(සුජිත් හේවාජුලිගේ)
මංගල උත්සව සඳහා ලබාදී ඇති අවසරය අවභාවිතා කරන තත්වයක් පෙනෙන්නට තිබෙන බවත් මෙලෙස වගකීම් විරහිතව කටයුතු කළහොත් "මගුල් පොකුරු" ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
මගුල් උත්සව සඳහා සහභාගිවීමට ලබාදී ඇති එක සිය පනහේ උපරිම සීමාව ඉක්මවා යමින් කොළඹින් පිට පළාත්වල මංගල උත්සව පවත්වන බවට තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
තුන් වැනි කොවිඩ් රැල්ල ආරම්භ වූයේ අවුරුදු සමයේදී ජනතාව වගකීම් විරහිතව කටයුතු කළ නිසා බවත් එම තත්ත්වය සිහියේ තබාගෙන වගකීම් සහිතව කටයුතු කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් යුද හමුදාපතිවරයා පැවසුවේය .
කොළඹින් පිට ප්‍රදේශවල පවත්වන විවාහ මංගල උත්සව සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු සතුටුදායක නැතැයි පැවසූ ශවේන්ද්‍ර සිල්වා මහතා සමහරුන් අවසර සීමාව ඉක්මවා යමින් මංගල උත්සව පවත්වන බවද ප්‍රකාශ කළේය.
රජය සංචරණ සීමා ලිහිල් කර ඇත්තේ ජනතාවට උපරිම වශයෙන් සහන ලබාදීම සඳහා බවත් දෛනිකව ආසාදිතයන් එක් දහස් පන් සියය ඉක්මවා වාර්තා වන පසුබිමක ජනතාව වැඩි අවධානයකින් කටයුතු කිරීම වැදගත් බවත් හෙතෙම අවධාරණය කළේය .
කොවිඩ් පැතිරීම ගැන විවිධ වෛද්‍ය සංගම් අනතුරු අඟවා තිබෙන බව සඳහන් කළ හෙතෙම වයිරස ව්‍යාප්තියට ඉඩ නොතබා සති අන්තයේ වගකීමෙන් කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවදානමක් තියේ නම් මිනිස්සුන්ට කටින් කියලා හරියන්නේ නෑනේ... මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ... !!!
අවධානමක් තියෙනවා නම් වහාම දැඩි සීමා පනවන්න... අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා දැමීමෙන් ඵලක් නැහැ...
මගුල් පොකුරු විතරයිද මහත්තයෝ? ඇයි අර පාරවල් වලට බැහැලා තප්පුලන අම්බරු පොකුරු නැතෙයි...?
කියන කරන රජයක් සහ කියන දේ අහන මහජනතාවක්...
ඊට කළින් ගුරු ගුරු පොකුරු ඇතිවන පාටක් තියෙන්නේ...
ස්ටාලින් පොකුරත් බලාපොරොත්තු වන්න...
කවුරුන්ට නැතත් මෙතුමාගේ වචනයට රටම ගරු කරනු අැති...!
මහත්තයෝ, මගුල් පොකුරු වලට ඉස්සරවෙලා ගුරු පොකුරක් ඇතිවෙන්න පුළුවන්. රට වටෙන්ම ආපු ගුරුවරු රට වටේටම බෙදලා දායි. මේ ගුරුවරුන්ගේ වැඩිහිටි අම්මලා, තාත්තලා ගෙවල් වල ඉන්නවා නම් ඒ අයට දෙවියන්ගේම පිහිටයි.
මොන මගුලක්ද කියලා තහනම් කරන්නයි තියෙන්නේ...