ කාලකන්නින්ගේ මූසල මුහුණු පල නොකරන්නේ? ඇයි මේ කැබ්රථයේ අංකය වසා තිබෙන්නේ? මළපොතේ අකුරක්වත් ඉගෙනනොගත් අපට මේවා ගැටලුය. නීතිවිරෝධී, සමාජ විරෝධී වැඩ කිරීමට හැකි නම් "නම් ගම් ප්‍රසිද්ධ කිරීමේ ඇති වැරැද්ද කුමක්ද" ? මේ අයට කැබ් රථය පාවිච්චි කිරීමට හැකි නම් එහි අංකය ප්‍රසිද්ධ කිරීමේ ඇති වැරැද්ද කුමක්ද? කරුණාකර මේ පිළිබඳව දන්නා කෙනෙකු සිටී නම් නූගත් අපව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටින්නෙමු....

:       1       73

ranjith Friday, 23 July 2021 07:08 AM

මේ අයට විලි ලැජ්ජාවක් නැති හැටි...

:       5       20

Rohana Friday, 23 July 2021 07:34 AM

දේශීය වෙදකමට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනයට සතුන්ගේ මාංශත් ගන්නවද?

:       11       43

C.K.Lankaputhra Friday, 23 July 2021 07:51 AM

සුලු කේස් එකක්නේ, යටගැහෙන කේසස් ගැන බලනකොට.... මේ රටේ මිනී මැරුම් වුණත් සමාව දිය හැකි වැරදිනේ... නීති කිපයක් එක රටක තියන එකම රට මේකයි.

:       1       32

ලුම්බිණි Friday, 23 July 2021 09:00 AM

අදාළ ඇමතිතුමා මේ ගැන ඉක්මනින්ම කටයුතු කරාවි. කලබල වෙන්න එපා.

:       11       16

Jagath Santha ........Arachchi kittuwa Friday, 23 July 2021 09:58 AM

මේ වාහනයේ අංකය නැද්ද? මේ අයගේ නම් නැද්ද?

:       20       32

සිසිල් සුදේශ් Friday, 23 July 2021 10:04 AM

ඇමතිගේ ගෝලයෙක් වෙන්න ඇති.

:       3       90

RaveendraFriday, 23 July 2021 05:18 PM

"ඇමැතිගේ" නොව මොන මළපෙරේතයාගේ පක්කලියන් වුණත් අපට අදාළ නැත. මෙම "කාලකන්නින්ට" උපරිම දඬුවම් ලැබේවා... මෙම අදහස් ඇමතියෙක් මෙම තුප්පහි වැඩේට "සම්බන්ධ නම්" ඒකාට මෙන්ම මෙම අයගේ අඹුදරුවන්ට කිසිඳු වෙනසකින් තොරව කියවීමට හැකි වේවා...!!!

:       29       54

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site